Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Peppercorn

Delivery only


A fried-rice centric cloud kitchen.



Peppercorn කියන්නේ ෆ්‍රයිඩ් රයිස් සීන් එකට බැහැලා ඉන්න ක්ලවුඩ් කිචන් ටයිප් එකේ තැනක්. මෙයාලගේ ඩයින්-ඉන් නැහැ. කෙළින් ම කෝල් කරලා හරි (0762899488) පික්මී ෆුඩ් හරහා හරි ඩිලිවරි කරගන්න පුළුවන්.

කෑම 

කිව්වත් වගේ මෙයාලගේ මෙනුවේ වැඩි ඉඩක් දීලා තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්, නාසි ගුරන්වලට. තව චිකන් බිරියානිත් තියෙනවා. මස් වර්ග විදියට තියෙන්නේ චිකන් විතරයි. චිකන් නොකන අයට බිත්තර, වෙජ් ඒවා ගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් ජාති එන්නේ එක්කෝ කීරි සම්බා හාලෙන් හදලා. නැත්තන් බාස්මතී හාලෙන්. හැබැයි අනිත් කෑම සේරම ජාති එන්නේ බාස්මතීවලින් විතරයි.

මේ තියෙන්නේ චිකන් නාසි ගුරන් (රු. 750). පොඩ්ඩක් ගාණ නම් වැඩියි. ඒත් දෙන්නෙක්ට කන්න පුළුවන් විදියේ රයිස් පෝෂන් එකක් ලැබෙනවා. ඒකත් එක්ක බැදපු බිත්තරේකුයි, චිලී පේස්ට් ටිකකුයි, චිකන් ඇන්ඩ් අන්නාසි ස්කෙවර් එකකුයි එනවා. 

මේ බත ටිකක් ස්පයිසි. තෙල් ගතියක් ලොකුවට ඇත්තෙත් නැහැ. ලොකුවට කපපු කැරට් කෑලි, සුදු ලූණු, ලූණු කොළ එහෙම හොඳට දාලා තිබුණා. රස හොඳ වුණාට මේක හරි ම නාසි ගුරන් රස නෙවෙයි. අනික ස්කෙවර් එකේ අමුණලා තිබුණ චිකන් එකෙත් වැඩි රසක් නැහැ. ලුණු, ගම්මිරිසුත් හොරට වගේ තමයි වැටිලා තිබුණේ. හැබැයි අන්නාසි කෑල්ලේ එන ඇඹුලයි, චිලී පේස්ට්වල සැරයි එකතු වුණා ම බයිට් එකට වුණත් සුදුසු බතක්. 

චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු. 400) එක නම් ක්ලැසික් රහට හදපු එකක්. අපි ගත්තේ කීරි සම්බා වර්ෂන් එක. බතයි, චිලී පේස්ට් ටිකයි, ඩෙවිල්ඩ් චිකන් පෝෂන් එකයි තමයි මේකට එන්නේ.

මේකෙත් කැරට්, ලූණු කොළ හොඳට දාලා තිබුණා. බතේ සීසනින් එකත් වරදක් නැහැ. අනික ඩෙවිල්ඩ් චිකන් එකෙන් එන ස්වීට්, ස්පයිසි රසත් එක්ක ගැලපෙනකොට තවත් මරු. හැබැයි තව පොඩ්ඩක් චිකන් වැඩිපුර වැටුණා නම් තමයි වටින්නේ.

අවසාන වශයෙන් 

සිම්පල් ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න මේක හොඳ තැනක්. අනික හයිලෙවල් අවට ගොඩක් තැන්වලට මේ කට්ටිය ඩිලිවරි කරනවනේ!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment