Scissors

300 Havelock Town, Colombo 5



ඔන්න තවත් මාසයක තවත් කොණ්ඩා කැපීමක්. හැව්ලොක් ටවුම පැත්තේ මධ්‍යම මට්ටමේ කරණවෑමිවරුන් සිටින ලා පැෂන් සහ ස්ලීක් ගැන අපි කලින් ලිව්වා. මේ වතාවේ අපි ගියේ හැව්ලොක් පාරේ ස්කෙලෙටන් පාර මුල්ලේ සිසර්ස් වෙත.

මෙතැන එතරම් පැරණි, ජනප්‍රිය තැනක් නොවුණාට මා එහි ඇදී ගියේ එහි ඉදිරිපස පෙනුම හා එය පිහිටා තිබෙන්නේ හයිලෙවල් පාරට මුහුණලා නිසායි. ඇතුළතනම් ස්ලීක් හෝ ලා පැෂන් වගේමයි. මඳක් වැඩිදියුණුයි. අලුත්ම අලුත් බාබර් පුටු කැමැත්තක් ඇති කරනවා. ඒත්, කරණවෑමිවරු නම් මැර පෙනුමයි. මට ලැබුණේ කොණ්ඩය වෙනුවට මගේ බෙල්ල කපයිද කියා බය හිතෙන අන්දමේ මාංශ පේශි පුම්බාගත්, බොහෝ පච්ච සහිත, බුම්මාගත් පුද්ගලයෙක්.

ඔහු වැඩ පටන් ගත්තේ ඔහුගේ දුරකථනයට මොනවාදෝ කොඳුරමින්. මට හිතුණා පැනලා දුවන්න. ඒත්, ප්‍රමාද වැඩියි. ක්ෂණිකවම ඔහු මගේ පළමු කෙස් කැරලි ටික කපා බිම දැම්මා.

ඊළඟ මිනිත්තු කීපය ස්නායු කුපිත කරවපු කාලයක්. නරක කොණ්ඩා කැපීමක් කියන්නේ සතුට ඇති කරන දෙයක් නෙමෙයිනේ. මගේ කරණවෑමියාට සිය දුරකථන සංවාදය අවසන් කරන්නත්, දෙමළ ගී වීඩියෝ තුනක් බලමින් සිය කාර්යය කරන්නත් ගතවුණේ කෙටි කාලයක්. අවසානයේදී මම තේරුම් ගත් දෙය වුණේ ඔබට බාහිර පෙනුමෙන් බාබර්වරයෙක් මනින්න බැරිබවයි.

ස්ලීක් හා ලා පැෂන් ප්‍රමිති අනුව එය හොඳ කොණ්ඩා කැපුමක්.  සාමාන්‍ය කැපුමකට වඩා පොඩ්ඩක් හොඳ වගේ. හැබැයි, මුල් ෂැම්පුකිරීම නොසැලකිලිමත්. කණ ළඟ කැපුමත් පිළිවෙලක් නැහැ. ඒ වුණත් රැවුල බෑම හොඳයි. ෂැම්පුකිරීම, කොණ්ඩය කැපීම හා රැවුල බෑම යන තුනටම රු. 600ක් පමණයි. වඩා හොඳට, අඩුමිළට එම කාර්යයන් කරන සිසර්ස් හැව්ලොක් ටවුමේ ස්ලීක් හා ලා පැෂන්ට හොඳ තරගයක්.

හැබැයි, මධ්‍යම මට්ටමේ අයවැය තුළම රැ‍ඳෙමින් හැව්ලොක් ටවුමෙන් කොණ්ඩය කප්පවා ගනිද්දී මම නම් කැමති ත්‍රස්තවාදී පෙනුම ඇති බාබර්වරයකුට වඩා ප්‍රියශීලීභාවයටයි.

Address

300 Havelock Town, Colombo 5

Contacts



Latest