Artwork for New PickMe Flash banner 18 May 2021
Artwork for Chutiduwa top banners - new gifs
Artwork for PMF Free delivery campaign Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Pooja Indian Food

Madiwela road, Thalawathugoda


Not a better place to have Indian food...



කාලෙකට පස්සෙ හැන්දෑව අල්ලලා පොඩි වැස්සක් ගියානෙ. ඉතින්... ඒ වැස්සෙ සිතලයි, සීතල හැන්දෑවලටයි තිබ්බ අතීතයක් මතක් වෙලා... ඒ එක්කම වගේ හිතුණා උණු උණු තෝසෙ පාරක් දාන්න යන්න. ඒකත් හොඳ තරු පන්තියෙ තැනකින් නෙවෙයි, සයිවර් ප්ලේස් එකකින්.

හැබැයි එහෙමයි කියලා වෙලාවෙ හැටියට ලොකු දුරක් යන්න පුලුවන් කමක් තිබ්බෙත් නෑ. ඒ නිසාම... ළඟ පාතින් හොයලා හොයලා ඔන්න හොයාගත්තා ප්ලේස් එකක්.

‘පූජා ඉන්ඩියන්’ තියෙන්නෙ තලවතුගොඩ හංදියෙන් වැලිපාරට හැරෙන්න ඔහොම මෙහෙම. ඇත්තම කිව්වොත් තැන ගැන කලින් ඉඳන්ම දැනගෙන හිටියා. ඒත්...

ම්... ඉන්නකො කතාවම කියන්න!

කොහොම හරි ඔන්න හරි හරියට පික්මියක් දාගෙන ගෙදරටම, මම ඇද්දා සනික අදාළ ප්ලේස් එකට. ඇදලා... බැලින්නම් දොර ළඟට එනකම්ම පෝලිම. මොකද එයාලා මේ දවස්වල ඩයිනින්ග් දෙන්නෙ නෑ. ටේකවේ විතරයි. ඉතින්... නිකම් බොරුවට මොකටද වීල් එක රස්තියාදු කරන්නෙ කියලා, මම එයාගෙ සල්ලිත් බේරලා ඔන්න ගියා ඇතුළට. ගිහිල්ල හිටං මේසෙ උඩ අලවලා තිබ්බ මෙනුව බලලා, තෝරගත්තු ටික මැසේජ් එකකින් ගහගෙන පෝලිමට. විනාඩි 10-15ක් යන්න ඇති... ඔන්න මගේ චාන්ස් එක!

“චිකන් බිරි...”

“බිරියානි මුකුත් නෑ අද”

“හෑ... හප්පා... ෆ්‍රයිඩ්රයිස් තියෙනවද?”

“ඔව්”

“ඒනම් චිකන් රයිස් එකයි (රු. 350), බිත්තර චීස් කොත්තුවයි (රු. 380), චිකන් කරියයි (රු. 180), කඩල කරියයි (රු. 130), බිත්තර චීස් තෝසෙ එකයි (රු. 550). ආහ්... උලුඳු වඩේ 3කුත් (එකක් රු. 80) ඕන”

“හරි. විනාඩි 15-20ක් යයී...”

“ආ... හරි හරි කමක් නෑ”

ඉඳලා ඉඳලා ඉතින් ඒ විදියට දුන්නු කෑම ටිකත් අරගෙන මම ආවා ගෙදර. ඇවිල්ලා හිටං ලස්සනට පිළිවෙළට පිඟන්, දීසි ටිකකට කෑම ටික දාලා ඔන්න කට්ටියත් එක්කම...

මුලින්ම රයිස් එකෙන් කටක් දෙකක්.

ෂ...ප්පේ... පම්ක්කාදුයි!

තන්දුරි කියලා නිකම් රතුපාටට කලරින් දාපු චිකන් කකුලක්... ඩීප් ෆ්‍රයි කරලා, නෝමල් සම්බා එග් ෆ්‍රයිඩ්රයිස් එකක් මැදින් තියලා. ඒකත් අවුලක් නෑ අඩුම තරමෙ රයිස් කන්න චොප්සි, චිලිපේස්ට් ටිකක්? ඒවත් නෑ. බතත් නිකම් කලින් හදලා තියලා රත් කරලා දීලාද මන්දා...

වැඩක් නෑ...ම හොඳේ.

ඒ අවුල මැකෙන්න කියලා ඊට පස්සෙ මම කෑවා වඩේ කෑල්ලක් එක්ක සම්බල්.

මොන...

අනේ උළුඳු කන් හැන්දෙන් දාලාද මන්දා රසක් තියා සුවඳක්වත් නෑ. ඊටත් ලූනු කෑලි ටිකක් තිබ්බ එච්චරයි. හැබැයි වඩේ එක ‘සුපිරිම, නැවුම්ම නැවුම් තෙලෙන්...’ තමයි බැදලා තිබ්බෙ.

හී...

ආයෙ ඉතින් අනිත්වා ගැන මොන බලාපොරොත්තුද කියලා... ඔන්න ඔහෙ බෙදාගත්තා චීස්, බිත්තර තෝසෙ කෑල්ලකුත්. බෙදාගෙන, කටයි දෙකයි තුනයි. හෑ... අඩේහ් ඒක ටිකක් හොඳයිනෙ. ගොඩක්ම චීස් දාලා නම් නෑ. ඒත් බිත්තරයකුත් දාලා නිසා රස පදම හොඳයි. හැරත් හොඳහැටි මසාලා, කුලුබඩු අඩුම කුඩුම දාලා හදපු කඩල කරියත් එක්ක... ටොපේ ටොප් හොඳේ. 

ආහ්... ඒ විතරක් නෙවෙයි, තෝසෙ එක ලෙසටම නැගලා ගියා කියන්නකො මසාලා රසට හැදුණ චිකන් කරියත් එක්ක. අනේ මන්දා මටත් නිකම් හිතාගන්න බැරිවුණා ඒකට. ඇයි අප්පා කවුද කන්නෙ තෝසෙ එක්ක චිකන්... මං හිතන්නෙ අර චීස්, බිත්තර රසත් එක්ක මිරිස් හොද්දයි ගැලපුණේ, හ්ම්...

කොහොමහරි ඒ හොද්ද පංකාදුවටම සෙට්වුණේ බිත්තර චීස් කොත්තුවට. ඒත්... ඒ චීස් කොත්තුවෙ චීස් සෙපරේට්නෙ.

හී...හ් හිහ්!

ඔන්න බලන්න ෆොටෝ එක. බිත්තර කොත්තුව මැදින් චීස් කෑලි 2-3ක් තියලා...

යකාගෙ චීස් කොත්තු තමයි.

රෙද්ද, කෑමත් එක්ක එපා වෙනව ඉතින්...!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment