Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Sanmeel Restaurant

Kottawa


A good place to tasteful Sri Lanka Chinese.



රා ටිකත් පදමට වැදිලා... දෙන්න මග දිගට ආවෙ අම්බානක වතුර තිබහෙ. වැඩේ කියන්නෙ ඒ අතරට ප්‍රෙට්‍රල් ප්‍රශ්නයකුත් ආවනෙ. වම්පැත්තෙ ෂෙඩ් එකක් කියල බලබල ආවා… අන්තිමට හයිවේ කටේ තියල ඒකත් හම්බවුණේ.

“වෙලාව හොඳයි. නැත්තං ආපහු හරවගෙන යමංකො”

“ඔව් බං. ඒත් වතුර එකක් ගන්න බැරිවුණානෙ. මොකෝ කරන්නෙ?”

“ම්ම්… මං කියන්නං. තව විනාඩි 10-15 දුරනෙ බං. ඔන්න ඔහෙ යමං. කොට්ටාවෙන් එළියට දාල ම වතුර ටිකක් බොමු. මොනවහරි කන්නත් ඕන බං. පොඩි බඩගින්නකුත් අල්ලල තියෙන්නෙ ”

කතාවෙන් කතාව දෙන්න ඔන්න දැම්ම හයිවේ.

ගමන් මහන්සිය නිසාම මට මගදි නින්දකුත් ඇල්ලුව කියන්නකො.

“ඒ.. බුද්ධිය නැගිටපං, කොට්ටාවෙ.

මොකෝ බං කරන්නෙ?”

“අඩෙහ්!

මේ.. කන්න ම කොහෙට හරි අල්ලමු. වෙලාවත් තියෙනවනෙ බං. ඊටත් බඩගිනියි අම්බානක!”

“ඒනං... අර සැන්මීල් එකට අල්ලන්නද. වෙන ප්ලේස් එකක් නෑ බං මේ හරියෙ හරිහැටි.”

“ඒමද? මං නං දන්නෑ බං. උඹ කිව්ව කියන්නෙ ඉතින් කොහොමත් එළනෙ. යං යං එතනට යං”

කියල කටගන්න හම්බුනේ නෑ මෙන්න වාහනය අදාළ ස්ථානයෙ. බැලින්නං ඒක හයිවේ එන්ට්‍රන්ස් කිට්ටුව ම තියෙන්නෙ. අඩියට දෙකට බැහැපු මම කඩේට ගොඩවුණ සනික ඉල්ලුවෙ කූල් වතුර බෝතලයක්. ඊට පස්ස ළඟම තිබ්බ මේසෙන් වාඩිවෙලා ගොජ ගොජ ගාලා ගහල දැම්ම ඒකෙන් බාගෙකට කිට්ටු වෙන්න. පස්සෙ ඉතුරු බාගෙ යාළුවට දීලා… මේසෙට ආපු සේවක මල්ලිට කිව්ව මෙනුව ගේන්න කියල.

“හෑ… කිරි මාළු කොත්තු (රු. 400)? ඒ උබ මාර ප්ලේස් එකකටනෙ එක්කගෙන ඇවිල්ල තියෙන්නෙ. මං ගන්නව කිරිමාළු ඉඳිආප්ප කොත්තුවක්. ඒකයි... ගෙනියන්න පිට්ටු දෙකකුයි (රු. 200), චිකන් කරියකුයි (රු. 300). උබ මොනවැයි ගන්නෙ?”

“හ්ම්… මට රයිස් එකක් හොඳයි බං. මික්ස් රයිස් එකක් (රු. 600). ඒකයි ගෙනියන්න ලිවර් ඩෙවිල් එකකුයි (රු. 300)”

“මල්ලි ඒනං හරි නේ”

“හරි සර්. ඒත් පොඩි අවුලක් තියෙනව. ඉඳිආප්ප ඉවරයිනෙ. කොත්තුව නූල්ඩ්ස්වලින් දාන්නද?”

“ආ… එහෙමත් පුළුවන්ද?. එහෙනං එහෙම දාන්න”

ඕඩරේ දාලා ඉතින් දෙන්න කයියකට සෙට්වෙන්න, හැදුව විතරයි.. යාළුවට ආපි කියන්නකො ගෙදරින් කෝල් එකක්. බැලින්නම් ගෙදර මිනිස්සුත් කන්න බලාගෙනලු.

