138/1F, Highlevel rd. Kottawa
Open until 10:00 PM
Superb Sri Lankan Chinese place to get delicious fried rice, kottu and curry pork, beef, seafood..
නසරානි බඩගින්නක ඉන්නෙකාට..
කටට රහට රයිසක්, කොත්තුවක් කන්න හිත ඇදෙනකොට
කොහොමද ඒකටම කියාපු.. ඔ්නම ජාතියකින් මස් මාළු තියෙන, ටොප් රයිස්, කොත්තු කඩයක් සෙට්වුනාම?
හප්පේ.. පැල් බැඳගෙන කෑවෙ ඈ.. පැල් බැඳගෙන.
ඒකත් මේ වෙන ගමනක් යන අතරෙ. කොහොමහරි පැයක විතර වෙලේ ඉඳන් මම යාළුවට කිය කිය හිටියෙ “පට්ට බඩගිනියි බං, කොහෙට හරි අල්ලපන් කන්න කියලා”. මේකා නෙවෙයි ඒ හැටි කණකට ගත්තෙ “හිටහන් හිටහන් සුප්පා ප්ලේස් එකක් තියෙනෝ. මං එක්කගෙන යන්නං. ටිකක් ඉඳාන් කිය කිය ආවෙ”
ආයෙ ආවත් හරී..
කඩේට ගොඩවෙද්දි නම් ලොකු ගතියක් තිබ්බෙ නෑ. ඒත් කෑම ඔ්ඩරේ දාලා අතට ගනිද්දි!
වැඩිය ඔ්න නෑ, ඔ්පන් කිචන් එක. ඒකෙ කෑම හැදෙන දිහා බලාගෙන හිටියත් ඇති කටට කෙල උනනව.
කිව්වට විශ්වාස කරන්න යාළු, ඔන්න පහලින් තියෙනවා වෙජි චීස් කොත්තුවයි (රු. 320), පෝර්ක් කරියයි (රු. 280)..
මල්.. හතේ හතයි!
මෙයාලත් චීස් කිව්වට කොත්තුවට දාන්නෙ යෝගට්. හැබැයි මාර කොලිටි. මොකද චීස් වගේ සෙට්වෙනකම්ම යෝගට් ටික කලවම් කරනවනෙ. ඊටත් මදි නොකියන්න කැරට්, ලීක්ස්, මාළු මිරිස්, තක්කාලි අඩුම කුඩුම ටික දාලා, චිලී පේස්ට් එහෙමත් අපිට ඔ්න ගාන අහලා දාලා.. රොටි කෑලි ටික එලලා, තාච්චියෙ උඩ දාලා ගන්නවා ගින්දරේ ගෑවෙන්න නොගෑවෙන්න..
ඉතින් ටොපේ ටොප්.
වැඩේ කියන්නෙ ඒකටම කියාපු පෝර්ක් කරියත්නෙ.. බ්ලැක් පෝර්ක් නෙවෙයි, හැබැයි ඊටත් වැඩිය හොඳයි වගේ. මිරිස්, ගම්මිරිස් ටික ගාණටම දාලා බැදපු තුනපහ, සියඹලා, රම්පෙ කරපිංචා, ඉඟුරු සුදුලූණු ටික මදි නොකියන්න දාලා..
ඒ දාලා කොහොමද හොද්දත් තරමක් හිඳෙන්න තියලා ගත්තාම? කොත්තු නෙවෙයි පාන්, පරාටා, ගෝදම්බා මැරුවහැකි.
හැබැයි යාළුවා ගත්ත චිකන් කරි කොත්තුව (රු. 270) නම් ටිකක් නෝමල්. පට්ට, සුපිරි කියන්න තරම් රසක් නෑ. ටිකක් තෙත ගතියෙනුත් අඩුයි. හැබැයි හොදි දාලා ගත්තාම පංකාදුයි. කොහොමවුනත් ඒකෙ සැර නම් තිබ්බා ගාණටම වගේ ඈ..
ඒ සියල්ල කොහොමහරි ගෙඩිය පිටින්ම පරාදයි මික්ස් රයිස් (රු. 380) එකට.
බාස්මතී හාලෙ බත. හීනියට ලියපු කැරට්, ලීක්ස්, ගෝවා හොඳ හැටියට. තව බිත්තරයකුත් කැරලි වෙන්න. ඊට පස්සේ..
ගැඹුරු තෙලේ පදමට බැදපු පොඩි ඉස්සො, මාළු, පෝර්ක්, බීෆ්, චිකන්..
සමහර දවස්වලට ඔ්කට දැල්ලො, සොසේජස් එහෙමත් දානවලු. ඒකත් නිකම් නෙවෙයි ආයෙ සවලෙන් දානවා වගේ.. කන කන කටක් ගාණෙ මසක් මාළුවක්. හිතන්නකො ඉතින් ඒ වගේ රයිසක් එක්ක චිලිපේස්ට්, චොප්සි ගැලපිලා එද්දි..
ඉස්මුරුත්තාව නෙවෙයි, කෙලින්ම ඇඩ්මිට් වෙන්න වෙන්නෙ!
ඇයි මෙච්චර වෙලා නොකියපු වටිනම කාරණය..
බොරු නම් මෙයාලගෙන් එක පෝෂන් එකක් අරගෙන බලන්න යාලු, වගකීමෙන්… දෙන්නෙක්ට ඇති හැටියට කන්න පුලුවන් ඈ..
සත්තයි!
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Kottu Biriyani Rice And Curry Fried Rice Beef Pork Fried Chicken Fish Cuttlefish Parata Short Eats Hoppers Bites Roti
Ratings Breakdown
A great place to eat rice & curry and tasteful Sri Lanka…
Delicious Sri Lankan Chinese food and lot of meat varieties…
5/5
Disa
පට්ට! සුපිරි!
5/5
Disa
පට්ට! සුපිරි!
5/5
Disa
පට්ට! සුපිරි!