3/5

Pot Biriyani (Ratmalana)

102B, New Airport Rd, Dehiwala-Mount Lavinia

Get it delivered on Pickme Food

Recommend, Pot Biriyani for takeaway or delivery. Well presented and generous biriyani, among other things.


ගෙදරත් කවුරුත් නැති එකේ..

මං බැලුවෙ ගිහිල්ල කනවද? නැත්නම් ගෙනැල්ල කනවද කියල. ඒත් කොහෙද ඉතින්, ඒකටත් කවුරුත් නෑනෙ යාළුවෙක්වත්. තනියම කන්නත් කම්මැලියි..

මොකද කරන්නෙ කියල බලල හිටං මම ගැහුව කෝල් එකක් හොඳම යාළුවෙක්ට. ළඟපාත නම් නෙවෙයි, ටිකක් ගාලු පාර පැත්තට වෙන්න. මොකද මගෙ අයිඩියා එක තිබ්බෙත් බිරියානි පාරක් දාන්නනෙ. ම්ම්.. ඇත්තම කිව්වොත් කල්තියා තැනක් එහෙම බලල තමයි කාරිය මම වැඩේට බැස්සෙත්.

ඒත්.. කෝල් කරල බැලුවට පස්සෙ ආවෙ වැඩේ පොඩ්ඩක් ගැස්සෙන ගතියක්. මොකද එයාල ළඟ එදා, ජාති ඔක්කොගෙන්ම බිරියානි නෑලු. හැබැයි ඉතින් එහෙමයි කියල, එයාලා මාව අතරමං කලෙත් නෑ. රත්මලානෙ එයාලගෙම තැනට කතාකරල වැඩේ ඇරේන්ජ් කරල දුන්න.

ඊටපස්සෙ ඉතින් ආයෙ හැරෙන තැපෑලෙන්.. යාළුවත් ඕකේ වෙච්ච එකේ මම සනික ඇද්දෙ වීල් එකක් දාගෙන. ඇදල හිටං ඔන්න බිරියානි ටිකත් අරගෙන කෙලින්ම යාළුවගෙ ගෙදරට.

“හප්පේ.. උබ ආවැයි. එන්න එන්න.

වැඩේ කියන්නෙ අපේ ගෙදරත් කවුරුත් නෑනෙ බං. මේ ආච්චම්ම හින්ද මට කොහේවත් යන්නත් බෑ. ම්ම්.. මොකෝ කරන්නෙ. අපි ඉස්සෙල්ලා අර වැඩේට බැහැල ඉමුද?”

“එකෙන්ම එකෙන්ම. ආයෙ ඒක නැතුව කාලා වැඩකුත් නෑ. ලෑස්ති කරලැයි තියෙන්නෙ?”

“ඔව් ඔව්. යමං පිටිපස්සට..”

මිනිත්තු කිහිපයකට පසු…

බිත්ති බදාගෙන ආවෙ කෑම මේසෙට. ඇවිල්ල යාන්තම් ඇස් ඇරල බැලුව බිරියානි 2 (තන්දුරි චිකන් රු. 450, ස්පෙෂල් රු. 700) දිහා.

“මෙහ්, ඔය උබේ ඉස්සරහ තියෙන එක නෝමල්. මේක ස්පෙෂල්. එච්චරයි. ඕන එකකිං අරං, කහං”

කිව්ව..

ගත්ත හැන්ද, දාගත්ත අහුවෙන අහුවෙන එකෙන් පිඟානට, තොග ගණන්. දාගෙන පටන් ගත්ත දෙසාබාන්න..

එවෙලෙම, ආයෙ එවෙලෙම.. හරිම ඛේදනීය තත්වයක් යාළු.

