High level road, Maharagama
Closed right now
'O Leaf' is one of the best restaurant in Maharagama serving up a range of delicious Sri Lankan, Chinese & Western cuisines at an affordable price.
ගිණි මද්දහනෙනෙ ඉතින්!
ලද අවසරයෙන්ම රෙස්ටුරන්ට් එකට රිංගුවෙත් ඒ නිසාමයි. ඇයි ඉතින් එළි පෙහෙලියෙ ඉන්න පුලුවන්ද කියන්නකො පිච්චි පිච්චි. ඊටත් උදේ ඉඳන්ම බඩගින්නෙ ඉඳල ඉඳලා.. බඩත් නිකම් කොරවෙලා වගේ. හැරත් කට්ටියට ලොකුවටම උවමනාව තිබ්බෙත් තොලකට තෙමා ගන්න සීතලට මොනවහරි බොන්නනෙ.
ඉතින්.. කලින් එහෙමත් ඇවිල්ල හුරුපුරුදු හෝටලයෙ, දෙවනි තට්ටුවට අපි කෙලින්ම ගියේ දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙනමයි.
ඒත් කොහෙද. ගිහිල්ල බලද්දිනෙ,
“හෑ.. මිනිස් පුලුටක්වත් නෑනෙ බං”
“ඒ.. වෙන්න බෑනෙ. දැං පල්ලෙහායින් කිව්වෙ උඩ ඇරල කියල”
ඒ අතරට කොහොමහරි තරූ දොර තල්ලු කලා.
“ආ.. ඇරල ඇරල. මේ තියෙන්නෙ. ආං.. අර ඇතුලෙ ඉන්නව චෙෆ්ද කොහෙදත්”
හරිනෙ. එච්චරනෙ වෙන්න ඕන.
එතනින් එහාට දෙවරක්ම නොහිතපු අපි, කෙලින්ම.. නිදහස්ම භෝජනාගාරයෙ, නිදහස්ම මුල්ලකට. ගිහිල්ල හිටං හෙමිහිට වාඩිවෙලා.. වටපිට බලද්දි තමයි හරියටම සිද්ධිය තේරුනේ.
ඇත්තටම ඒ ඉඳල තියෙන්නෙ චෙෆ් නම් තමයි. හැබැයි මුලු භෝජනාගාරෙටමත් එයා විතරමයි. මගෙ හිතේ.. රෙස්ටුරන්ට් එකට දැන් ඉස්සර තරම්..?
කොහොම කොහොමින් හරි හිනාමුසු මුහුනින් අපේ ලඟට ආපු චෙෆ් මිත්රය ගෙනාපු මෙනු දෙක බලපු අපි සනිකව ඕඩරේ දැම්ම. පැෂන් එකයි (රු. 240), කොමඩු එකයි (රු. 200). කෑමට මාළු රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 340), මොන්ගෝලියන් රයිස් එකයි (රු. 800). ඒ අතරට නිකම් ආසාවට වගේ ගෙන්න ගත්ත හොට්බටර් කට්ල්ෆිෂ් එකකුත් (රු. 850). ගෙන්න ගෙන.. ඒවා ලෑස්ති වෙනකම් තමයි වොෂ්රූම් පැත්තට ගිහිල්ල අතපය හෝදගෙන ආවෙ.
ඇවිල්ල ඉතින්.. දන්නැද්ද?
ඒ වෙද්දි මේසෙ උඩ තිබ්බෙ ජූස් 2. ගත්ත වෙනමම ආපු සීනි ටිකත්. අරගෙන දාලා.. හොඳහැටි පදම හදාගෙන ආයෙ උගුරට දෙකට ඈ..
ෂැහ්.. ෆ්රෙෂ්ම බඩු! තව අයිස් ටිකකුත් වැටුන නම්.. පංකාදු පහයි. අනික පළතුරුත් හොඳටම දාලනෙ. ඉතින් උකු ගතියත් හොඳ හැටියට.
වැඩේ කියන්නෙ ඒ බීලා ඉවරවෙලා..
මේසෙට ආපු රයිස් ඇන්ඩ් කරි එකත්නෙ. පිස්සු ඩබල් ඈ ඒකට නම්. සත්තයි මම ජීවිතේට බත් කඩයකින් පොලොස් කන්නෙ නෑ මොකද තැම්බිලා මදි නිසා. ඒත් මේකෙ? ආයෙ ගෙදර වගේ හොඳේ. කෙලින්ම කිරි රසයි, තුනපහ රසයි.. තකට තක. ඒ විතරක් නෙවෙයි මාළු ඇඹුල් තියලක් තිබ්බ, ඒකත් නොම්මර එකයි. ම්.. තුනපහ ටිකක් වැඩි වුනා නම් තව හොඳයි. හැබැයි කොළඹ කෙනෙක්ට නම් ගානම තමයි. ඔක්කොමත් හරි කොළ මැල්ලුම! යාළු.. මිශ්ර එකක් වෙන්න ඕන, කොහොමහරි මේං කියල අඩුවක් නෑ ඒකෙ. කොළ ටිකත් ගානට මැලවිලා, පොල් එහෙමත් පදමටම වැටිලා.. හප්පේ!
