Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

Sanora Restaurant

668 Battaramulla - Pannipitiya Rd, Battaramulla


To taste some delicious Sri Lankan Chinses & Sri Lankan food near Thalawathugoda, Sanora is highly recommended, but remember bit expensive restaurant!



ආයේ.. වහයිද? අරියිද කියන්න බෑනෙ. ඒ නිසා ඔන්න ඔහෙ කෝකටත් කියලා, අන්තිම දවසෙ දැම්මා ඔ්ඩරයක් දවල් කෑමට. ඒකත් දන්න කියන ලඟම තැනකින්.

‘සනොරා’ ලොකු හෝටලයක්. වගේම ලොකු රෙස්ටුරන්ට් එකකුයි, සුපිරි ටේක්අවේ එකකුයිත් තියෙනවා. ඉස්සර ඉඳන්ම ඔය ප්ලේස් එක අපේ ඈයො අතරෙ හරි ප්‍රසිද්ධයි.. සනික සෙට්වෙන අඩි පුඩි වලට බයිට් ඔඩර් කරන්න. 

ඉතින්.. ඔ්ඩරේ දාන්න කලින් ඉඳන්ම කෑම ගැන ලොකු ෂුවර් එකක් තිබ්බා නිසා.. කෝල් එකක් දීලා බලලා, මට ඔ්න ජාති තියෙනවද කියලා, ඔ්ඩරේ ප්ලේස් කලා ‘පික්මි ෆුඩ්’ එකෙන්. 

ආයෙ ඉතින්.. ලොක්ඩවුන් කියලා නෑ. එයාලගෙ සර්විස් එකත් ටොප්. මෙයාලගෙ සර්විස් එකත් ටොප්. කිව්වට විශ්වාස කරන්න යාළු ඔ්ඩරේ දාලා විනාඩි 10-12ට කෑම ටික රෙඩී.. ඩිලිවර් කරන්න ගියෙත් විනාඩි 15-20ක් වගේ.

ඊටත්, ඒ ටික ආවට පස්සෙ.. ෂැහ්! පිඟන්, දීසි ටිකකට දාලා ගත්තා.. සුවඳේ බෑ. මට්න් ශ්‍රී ලංකන් කරි එකයි (රු. 1600), චිකන් නාසියයි (රු. 1000), මික්ස් නූඩ්ල්ස් එකයි (රු. 1150)

ඉස්ඉස්සෙල්ලාම කියන්න ඔ්න ඒ මට්න් කරිය. පංකාදු පහයි, මල් හතයි! ඇඟිලි පුරුකක් විතර සයිස් මට්න් කෑලි 12-15ක්ම.. ඒ විතරක් නෙවෙයි, මිරිස්, තුනපහ, රම්පෙ, කරපිංච, සේර, ඉඟුරු, සුදුලූණු.. සියල්ල නූලට තිතට දාලා.. සත්තයි හිතා ගන්න බෑ මැටි හට්ටියක උයලා වගේ රස! වැඩේ කියන්නෙ මට්න් කෑලි වලටත් පදමට අඩුම කුඩුම රස අල්ලලනෙ. ඉතින්.. නාසියට එහෙම ගැලපෙනවා..

බලන් ඉඳිද්දි වාශ්ප වුනේ ඈ..

සූදුරු සම්බා හාලෙ බත.. සුවඳ ගහන පදමට සෝස් සියල්ල සමඟ ලූණු කොල, කැරට් එහෙමත් දාලා. හීනියට ඉරපු ෆ්‍රයිඩ් චිකන් තොගයක් මික්ස් කරලා. තඩි බුල්සායි දෙකකුත් උඩින් තියලා. ආයෙ කන කන කටක් ගානෙ මස් කෑල්ලකුත් අනිවා. ඊටත් අනිත් තැන්වල වගේ නෙවෙයි මෙයාලගෙ නාසි එකේ සෝස්, තෙල් වැඩි නෑනෙ.. පැහැදිලිවම හොඳ රයිස් එකක් කන ගැම්මට කන්න පුලුවන්.

ම්.. මික්ස් නූඩ්ල්ස් එක නම්?

ඔක්කොම හොඳයි ඒකෙ. හැන්දට 2, 3 ගානෙ වගේ සෙට් වෙන්න ෆ්‍රයිඩ් චිකන්, ඉස්සො, දැල්ලො, මාළු පොඩි පොඩි කෑලිත් තොගයක් දාලා.. ඇති හැටියට කැරට්, ලීක්ස් ටිකත් දාලා.

ඒත්.. අනේ ඒ පාවිච්චි කරලා තිබ්බ නූඩ්ල්ස් එක ටිකක් වතුර ගතියයි. හරියටම කිව්වොත් පොඩ්ඩක් බෙරි ගතියට තියෙන්නෙ. ඒ නිසා අර කනකොට නිකම්..

සෙට්වෙන්නෙ නෑ වගේ.

කොහොම වුනත් ඉතින් අපි වැඩේ අත ඇරියෙ නෑ.. පෑන් එකට දාලා නූඩ්ල්ස් එක ආයෙ ෆ්‍රයි කරලා.. අර ඉතුරු මට්න් ටිකත් එක්ක දෙසා බෑවා..

හම්මේ.. අන්තිමට ඉස්මුරුත්තාව ඈ..!


Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment