Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Pot Biriyani (Pelawatta)

3rd Lane, Asiri Uyana, Pelawatte


Delicious Pot Biriyani for takeaway or delivery. Well presented and generous biriyani, among other things.



මේ පාර රාමසාන් දවසෙ බිරියානි කන්න බැරිවෙච්ච නිසා.. 

හිතේ හරිම අඩුවක්! හැරත් ඒක බඩටත් දැනෙනවා හොඳ හැටියට. 

මොකද කරන්නේ.. එහෙ මෙහෙ යන්නත් බෑ. අනික රාමසාන් යාළුවො හිටියට මේ දවස්වල කතාබහ කරලා ගෙවල්වලට ගොඩවෙන්නත් බෑනෙ.

කොහොමහරි ඔ්කම කල්පනා කරලා දවස් 2, 3ක් වෙද්දි මට නිකම් පිස්සු වගේ..

“බිරියානි.. බිරියානි.. 

මොකද කරන්නේ..!”

තනියම කියවන ගානටම සෙට්වෙලා. ඒ අතරෙ තමයි මම වෙන වැඩකට ගූගල් මැප් එකේ කරක් ගහන්න පටන් ගත්තෙ. ඔහොම කරක් ගහගෙන යනකොට.. පැළවත්ත හරියෙදි මෙන්න පෙන්නවා..

‘පොට් බිරියානි’!

හෑ.. පැලවත්තෙ පොට් බිරියානි?

වැඩ ඔක්කෝම පැත්තක..

සනික ගත්තා ෆෝන් එක අතට, ගැහුවා කෝල් එකක් අදාළ තැනට. ගහලා කතා කරලා බැලින්නම්.. වැඩේ හරි කියන්නකො. හැබැයි මට්න්, බීෆ්, ඉස්සො, සීෆුඩ් බිරියානි ගන්න නම් කලින් කියන්න ඔ්නලු. මොක මේ දවස්වල තත්වෙත් අවුල්නෙ. ඉතින් එයාලා හදල තියන්නෙ නෑලු. ඒත් චිකන් බිරියානි දෙන්නම් කිව්වා මසාලා චිකන් එක්ක. (රු. 2700)

ආයෙ ඒ මදෑ.. මේ වැලේ වැල් නැතුව හිටපු මනුස්සයට. දැම්ම හැරෙන තැපෑලෙන්ම ඔ්ඩරයත්.

දාලා.. අරගන්න ගියේ පැයකට විතර පස්සෙ. ගිහිල්ලා හිටං තඩි මැටි ඇතිලියයි, පොඩි පොඩි බෝල් වලට දාලා දුන්න මොනවදෝ හොදි අනං මනං සියල්ලමයිත් ඔන්න අරගෙන ආවා.

ඇවිල්ලා.. දිග ඇරලා.. පිඟානකටත් එහෙම බෙදලා ගත්තා..

ඒත් කොහෙද? ඇතිලියට දැනිලාවත් නෑ කියන්නකො. 4 දෙනාගෙ පැක් එක කිව්වට ඒක 6 දෙනෙක්ට විතර පැහැදිලිවම කන්න පුලුවන්. ඒ තරමට සයිස් හොඳේ. අර වැඩේ වුනේ එයාලගෙ අඩුම තිබ්බෙත් ඒ පැක් එකනෙ. තනි පැක් තිබ්බා නම් මරු. ඒනම් දෙන්නෙක්ට නියම ගානට..

ඒක නෙවෙයි වැඩේ, සම්බා හාලෙ බතට චිකන් ඔක්කොම දාලා, බිරියානි මික්ස්, කුළුබඩු අඩුම කුඩුම සියල්ලමත් නූලටම දාලා.. ස්ටොක් එකෙන්ම තැම්බෙන විදියට තමයි හදල තිබ්බෙ. ඊට පස්සේ.. පංකාදුවටම, මසට මසාලා රස අල්ලන්න පදම් කරලා, ෆ්‍රයි කරපු කුකුල් බාගෙ. 4ට කපලා තිබ්බට මොකද බතෙත් අඟලක් අඟලක් නෑර චිකන් නිසා..

කෑදර කමට කෑවා මිසක් නැත්නම් කා ගන්න බෑ දෙයියො!

වෙලාවට සපෝට් එකට සාමාන්‍ය රසක් තියෙන ග්‍රීන්පීස් කරියකුයි, ටොපේ ටොප් රයිතා එකකුයි තිබ්බෙ. ආහ්.. ඒක නෙවෙයි මේ.. උම්බලකඩ සම්බෝලයකුත් තිබ්බනෙ මරේ මරු. හැබැයි මම හිතින් හිතාගෙන ඉඳපු, තම්බල බැදපු බිත්තර නෑ. අන්න ඒකට පොඩි දුකක් ආවා..

කොහොමහරි කෑවා නෙවෙයි, පැල් බැඳගෙන..

ඉස්මුරුත්තාවටත් ඉස්මුරුත්තාව එනකම්ම දෙසුවා, හ්ම්..!

Leave a comment



Latest