Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Pasta King

Delivery only


Pasta with a Sri Lankan twist.



ගෙදර ඉන්න මේ දවස්වල ආස කෑම ජාති ළඟට ම ගෙන්නගන්න පුළුවන් වෙන එක ඉතින් සෑහෙන ලොකු දෙයක් නේ. ඕගොල්ලො ඉන්න තැනට ම පැස්ටා ගෙන්නගන්න පුළුවන් තැනක් තමා පැස්ටා කිං. මේගොල්ලො ඉන්නෙ නුගේගොඩ. අපි ඕඩරේ දැම්මෙ පික්මී ෆුඩ් එකෙන්.

කෑම

ශ්‍රී ලංකන් ට්විස්ට් එකක් එක්ක හදපු පැස්ටා තමයි මෙයාල ළඟ තියෙන්නේ. ජාති ගොඩක් නෑ. චිකන්, පෝක්, එග් තමා ප්‍රධාන වශයෙන්. අපි ගත්තා ස්පයිසි ඇන්ඩ් ක්‍රීමි බ්ලැක් පෝක් පැස්ටා එකයි (රු. 950), ක්‍රීමි චිකන් කරි පැස්ටා එකයි (රු. 750). දෙක ම ඩිලිවර් කරද්දි අතින් අල්ලන්නවත් බැරි තරම් උණු උණුවෙ තමයි ආවෙ.

මුලින් ම ක්‍රීමි චිකන් කරි පැස්ටා එක ගැන කිව්වොත්, මේකේ ක්‍රීමි ගතිය උපරිමයි. මොකද මෙයාල පැස්ටාවලට පාවිච්චි කරල තිබුණේ කරි බේස්ඩ් සෝස් එකක්. ඒක සෑහෙන උකුයි. ඒ වගේ ම කලින් කිව්වා වගේ ශ්‍රී ලංකන් ගතිය හොඳට ම තියනවා. මොකද සෝස් එකේ තිබුණ කරපිංචා, සේර වගේ කුළුබඩුවලින් සුවඳයි රසයි දෙක ම එකතු වෙලා තිබ්බා. පැස්ටා ටිකත් හොඳට තැම්බිලා මේ සෝස් එකේ දැවටිලා රහ වෙලා. චිකන් කෑලි පොඩි වුණත් කටට සුමුදුවට හොඳට කුක් වෙලා.

ඊළඟට ස්පයිසි ඇන්ඩ් ක්‍රීමි බ්ලැක් පෝක් පැස්ටා එක. මේ සෝස් එකට ස්පයිසි ගතිය එන්න ඉඟුරු, සියඹලා, තක්කාලි එහෙමත් පාවිච්චි කරල තිබුණා. ඒත් තව පොඩ්ඩක් කටට දැනෙන්න මිරිස් රහක් ගෑවුණා නං හොඳයි කියලත් හිතුණා. මොකද නමේ ‘ස්පයිසි’ කියල විශේෂයෙන් ම හඳුන්වලත් තියන නිසා. රහ අතින් ජාති දෙක ම ළඟින් ළඟින් යනව වගෙයි දැනුණේ. මේකෙ මේ උඩ හරියෙ පෝක් කෑලි ගොඩක් නෑ වගේ පෙනුණට අඩියෙ සුපුරුදු බ්ලැක් පෝක් රහට පුංචි පුංචි පෝක් කෑලි මහ ගොඩක් තිබුණා. 

අවසන් වශයෙන්

සමස්තයක් විදිහට ගත්තොත් පැස්ටා කිං එකේ ගණන් නං පොඩ්ඩක් සැරයි තමා. ඒත් ඉතින් පැස්ටා නේ. අනික අපේ ලංකාවෙ රහට නේ. ගෙන්නගෙන කාල බලල අපිටත් කියන්නකො.

 

Address

Delivery only

Contacts

Facebook

Report Inaccuracy

Cuisine

Italian

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Eggs Pasta Pork Chicken

Ratings Breakdown

Overall Rating
4

Similar Places

User Reviews
A
1

5/5

0

amrods

Generous portion size and fantastic flavour. Have tried different items several times and consistency is on point.

R
1

5/5

0

Raji boy

wow yummy food & Good service ❤❤❤👍👍👍

A
1

5/5

0

Azlan Sharif

Have tried their food several times… fantastic value for money and as promised they deliver Sri Lankan flavours with the goodness of authentic Italian pasta … creamy and spicy and not stingy with the meat which has a good meat to carb ratio… a must try…

A
1

5/5

0

amrods

Generous portion size and fantastic flavour. Have tried different items several times and consistency is on point.

R
1

5/5

0

Raji boy

wow yummy food & Good service ❤❤❤👍👍👍

A
1

5/5

0

Azlan Sharif

Have tried their food several times… fantastic value for money and as promised they deliver Sri Lankan flavours with the goodness of authentic Italian pasta … creamy and spicy and not stingy with the meat which has a good meat to carb ratio… a must try…

See 3 Comments