4/5

Oshella Homemade Goodness

Delivery


Oshella is a home cook who specializes in chocolatey desserts. Literally everything we tried was excellent, but her eclairs in particular were the best we've had in Colombo.


“තාරකත් යනව. අනේ මන්ද ඉතින්!

මගේ මේසෙ එහා පැත්තත් ලබන සතියෙ ඉඳන් පාළුයි…” මම හිටියෙ බර කල්පනාවක.

ඔය අතරෙ අපේ විශ්වි “ඒහ්! තඩිය, මේ… දැන් අපි හෙට පාර්ටියට ඉක්ලෙයාර්ස් ගෙන්නනවද නැත්නම් කේක් ගේනවද?”

“අහ්… ගේමු ගේමු. ඉක්ලෙයාර්ස් ගේමු”

“එහෙනම් මම ඕඩරේ දානව ඈ…”

“හා… එළ එළ”

කොහොම කොහොමින් හරි දවසෙ වැඩ ටික බැලන්ස් වෙලා පාර්ටිය පටන් ගන්නකොට හැන්දෑවෙ 6ටත් කිට්ටුයි. ඒකත් වාවන්න තිබුණ අපි එනකම් හිටිය නං. කොහෙද චින්තකයි මායි බයිට් ගේන්න ගියපු අතරට කලින් ගියපු උන්දල වැඩේ පටන් අරන් කියන්නකො.

අපිත් ඉතින් නිකම් හිටියෙ නෑ. චිස්… සද්දෙට බියර් කැඩිල වැඩේ පටන් ගත්තත් අපි නෙවෙයි සැලුණෙ. ගත්ත ඉක්ලෙයාර්ස් 2 ගාණෙ, අරගෙන පටන් ගත්ත රස බලන්න.

යම්ම්… මරු ආ! හැබැයි මට මතකයි ගිය අවුරුද්දෙ ඔෂෙල්ලා ගෙනාපු ඉක්ලෙයාර්ස් මීට වැඩිය රසට තිබුණ, අවංකයෙන්ම. මෙදා පාර මොකක් හරි අවුලක් ගිහින් තියෙනව. කමක් නැ, ඉක්ලෙයාර්ස්නෙ කියල මම එක පිට කටවල් 2, 3ක් කාගෙන ගියා. ආන්න එතකොට කියන්නකො වැඩේ තේරුණේ. මෙදා පාර මෙයා මැද්දට දාලා තියෙන ක්‍රීම් එකේ රස සෑහෙන්න මදි. අනික ක්‍රීම් ප්‍රමාණයත් මදි. හැබැයි ඉතින් උඩට දාලා තියෙන චොක්ලට්වල රස නම් එලෙසින්ම තිබුණ. ඒ වගේම තමයි බනිස් ගෙඩියත් පට්ට සොෆ්ට්.

ආ… ඒක නෙවෙයි, ඒ දවස්වල මෙයාලගෙ ඉක්ලෙයාර් එකක් රු. 120ට තිබ්බෙ. ඒත් දැන්! රු. 150ක්. හැබැයි අඩුම කෑලි 8ක්වත් ඕඩර් කරන්න ඕන නිසා කට්ටියත් එක්ක සෙට් වුනා නම් ගාණ බෙදිල යනව. අනික මෙයාල රු. 100-300 වගේ ගණන්වලට අපිට ඕන තැනට ඩිලිවරි කරලත් දෙනවනෙ.


TIP

The eclairs are a must-try

Address

Delivery

Contacts

Facebook

Open Pre-order (call anytime during the day)

Cuisine

Western

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sweets Brownies Cakes

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4


Latest