“මචං මං කියන්නං. ඔය දාන්න කියපු ටික ඔහොම්මම පාර්සල් දාමුද. වයිෆුයි පොඩි එකයිත් ඉන්නවලු බං කන්න බලාගෙන”

“හප්පට, සිරාවට... එළ එළ එකෙන්ම. එහෙම කිසිම අවුලක් නෑ. මාත් ගිහිල්ල ම කනව බං. ඒකත් හොඳයි. මොකද වොෂ් දාලා කරල එහෙම නිදහසේ කන්න පුළුවන්නෙ”

පස්සෙ ඉතින් කෑම ටිකත් අරගෙන ඔන්න යාළුව මාවත් දාගෙන ම ගෙදර ගියා.

සැහ්, ඊට පස්සෙනෙ. ගෙදරට කෑම ටික දීලා, ඒවා පිඟන්වලට දාලා… පටන් ගත්ත යාළු වැඩේ…

කිරිමාළු කොත්තු එක බස බස ගාලා නැගල ගියේ. හැබැයි මාර වැඩේ කියන්නෙ කිරිමාළු කිව්වට ඒක හරි සැරයිනෙ. මං කියන්නෙ වැරැද්දක් නෙවෙයි, බාග වෙලාවට ගම්මිරිස් එහෙම දාලා තියෙනව මදි නොකියන්න. ඒකත් එක්ක අමු මිරිස්, එතකොට නූඩ්ල්ස් එකට දාපු කැරට්, ලීක්ස්, කැරලි බිත්තර ටිකෙත් අමුතු ම ගතියක් තියෙනව. වැඩේ තිබ්බෙ දාපු මාළු කෑල්ල නම් පොඩි පාටයි. මොකද කොත්තුවටම හැපුණෙ පොඩි පොඩි මාළු කෑලි හය හතයි කියන්නකො. කොහොමහරි කොත්තුවෙ අවසානයට එළඹෙද්දි තමයි මට වැඩේ තේරුණේ. මෙයාලා කොත්තුව ගහන්න කිරිමාළු වගේම රස පාට ගන්න මිරිස් හොදිත් දාලා තියෙනව. ඒකයි ඒ සැර!

අන්න ඒකට චිකන් කරියයි පිට්ටු දෙකයි. ටොප් ආ… කෙළින්ම අතක් මහත මනිපිට්ටු. හොඳ ගාණට තැම්බිලා... උණුඋණු චිකන් හොදිත් එක්ක ඇනුණ කියන්නෙ පට්ට රසයි. ඇත්තටම ඒකට අල හොදි ටිකකුත් ගන්න තිබ්බෙ කියල එවෙලෙ තමයි මීටර් වුණේ. එහෙම වුණා නම්… සුපිරි කලවම. මොකද චිකන් හොද්දෙ සැර ගතියත් ලෙසටම තිබ්බනෙ. තඩි චිකන් කෑල්ලටත් හොඳ හැටි මිරිස් තුනපහ අල්ලල.

ඒ අතරට මම යාළුවටත් කෝල් එකක් ගැහුව නිකම් කාලා එහෙම ඉවර වෙලා. යාළුව කිව්ව විදියට රයිස් එකත් ටොප්ලු. හීනියට ලියල බැදපු චිකන් කෑලි තොගයක් එක්ක පොඩියට කපල බැදපු මාළු කෑලි, ඉස්සො, දැල්ලො එහෙමත් හොඳහැටි තිබ්බලු. අනික කැරට්, ලීක්ස්, බිත්තර එහෙමත් මදි නොකියන්නලු. ඒ වගේම තමයි රස පදම එන්න මොන මොනවහරි රසකාරකත් දාපු පාටයිලු.

අර… චිකන් ලිවර් ඩෙවිල් එක නම් ස්ටු රසට වගේ රයිස් එකටම ගැලපෙන්නම තිබ්බලු. ඒත් උණු නැති නිසා යාළුව ඒක ගෙදර ගිහිල්ල රත් කරල අරගෙන තිබ්බෙ. කොහොම වුණාම මොකද නේ.

ඇත්තටම ඉතින්… ඔය එක එක නොදන්න කඩවල්වලින් කනවට වැඩිය මේවගේ දන්න ප්ලේස් එකකින් කන එකත් හොඳයි. මොකටද නිකම් මේ අමාරු කාලෙ දැන දැන අමාරුවෙ වැටෙන්නෙ නේ!


TIP

Try Kirimalu Kottu
Leave a comment



Latest