3/5

New Torrington Bakery

No. 85, Thimbirigasyaya Road, Colombo 05.


Despite the name, it's been around for a few years. However, it IS quite a good bakery.


තිඹිරිගස්යාය හන්දියෙන් හැරිලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවතට දාලා නාරහෙන්පිට පැත්තට යනකොට අලුතෙන් දාල තියෙන “නිව්" කෑම කඩ තොගයක්ම තියෙනවා. හැබැයි “නිව් ටොරිංටන් බේකරිය” ඒවායින් එකක් නෙමෙයි. කඩේ නමට “නිව්" කියල තිබුණට මේක අලුත් වෙලා තිබුනේ කොයි කාලේද කියල අපිත් හරියටම දන්නේ නෑ. මතක ඇති කාලෙක ඉඳල තියෙනවා කියල විතරයි දන්නේ.

තැන

තිඹිරිගස්යාය හන්දියයි, ජාවත්ත පාරයි අතරමැද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාවතේ තමයි මේ බේකරිය තියෙන්නේ. මේක හොයාගන්න බැරිවුනත් ඔයාලට තිම්බිරිගස්යාය Fab එක හොයාගන්න පුළුවන් වෙයි නේ. එකෙන් එහා පැත්තට පාර පැන්නම හරි. කෙලින්ම මෙතන තමයි අහුවෙන්නේ. ගස් සෙවනක කහපාට බිත්තියක් පෙනෙයි New Torrington Bakery කියල ක්‍රෝම් අකුරුවලින් ගහල.

ඇතුලේ තැන හොඳ පිරිසිදුවට තියෙනවා. එක පැත්තක බිත්තිය වීදුරුම හින්ද කිසිම කලුවරක් නැහැ. උස ලී මේසයක් ඒ පැත්තෙ තියෙනවා. තව හතරැස් මේස කිහිපයක් තියෙනවා හතර දෙනෙකුට වාඩි වෙන්න පුළුවන්.

කෑම

ටිකක් වෙනස් දේවල් කිහිපයක් ඇරෙන්න සාමාන්‍යයෙන් එදිනෙදා බේකරියක ගන්න පුළුවන් දේවල් තමයි මෙතනත් තියෙන්නෙ. ගානත් වැඩි වෙනසක් නැහැ. රු 35ත් 50ත් අතර වගේ ගණන්වලට තමයි ඔක්කොම. ඉතින් සාක්කුවේ බර වැඩිය අඩුකරගන්නෙ නැතුව කාල යන්න පුළුවන්. ඉතින් අපි දවල් 12ට ගියාම එතන තිබුණා හැම දෙයින්ම එක ගානේ ගත්ත.

මෙතන චිකන් බන්, චිකන් ඩ්‍රම්ස්ටික්, සොසේජ් පේස්ට්‍රි, සීනි සම්බල් බනිස්, මාළු රෝල්, මාළු පේස්ට්‍රි තියෙනවා. මාළු රෝල් එකයි ඩ්‍රම්ස්ටික් එකයි නං සුපර්මාර්කට් එකෙන් ගත්තුවා වගේ. සොසේජ් පේස්ට්‍රි එකත් හැමතැනම හම්බවෙන එකම තමයි.

එලවලු බනිස් එක නං නරක නැහැ, ඒවුනාට එළවළු බනිස් කිව්වට වැඩිය හොඳ ලීක්ස් බන් කියල කිව්වනං. චිකන් බන් එකත් නරක නැහැ හැබැයි ඒකත් වැඩිය හොඳ ළූණු බනිස් කියල කිව්වනං තමයි. ඒ වගේ තමයි මාළු පේස්ට්‍රියත්.

අර ටිකක් වෙනස් දේවල් තියෙනවා කිව්වනේ. මේකට කියල තිබුනේ කකුළු බනිස් එකක් කියල. හැබැයි වරදවා වටහා ගන්න එපා. කකුළු මස් නං මේකේ නැහැ. මේ කකුළු හැඩේට හදපු කිඹුල බනිස් එකක් විතරයි.

බුල්ස් අයි බන් එකෙන් උත්සහ කරලා තියෙන්නෙ බුල්ස් අයි ඔම්ලට් එකක් බනිස් ගෙඩියක් උඩට ගන්න වගේ දෙයක්. හැබැයි මේක නරක නැහැ. ගාණට සැහෙන්න වටිනවා. තව එකක් කියන්න ඕනේ. අපි මද්දහනේ ගියත් ඔක්කොම කෑම වගේ උණු උණුවේ තිබුණා.

අවසාන වශයෙන්

පොඩි පොඩි බේකරි බඩගින්නකට ටොරිංටන් බේකරිය නරක නැහැ. ගානත් අඩුයි. හොඳ කෙසේ වෙතත් නරකක් නං කියන්න බැහැ.


TIP

If you go around noon there'll be fresh baked stuff.

Address

No. 85, Thimbirigasyaya Road, Colombo 05.

Directions

If you're driving towards Narahenpita from Bamba, it's a little way past Calorie Counter and almost right opposite BreadTalk.

Contacts

Closed right now

Price Range

Less than 200

Cuisine

Bakery

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
2
Ambience Rating
2


Latest