Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Palmyrah (Hotel Renuka)

328, Hotel Renuka, Galle Road, Colombo 3


Palmyrah has long been one of the best places in the city for Sri Lankan food. They've expanded well into Western and Indian too, the food is great, and it's also a comfy, quiet, chilled space to dine at.



ලංකාවේ කෑමවලට කොළඹ තියෙන ඉහළ මට්ටමේ අවන්හල් ප්‍රමාණෙ ඇත්තටම මදි. චීන, ඉන්දියන් ආදී හෝටල් හැමතැනම තියෙන එකේ වැඩිය කව්රුවත් සිරාවට ලංකාවේ කෑම හදල දෙන්නැත්තෙ ඇයිද මන්ද. කොහොම නමුත් තියෙන කිහිපයෙන් පට්ට තැනක් තමයි රේණුකා හෝටලේ ‘පැල්මයිරා’ අවන්හල.

තැන

රේණුකා හෝටලේ තියෙන්නෙ කොල්ලුපිටියේ, ගාලු පාරේ මුහුද පැත්තෙ; 17ත් වැනි පටුමගයි, සෙල්ලමුත්තු මාවතයි මැද්දෙ. ලොබියට ඇතුළු වෙලා වම් පැත්තට හැරෙන්න. වම් පැත්තෙ කොනේම පල්ලෙහාට යන පඩිපෙළක් තියෙනවා. එකෙන් පල්ලෙහාට ගිහිල්ල කෙළින්ම යන්න. රෙස්ටෝරන්ට් එක එතනමයි.

ඇතුළේ ලස්සනයි, සැප පහසුයි. කුෂන් කරපු පුටු, හොඳට පොලිෂ් මේස, ඉඩකඩ, ආලෝකය ඔක්කොම තියෙනවා. හැබැයි මේ ඔක්කොමට වැඩිය ටොප් මෙතන වැඩකරන කට්ටිය. හොර බොරු කළේ නෑ අපිට. මොනා හරි චාටර් නං කෙළින්ම කිව්වා. (මසාල චායි එක වැඩක් නෑ. තේ බෑග් එකකින් හදන්නේ.) බීමවලට සීනි, අයිස් එහෙම ඕන ප්‍රමාණෙ ඇහුව. ඒ වේටර් මලයාගේ නම අහගත්ත නං අනිවා මෙතන ලියල දානවා. අහගන්න කලින් මාරුවෙලා ගියානේ. කමක් නෑ, කෑම ටික ගැන බලමුකෝ.

කෑම බීම

‘පැල්මයිරා’ එක ටිකක් ඉහළ මට්ටමේ හින්ද එක්කෙනෙකුට රු 1500 විතර යයි. මෙනුව ඉංග්‍රීසි කරන්න හදල නැහැ. ලංකාවේ නම් එහෙම්මම තියෙනවා, ඉංග්‍රීසියෙන් ඒව ගැන විස්තරයක් එකතු කරලා.

පටන් ගත්තේ මට්න් රෝල්ස්වලින්. මේවා මට්න් රෝල්ස් කියල නම ගහල ආවට රෝල්ස්වලට වැඩිය කට්ලට්වලට කිට්ටු කෑමක්. එළුමස්, පොඩි හැන්දක විතර ප්‍රමාණයක් වටේ පොඩිකරපු අල තට්ටුවක් දාල, ඒක පාන් කුඩුවල දවටලා බැදලා. එකක් දෙකට කැඩුවම මස්වල තුනපහ සුවඳ නියමෙට එනවා. මේකට සෝස් ඕන්නෑ, සීයක් විතර කන්න පුළුවන්. හැබැයි සීයක් කන්න ගියොත් විකිණෙනවා, මොකද රෝල් තුනකට රු.600 ගියා. අපි දෙන්න එක එක අරගෙන, අර වෙරළු ගෙඩිය හරි අටකට කැපුවා වගේ ඉතුරු වෙච්ච එක දෙකට කඩාගෙන කෑවේ සත්කුළුපව් විලාසෙන් අපි ඉන්න හින්ද. නැත්තං පැනල ඒකට වැඩේ දෙනවා.

අපි සැෆ්රන් රයිස් (රු.290), බීෆ් පාල් පෝරියල් (රු.790), අල පූරි (රු.400) ප්‍රධාන වේලට ඕඩර්  කළා. රයිස් එක සුපිරි. මේකට මිශ්‍ර කරලා එන බැදපු ළූණු සහ කරපිංචා කොළවලින් තවත් රසේ වැඩිවෙනවා. 

අල පූරි එක හුඟක් කිරි දාල උයල තිබුණේ. ඉතින් අපි හිතුවා හුඟක් දියාරු වෙලා ගිහිං ඇති කියල. අල හුඟක් මෙළෙක් වෙලා තිබුණා තමයි ඒ වුණාට හොඳ රසට තිබුණා. ඇත්තටම අපි මේක බත් එක්ක ගත්තු එක වැරදියි. තෝසේ එක්ක ඕඩර් කළා නං පට්ටට තියෙයි.

බීෆ් පෝරියල් එක තමයි හැබැයි තරඟයේ වීරයා. බීෆ් කෑලි මෙළෙක් වෙනකං උයල තිබුණ මේකෙ තුනපහ රස නියමෙට තිබුණා. වැඩිය සැර නැතුව හදල තිබුණ මේ බීෆ් එක, කෑල්ලක් කෑල්ලක් ගානේ තව කන්න හිතෙනවා. දීසියේ තුන් දෙනෙකුට විතර ඇතිවෙන්න ආපු හින්ද හොඳට ගියා.

බිමට අපි අයිස් කෝපි එකකුයි, ලයිම් ජූස් එකකුයි ගත්තා. අයිස් කෝපි එකට හොඳට කිරි සහ කෝපි දාල හදා තිබුණේ. ඕනේ නං අයිස් ක්‍රීම් හැන්දකුත් මේකට දාගන්න පුළුවන්. දෙහි එකනං නියම දෙහි. සීනි නොදා ඉල්ලපු හින්ද ඒක හොඳට තේරුණා.

අවසානයට

පොකට් එකේ සල්ලි තියෙන වෙලාවක අනිවා මේ පැත්තට ආයි එන්න අපි හිතාගත්ත. කෑම මරු හින්ද හෝ තැන සැප පහසු හින්ද විතරක් නෙමෙයි; ‘පැල්මයිරා’ එකේ කට්ටිය අපිව හොඳට බලාගත්තු හින්ද.

All Reviews

The good old Palmyrah is still consistent with their flavours.

Palmyrah is one of the places we 'd recommend twice over for their authentic food and great service.

Palmyrah has long been one of the best places in the city for Sri Lankan food. They've expanded well into Western and Indian too, the food is great, and it's also a comfy, quiet, chilled space to dine at.

Palmyrah has long been one of the best places in the city for - Sri Lankan food. A cuisine type which, quite bafflingly, is massively underrepresented in the capital of Sri Lanka.

සිංහල රේණුකා හොටෙල් එකේ පැල්මයිරා රෙස්ටොරන්ට් එක

සිංහල ලංකාවේ කෑමවලට කොළඹ තියෙන ඉහළ මට්ටමේ තැන් කිහිපයෙන් පට්ට තැනක් තමයි රේණුකා හෝටලේ ‘පැල්මයිරා’ අවන්හල.

සිංහල කොළඹ පුරවරයේ හොඳම දේශීය ආහාර පිරිනමන තැනක් කලක පටන් පිහිටා තිබෙනවා කොල්ලුපිටියේ රේනුකා හෝටලයේ. ඒ තමයි, පැල්මයිරා.

Address

328, Hotel Renuka, Galle Road, Colombo 3

Directions

Right on the Galle Road in Kollupitiya, on the corner of Sellamuttu Avenue, almost opposite Burger King. Once you walk into the Hotel, go straight in and take the staircase to the basement.

Contacts

E-Mail Website Facebook




Latest