3/5

THE RE.PUB.LK

57, Hospital Street, 00100 Colombo, Sri Lanka


The RePubLk has come through steadily since they opened a few years go. The quality of their food and drinks have managed to stay the same, but somehow they aren't as great as they used to be.


කාලෙකට පස්සේ ඉස්කෝලේ ඉඳපු යාළුවො සෙට් එක මුණගැහුණ ම වෙලාව යනවා තේරෙන්නේ නැහැනේ. ඒ කාලේ කරපු කුපාඩි වැඩ ටික මතක් කර කර හිනාවෙන්න ගත්තා විතරයි. දන්නේ ම නැතුව හවස් වෙලා. ඩච් එක ඉස්සරහ ගල් බැංකු ටිකේ වාඩිවෙලා උන්නු අපට ඊළඟට කල්පනා කළේ පොඩි ඩ්‍රින්ක් එකක් ගන්න. ඒ නිසාමයි මේ කිට්ටුව තියෙන RE.PUB.LK දිහාට ගියේ.

වාතාවරණය

ඩච් හොස්පිටල් එකේ පිටිපස්සේ තියෙන RE.PUB.LK එකට අපි ගොඩවෙද්දී යාන්තම ට පහ පහුවුණා විතරයි.  පබ් එක ඇරලත් වැඩි ම වුණොත් විනාඩි දහ පහළොවක් ගිහින් ඇති. ඒ නිසා සෙනඟ හිටියේ හරි අඩුවෙන්. බිල්ඩිම දැක්ක ම මට මතක් වුණේ විසි ගණන්වල ගහපු ලංකාවේ පින්තූර කීපයක්. බිල්ඩිමේ පිට පැත්තේ වගේ ම ඇතුළතත් මේ ගතිය තිබුණා. විශේෂයෙන් ම මේකේ ඇතුළේ තියෙන ගඩොල් ඩිසයින් එකට තමයි අපට ගොඩක් ආස හිතුණේ.

අඩ අඳුරේ ගිලිච්ච පබ් එකේ ඇහෙන ළා මියුසික් එකත් රස විඳින ගමන් අපි කෙළවරේ තිබුණු කකුල් තුනේ උස පුටුවක වාඩි වුණා.

කෑම බීම

අපි ගත්ත “Blue Sky” (රු.750) එකේ තියෙන නිල් පාට මාර ම ගති. මේ නිල හදලා තිබුණේ බ්ලූ ක්‍යුරසාවෝවලින්. වොඩ්කා, රම් දාපු මේ කොක්ටේල් එකට සවර් රොක්ස් එහෙමත් එකතු කරලා තිබුණා. ඒ ඇඹුල් රසින් මේකට එන්නේ හරි අමුතු කික් එකක්.

කෝපි රසයි, ඇල්කොහොල් රසයි දෙකට ම කැමති අයට නියමෙට හරි යන්නේ “Mind Eraser” (රු.800) එක තමයි. අඩියේ තියෙන කොෆී ලිකර් සෑහෙන්න තිත්තයි. ඒ වුණාට රම් ටිකයි, උඩින් දියවෙලා එන වැනිලා අයිස්ක්‍රීම් ටිකයි එක්ක පෙවෙද්දී ඒ තිත්ත රස ගානට බැලන්ස් වෙනවා.

“Martini” (රු.800) එකේ තිබුණේ ජින් සහ චින්සානෝ. ජින්වලට අකමැති අයට මේක හරි යන්නේ නැහැ. මොකද මේකේ සැරට ම තියෙන්නේ ජින් රස.

බයිට් විදියට අපි ඕඩර් කළේ “පෑන් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස්” (රු.750) එකකුයි, “චිකන් හරියාලි ටික්කා” (රු.750) එකකුයි.

ෂහ්! බයිට් දෙක ම ආයේ කතා දෙකක් නැහැ සුපිරි. සෝස් දවටලා බැදපු තඩි ඉස්සෝ හත් අටදෙනෙක් ම මේ පෑන් ෆ්‍රයිඩ් ප්‍රෝන්ස් පිඟානේ හිටියා. කොක්ටේල්වල තියෙන සැර ගතිය යවාගන්න මේ ඉස්සෝ එක මරු. අනික පට්ට ග්‍රීන් චිලී සෝස් එකකුත් මේකත් එක්ක හම්බුනානෙ!

කොළ පාට දවටලා බැදපු චිකන් ටික්කා එකත් නියමයි. පිට පැත්තෙන් කරස් සද්දෙන් හැපුණට මොකද, මේ චිකන් ඇතුල් පැත්තෙන් හරි ම මෘදුයි. කටු නැති චිකන් කෑලි හත අටක් මේ පිඟානෙත් තිබුණා. මේකත් පිළිගැන්වුණේ අර රස ග්‍රීන් චිලී සෝස් එකත් එක්කමයි.

සර්විස් එක  

RE.PUB.LK එකේ සර්විස් එකත් සෑහෙන්න හොඳයි. කෑම බීම ගැන ඕනේ විස්තරයක් මේ කට්ටියගෙන් අහගන්න පුළුවන්. අනික කෑම බීමත් පටපට ගාලානේ මේසෙට එන්නේ. අපේ ඕඩරේ එන්න ගියේ විනාඩි පහළොවකටත් අඩු කාලයක්.

අවසාන වශයෙන්

සර්විස් චාර්ජ් එකයි, ටැක්ස් එකයි වැදුණ ම අපේ මුළු බිල ආවේ රුපියල් 4812ක්. වෙන ලොකු තැන් එක්ක සලකලා බැලුවම මේ ගාණ ශේප්. හවස් වරුවක ඇවිල්ලා, පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන රිලැක්ස් වෙන්න නම් මේක කියාපු තැන. බොරු නම් වෙලාවක ගිහින් බලන්නකෝ. ඔයාලට ම තේරේවි කතාව ඇත්ත වග.

Address

57, Hospital Street, 00100 Colombo, Sri Lanka

Directions

On Hospital Road (behind Dutch), where Browns used to be.

Contacts

Facebook

Open until 11:30 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Alcoholic Beer Cocktails Bites

Cuisine

Fusion

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
4


Latest