ආයෙ සෝයා තිබ්බ, ඒකත් නරකම නෑ.. රසත් හොඳයි. හැබැයි.. අර රසකාරක පැකට් දාලද කොහෙද, ඒ රසමයි එන්නෙ. පරිප්පුවත් ඉතින් හොඳයි මං කියන්නෙ, තව ටිකක් හිඳුන නම් වගේ. ඒකට බලන්න ඕන අඹ කරිය! ම්ම්.. පාන් ගෙඩියක් තිබ්බ නම්…
කියල වැඩක් නෑ ආ.. ඇඹුල් රසත් එක්ක නූලට සෙට් වෙන්න පැණි රසත් තියල.. ඒකට හොඳහැටි තුනපහ ටික දාලා, හොද්දත් ලාවට තියෙන්න හින්දල. ඉතින් ඒකත් එක්ක සැර කැපෙන්න බැදපු මිරිස් කරලකුත් ගැලපුනාම..
ආහ්.. කියන්න බැරි වුනානෙ මෙයාලගෙ කෙසෙල්මුව එක. හප්පට, ඒකත් නොම්මර එකයි ඈ.. තෙලට දාලා, කිරෙන් හදලද කොහෙද අමුතුම ගතියක් තියෙන්නෙ.
ඒක එහෙම කාගෙන යද්දි නිකම් ඇහැ දාපු මොන්ගෝලියන් එක!
එපමණයි, සදාවිශ්වාසයි. අවංකයෙන්ම රියල් මොංගෝලියන් යාළු, රියල්ම. හොඳ හැටි ලොකුවට එළවළු කෑලිත් දාලා, බිත්තරත් එක්ක, බැදපු මාළු, චිකන් අඩු පාඩුත්.. වැඩිය ඕන නෑ, චිලිපේස්ට් ටිකක් ගැලපුනා නම් ඇති.
ඔක්කොමත් හරි හොට්බටර් කටල්ෆිෂ් එකත් හරි කියන්න. මතක් වෙද්දිත් කටට කෙල උනන ගානයි. තඩි දැල්ලො කෑලි, ටොප් බැටර් එකක දවටල, ගැඹුරු තෙලේ පදමටම බැදල.. මාළු මිරිස්, ලීක්ස්, කෑලි මිරිස් එක්ක..
ආයෙ එහෙ බලල මෙහෙ බලද්දි වාශ්පයි. හ්ම්..
ඒ වගේම තමයි ඒක බයිට් එකකට වගේ නම්..
අතිශයින්ම වාශ්ප වෙයි!
මගෙහිතේ...
සිංහල හොට්බටර් කටල්ෆිෂ් එකත් හරි කියන්න. මතක් වෙද්දිත් කටට කෙල උනන ගානයි. තඩි දැල්ලො කෑලි, ටොප් බැටර් එකක දවටල, ගැඹුරු තෙලේ පදමටම බැදල.. මාළු මිරිස්, ලීක්ස්, කෑලි මිරිස් එක්ක..
සිංහල ඉතින්.. අවංකයෙන්ම, එතනින් එහාට මුකුත් නොකිය ඉන්නම්. හැබැයි ‘ඕලීෆ්’ මට්න් සබ් එකයි, චොක්ලට් මූස් එකයි නම් මිස් කරගන්න එපා ඔන්න. හොඳේ!
Closed right now
Cuisine
Western Fine Dining Chinese Italian Sri Lankan Thai Pub Food Sri Lankan Chinese Fast Food Fusion Bakery
Price Range
Dish Types
Noodles Eggs Meats Seafood Pasta Vegetarian Beverages Biriyani Rice And Curry Fried Rice Beef Pork Chicken Tandoori Fried Chicken Mutton Fish Fish And Chips Crab Cuttlefish Brownies Cakes Bready Burgers Sandwiches Submarines Coffee Iced Coffee Fruit Juice Milkshakes Alcoholic Bites Chocolate
Ratings Breakdown
Navro Beach is one of the most popular restaurants in Panadura…
Great place to have a delicious Sri Lankan buffet…
2/5
thilinasampath
Never order anything.
2/5
thilinasampath
Never order anything.
2/5
thilinasampath
Never order anything.