මම බිරියානි ගත්තෙ දවල් 1ට විතරනෙ. හැබැයි මෙයාලා බිරියානි හදල තියෙන්නෙ නම් ඊට පැය ගාණකට කලින්. ඒක අහු වුණේ ෆ්‍රිජ් එකේ දාලා තියල රත් කරපු ගතියක් ගෙඩිය පිටින්ම තිබ්බ නිසා. හැබැයි ඉතින් එහෙමයි කියල රසේ නම් ලොකු අවුලක් නෑ. අර.. වතුර ගතිය ලාවට වගේ අල්ලල. එච්චරයි. ඒත් බිරියානි මික්ස් රසයි, කජු මුද්දරස්පලම් අඩුම කුඩුමයි, කුරුඳු, රම්පෙ කරපිංච පදමයි නම් ගානටම. අනික ඒ චිකන් පලුවත්.. ටොප් ආ! තන්දුරි චිකන් එකේ, තන්දුරි රස යට බැහැල වුණාට රෝස්ට් ගතිය නම් හොඳ හැටි තියෙනව. ඒ හැරුනාම අර මීකිරි ලූණු සම්බෝලෙයි, මොකක්දෝ තුනපහ රසින් අනූන ග්‍රෙවි එකකුයි, සීනි සම්බෝලයකුයි, ග්‍රීන්පීස් කරියකුයිත් තිබ්බනෙ. ඒකත් එක්ක අනාගත්තාම ඉතින් පංකාදු පහයි. විශේෂයෙන්ම ග්‍රීන්පීස් කරිය එහෙම හරිම රසයි. හොඳ හැටි කිරි දාලා හින්දල තියෙන්නෙ. සීනි සම්බෝලෙත් නරකම නෑ. හැබැයි බිරියානියට ලෙසටම ගැලෙපෙන්නෙ නම් අර ග්‍රෙවි එක. සත්තයි ඒකෙන් තව චුට්ටක් තිබ්බ නම්..

ස්පෙෂල් බිරියානි කිව්වට අනිත් එකේ වෙනස තිබ්බෙ චිකනේ එකේ විතරයි. ඉතිරි සියල්ල එලෙසමයි. හැබැයි ඒ වෙනස නම්, වෙනස.. උඩින් පෙනුනෙ නැති වුණාට, බත බාගෙට හිස්වෙද්දිනෙ.. මෙන්න මතුවෙනව, මහ විසාල! චිකන් පලුවක්. යාළු ඒක තනි චිකන් තයි එකක්. කරි රසයි, මසාලා රසයි පදමට තියෙන්න හදලා.. වැඩේ කියන්නෙ මසටත් තරමක් කුළුබඩු රස අල්ලල. ඒ නිසා කන්න කන්න ඉතින්.. තොලකට ලෙව කැවෙන්න!

හාවක් හූවක් නෑ දෙන්න ගිලිනව යමරෙට. ගිලල ගිලල හිටං කටු ටිකයි ඉතිරියයි දාලා මැම්බොට, ආයෙ ගියා අර වැඩේටම. ඇයි ඉතින් ගෙනාපු වටලප්පම් (රු. 50) 2 ෆ්‍රිජ් එකේනෙ. ඒක කන්න ජවය, බලය, ශක්තිය එපැයි.

හප්පේ.. ඒ පාර නම් අපස්මාරය වගේ. වටලප්පම් 2 කොහෙන් ගියාද නෑ. ඒකෙ තිබ්බ රස පදමත් එක්කයි, අපි ඉඳපු තත්වෙත් එක්කයි, ඒකෙන් බේසමක් තිබ්බත් කන ගානයි. ඒ කිව්වෙ සුපිරිම රසයි නෙවෙයි, පදම හොඳයි. තව.. කජු, මුද්දරස්පලම් ටිකක් එක්ක හොඳ හකුරු ටිකකුත් වැටුණ නම් බලන්න තිබ්බ! 

හ්ම්..

Address

102B, New Airport Rd, Dehiwala-Mount Lavinia

Contacts

Closed right now

Cuisine

Indian Sri Lankan

Price Range

Between Rs. 200 - Rs. 1000

Dish Types

Biriyani

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3


Latest