Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Pizza Napolitana

120 route, Pepiliyana Rd, Boralesgomuwa

Get it delivered on Pickme Food

A great little place on Piliyandala - Horana Road serving up some delicious thin crust pizza from a wood-fired oven.



පොඩ්ඩ ඉඩ දුන්න ගමන් ඉතින්..
දන්නෙ නැද්ද, අපිත් යනවනෙ රවුමක් ගහලා එන්න හිතන්..

ම්.. ඒ යන අතර මගක තමා යාලු මතක් වුනේ,

කාලෙකින් නොකාපු

කන්න ආසාවෙන්ම හිටපු
පීසා ටිකක් බඩට දාගන්න!

ඉතින්.. ගමනෙ ඉන්න ගමන්ම බැලුවා ගූගල් සර්ච් කරලා ‘ලඟම කොහෙද පීසා තියෙන්නේ..?” කියලා.

බැලින්නම්.. මෙන්න බොලේ කිලෝමීටර 4 දුරින්.. ‘නැපොලිටානා’

“ඒහ්.. ප්ලේස් එකක් තියෙනෝ බං. මේ ගැම්මටම, යන ගමනෙ ඔ්ඩරේ දාගෙන යමුද? එතකොට එන ගමන් අරගෙන එන්න පුලුවන්නෙ”
“හප්පට.. සිරාවට? යමු යමු. උඹ පාර කියාංකො”

එක පයින්ම යාලුවගෙ පැත්තෙනුත් වැඩේ කන්ෆර්ම් වුන නිසා.. මම පික්මි මල්ලිට පාර කියලා, අදාල තැනට ගියා. ගිහිල්ලා වීදුරුවෙ අලවලා තිබ්බ මෙනුවෙන්ම බලලා ඔ්ඩරෙත් දැම්මා. දාලා, යන්න ගියපු ගමනත් ගිහිල්ලා.. එන අතරෙ, පීසා ටිකත් අරගෙන කෙලින්ම ගෙදරට.

කාඩ්බෝඩ් පෙට්ටියෙ ගෙනාවට මොකද ඒවයෙ රස්නෙ නම් අඩුවක්ම නැති ගානයි. අර එකම අවුල තිබ්බෙ ගෙදරත් පීසා වලට හරියන සෝස් එකක් තිබ්බෙ නෑ, එයාලා දීලා තිබ්බෙත් එම්ඩී. සෝස්..

ගැලපෙන්නෙම නෑනෙ!

“හ්ම්.. කමක් නෑ. උණු උණු භාණ්ඩෙ නිකම්ම කනවා.”

තීරණයට ආපු දෙන්නා..

ඉස් ඉස්සෙල්ලාම කියලා වැඩ ඇල්ලුවා පෙපරෝනි, බේකන් එකෙන් (රු. 800). 

හප්පේ.. මල් හතයි ඈ! කාලෙකින් නිසාම කියන්නත් බෑ. මොකද හොඳහැටි පෙපරෝනි, පොඩි පොඩි බේකන් කෑලිත් දාලා. ඊටත් පදමට වුඩ් ෆ්‍රයි වෙලා සහ තක්කාලි, මොසරැල්ලා බේස් එක වැහෙන නොවැහෙන ගානට පිරිලාත් එක්කනෙ. ඒ අතරට.. නයිමිරිස් පොඩ්ඩකුත් දාලා, ඉතින් පංකාදුවට ශ්‍රී ලංකන් රස! හැබැයී.. එකක් කියන්න ඔ්න. පීසා රොටිය නම් ටිකක් ඝනකම වැඩියි වගේ. අන්තිම හරිය කනකොට තනිකරම ‘බනිස්’,

හ්ම්..

අල්ලපු වැටේ තිබ්බ මීට් ලවර්ස් එකේ (රු. 875).. බනිස එලෙස තිබ්බට, ඒ ගතිය යට යන්න.. මදි නොකියන්න මස් දාලා. හීනි චිකන් තීරු, සොසේජස්, පෝර්ක්, බීෆ්..

ඒ විතරක් නම් බැරියැ, ටොමැටෝ, මොසරැල්ලා බේස් එකත් නොම්මර එකට. උඩින් දාපු ලූණු, තක්කාලි, නයි මිරිස් ටිකත් එකතු වෙලා, වුඩ් ෆ්‍රයි පදමත් ගැලපුනාම එන රස!

හිතාගන්නකො ඈ..

ම්.. ඒ මීට් පීසා එක එහෙම වුනාට මාගරිටා එක (රු. 500) නම්..?

ප්‍රධානම දේ ඒකෙ බැසිල් කොල නෑ. ඒකත් අවුලක් නෑ, තක්කාලි පෙති දාලානෙ උඩට. ඉතින් අර මාගරිටා රස, ටොමැටෝ බේස් සහ මොසරැල්ලා පදමෙන් එන… ටිකක් අවුල් ගිහින් යාළු!

අන්න ඒකට චිකන් සොසේජ් පීසා එක (රු. 700)!

නොම්මර එකයි ඈ.. ඒකෙ චීස් රසත් ටොප් එකට. තක්කාලි රස පදමත් හොඳ හැටියට. ඔක්කොමත් හරි ලාවට වුඩ් ෆ්‍රයි වුනු සොසේජ් කෑලි තොගේ..

හප්පා.. නයි මිරිස් සැරත් ගැලපුනාම මල් හතයි!

Address

120 route, Pepiliyana Rd, Boralesgomuwa

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Italian

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pizza

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
5
Ambience Rating
3

Similar Places

User Reviews
C
1

5/5

0

ChamaraSen

This is by far the best Neapolitan Pizza i have had here in Sri Lanka. After being in Italy for a good time of my life and being a foodie myself I just have to say that the taste of Pizza Napoletana is a treat. Try out their Margaretha and Pepperoni Pizzas if you are around Boralesgamuwa Area. They wont dissapoint you.

C
1

5/5

0

ChamaraSen

This is by far the best Neapolitan Pizza i have had here in Sri Lanka. After being in Italy for a good time of my life and being a foodie myself I just have to say that the taste of Pizza Napoletana is a treat. Try out their Margaretha and Pepperoni Pizzas if you are around Boralesgamuwa Area. They wont dissapoint you.

Avatar for Ayani
1

5/5

1

Ayani

Yummmmy pizza!!! The toppings were very fresh and so delicious…

A
1

5/5

0

amiladesilva

Great pizza and good people. Can easily recommend this place for a thin crust pizza fix.

M
1

5/5

1

marlin

The pizza here is a blessing for any pizzaholic.

See 8 Comments