Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Paan 47

Pitakotte road, Thalawathugoda

  • Closed right now


A streetfood truck by Cafe 47.



ලැජ්ජාවක් නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නෙ!

අනේ මන්දා ඉතින්. එදා අර අච්චර සුවුත්තු වෙලා ‘රෝලින්ග් කිචන්’ එකේ කෑම.. ඊයෙත් ගියානෙ ගේම අත අරින්නෙ නැතුව, තව මොකක් හරි කඩයකින් ස්ට්‍රීට්ෆුඩ් පාරක් දාලා එන්න ඔ්න කියලා.

ඒකත් එසේ මෙසේ නෙවෙයි දඹ වැස්සෙ..

ගිහිල්ලා හිටං ඔන්න නතරවුනා..

පරණ වෑන් එකක් ලඟ තිබ්බ කලු ලෑල්ලක් ලඟ. රයිස්, කොත්තු, නූඩ්ල්ස්, බාබකියු, පනීනි, බර්ගර්, සබ්!

“ගුඩ් ඊව්නින් සර්. එන්න.. ඇතුලට එන්න. තෙමෙනෙවනෙ.

අපේ.. පෝර්ක්, චිකන්, සොසේජ්, ඉස්සො, දැල්ලො.. බාබකියු තියෙනවා, පනීනි තියෙනවා.. එතකොට.. රයිස් කොත්තුත් තියෙනවා”

“ආහ්.. නියමයිනෙ. ම්.. එනම්.. මට දෙන්න චිකන් රයිස් එකකුයි (රු. 350), බිත්තර රයිස් එකයි (රු. 250) , සොසේජ් බාබකියු එකකුයි (රු. 250), පෝර්ක් පනීනි (රු. 300) එකකුයි වගේ?. ගෙනිහින් කන්න හොඳේ”

“ඔ්කෙ සර්. වාඩි වෙන්න. විනාඩි 10ක් වගේ දෙන්නකො”

“ෂුවර්”

කිව්වත් වගේ විනාඩි 10ට පැක් ටික නම් ආවා. ආව අනික් පැත්තට ඉතින් ඒවා අරගෙන අපිත් ගෙදර ආවා. ඇවිල්ලා ඇරලා කරලා බැලින්නම්. හොඳ සයිස් චිකන් රයිස් එක. බිත්තරයක් එක්ක කැරට්, ලීක්ස් අඩුම කුඩුමත් දාලා.. කරි චිකන් කෑල්ලක් පොඩියට කඩලා, ෆ්‍රයි වෙන්න දාලා මික්ස් කරලා.. ආයෙ ටොප් කියන්නෙ, ටොපේ ටොප්. 

හැබැයි එකක්, රයිස් එකට තෙල් නම් වැඩියි දෙයියො!

ඒවුනාට.. බලන්න එපැයි එයාලම හදපු ගාලික් බ්‍රෙඩ් එකයි බාබකියු සොසේජ් එකයි. ඇත්තටම මරු ආ.. හොඳ ගාලික් පේස්ට් එකක්. මං හිතන්නෙ එයාලම සුදුළූණු තලලා හදලා වෙන්න ඔ්න. නෝමල් පාන් පෙත්තක් උඩින් ගාලා ටෝස්ට් කරලා. හිතන්නකො ඉතින් එහෙම එකක් එක්ක, පදමට සෝස් ගෑවිලා, වටේ ග්‍රිල් වෙලා, මැද සොෆ්ට් තියෙන්න හදාපු බාබකියු ජම්බො සොසේජ් එකක්?

කෑවා නෙවෙයි.. සොසේජ් එක බලාගෙන ඉඳිද්දි ඉවර වුනේ..

ඔක්කොමත් හරි අන්තිමට කාපු පනිනි එකත් හරි.

හැබැයි.. පනිනි කිව්වට ඒක රෝස්ට් පාන් සැන්ඩ්විච් එකක් වගේ. මොකද බටර් ගාලා, සැලඩ් කරලා ෆිලින්ග් එක හදල නෙවෙයි. නිකම්ම කරි පෝර්ක් තට්ටුවක් පාන් පෙති දෙකක් මැද්දට අතුරලා, ටෝස්ට් කරලා. ඒත් රස හොඳයිනෙ. අනික මස් කෑලි වලින් සෑහෙන්න තිබ්බත් එක්ක. 

හ්ම්..


Similar Places

See 1 Comment