Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Round Island

20, Shady Grove Avenue, Castle Street, Colombo 08


Round Island is a new restaurant that serves some kickass Modha (AKA Barramundi/Asian Sea Bass) dishes!



ලංකාව මුහුදෙන් වටවෙච්ච දුපතක් වුණාට හොඳ, අලුත් මාළු කන්න අපි වෙන්න ඕන මහන්සිය නං කියල වැඩක් නැහැ. හැමතැනම චාටර් මාළු හරි චාටර් මාළුවලින් හදපු කෑම හරි තමයි තියෙන්නෙ. එහෙම කාලෙක මේ Round Island අය අලුත් මාළු ගෙනල්ල කරන්න හදන වැඩෙන් වෙනසක් කරන්න ඉඩ තියෙනවා.

තැන

බොරැල්ලේ කාසල් වීදියෙන් ඇතුලට යන්න තියෙන ශේඩි ග්‍රෝව් ඇවිනිව් එකේ මැද හරියේ වගේ තමයි තියෙන්නෙ. කොටා පාරෙනුත් ශේඩි ග්‍රෝව් ඇවිනිව් එකට එන්න පුළුවන්. මේක ගෙයක් රෙස්ටෝරන්ට් එකකට හරවලා තමයි තියෙන්නෙ. තාම හැබයි මේ අය හරියටම විවෘත කරලා නැහැ. ඉතින් හොඳටම පිට ඔපේ නං නැහැ. ඒ වුණාට පරණ තාලේ පුටු මේස එහෙම දාල තියෙනවා. ඉතින් ඉවර වුණාම කොහොමට තියෙයිද කියල අදහසක් ගන්න පුළුවන්. සම්පුර්ණ සේවක මණ්ඩලයක් නං දැනටමත් ඉන්න පාටක් පෙනුණා. මොකද වැඩි හරියක් කට්ටිය එළියට වෙලා වැඩක් නැතුව හිටිය වගේ පෙනුණ නිසා.

ගෙදර ආලින්දයේ පුටු මේස සෙට් කිහිපයක් තියල එළියේ කන්න තැනක් සකස් කරලා තියෙනවා. ඇතුළේ නං මේස දෙකකට ඉඩ යාන්තමින් ඇති. ඉඩ මදිවුනත් ඇතුලට ගියොත් කෑම හදන හැටි බලාගන්නත් පුළුවන්.

කෑම

අපි ගත්තේ Crumb Fried Modha (රු.670) එකකුයි, Poached Modha (රු.510) එකකුයි. Crumb fried Modha එකට ආවේ ටිකක් ලොකු මෝදා මාළු පෙත්තක් පිටි බැටර් එකක තවරලා, ඊට පස්සෙ පාන් කුඩුවල තවරලා ළාවට තෙලේ බැදලා අරගෙන. වැඩි දෙයක් නැහැ. ඒ වුනාට මේකේ රසේ නං ගොඩක් දේවල් තිබුණා. හොඳ අලුත්ම මාළු කියල පෙත්ත කෑලි කරපු ගමන් තේරෙනවා. එතන තමයි රහස. මාළු රස හොඳට දිවට දැනෙනවා. ඊට අමතරව ලාවට පිටි/පාන් කුඩු මිශ්‍රනේ රසයි, කටට කරස් ගාල හැපෙන ගතියයි දැනෙනකොට ෆුල් සිරා.

පෝච්ඩ් මෝදා එකත් එහෙමයි. පෝච් කරනවා කියන්නේ අඩු වතුර ප්‍රමාණයක, අඩු ගින්නේ තම්බන එකට. ඉතින් මාළු අලුත් නැත්තං මේකෙ කිසි රසක් නැහැ. හොඳ වෙලාවට මේ අය අලුත් මාළු පාවිච්චි කරන්නේ, නේද? මාළු පෙත්තේ ලස්සන වාගේම තමයි, රසත් හොඳට තිබුණා. අලුත් මාළුවල නියම රස බලන්න මේක හොඳ කෑමක්.

සාමාන්‍යයෙන් මෙහෙම කෑමක් එනකොට අපි ඒකත් එක්ක එන එළවළු ලස්සනට ආපුව කියල හිතාගෙන අමතක කරල දානවා. එත් මේ මාළු පිඟන් දෙකම එක්ක ආපු බටර් දාල ළාවට ලිපේ කර කරපු එලවළුයි. අල පොඩි කරපුවයි දෙක නං සුපිරි. මේවත් අලුත් එළවළු ඉතින් රස පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. තව ලෙමන් බටර් සහ ටාටාර් සෝස් පොඩි දීසි දෙකකුත් ආවා. ඒවත් නියමයි.

අවසානයට

අපි අහල බැලුවම මේ අය ඒගොල්ලන්ගෙම මාළු ඇතිකරලා තමයි මේ ගේන්නේ. ඉතින් හැමතිස්සෙම අලුත් මෝදා මාළු මෙතෙන තියෙනවා. මාළුම විකුණන කොටසකුත් මෙතන තියෙනවා. කිලෝ එක රු.1700 විතර. මාළු අරගෙන ගෙදර ගෙනිච්චත්, මෙතන ඉඳන් කෑවත්, මාළු රස කැමති අයට මෙතන නියම තැනක්.


TIP

They deliver fresh, uncooked Modha/Barramundi/Asian Sea Bass!

Address

20, Shady Grove Avenue, Castle Street, Colombo 08

Directions

Turn in to Shady Grove Avenue and head straight down.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Seafood Fish Fish And Chips

Cuisine

Fusion

Ratings Breakdown

Overall Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment