Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

SE-AR Chinese Restaurant

280 A, Kotte Road, Nugegoda


A great place serving delicious Sri Lankan Chinese food.



චයිනීස් රෙස්ටොරන්ට් හැම තැන ම තිබුණට, ලෝබ නැතුව අඩුවැඩිය සේරම දාලා නියම රහට චයිනීස් කන්න පුළුවන් තැන් සෑහෙන අඩුයි. මෙදා පාර අපි පික්මී ෆුඩ් හරහා කෑම ඕඩර් කළා SE-AR කියල චයිනීස් රෙස්ටොරන්ට් එකකින්. කාලෙකින් කාපු හොඳ ම චයිනීස් කෑම කියල සැකයක් නැතුව කියන්න පුළුවන් ඔන්න.

මේ රෙස්ටොරන්ට් එක තියෙන්නෙ නුගේගොඩ. මේ දවස්වල ඩයින් ඉන්වලට රෙස්ටොරන්ට් විවෘත නෑ කියල තැවි තැවි ඉන්න දෙයක් නෑ, අපි ඉන්න තැනට ම කෑම ඩිලිවර් කරගැනීමේ පහසුකම මෙතනත් තියනවා. 

කෑම 

සුප්, ෆ්‍රයිඩ් රයිස්, චොප්සි රයිස්, නාසිගුරන්, නූඩ්ල්ස්, චොප්සි නූඩ්ල්ස්.. මෙකී නොකී ජාති බොහොමයක් තියන මේගොල්ලන්ගෙ අතිවිශාල මෙනු එකෙන් අපි සිලෙක්ට් කළේ එග් ෆ්‍රයිඩ් රයිස් විත් චිකන් ඩෙවිල්ඩ් කොම්බො එකයි (රු. 1000), සීෆුඩ් නාසිගුරන් එකයි (රු. 910).

කොම්බො එකක් විදිහට එන නිසා මේ එග් ෆ්‍රයිඩ් රයිස් එක ලාජ් පෝෂන් එකක්. ඉතිං චිකන් ඩෙවිල්ඩ් එකයි මේකයි දෙක ම ඒ මිලට හොඳට ම ලාබයි. සුමුදුවට තැම්බුණ සම්බා බතට බිත්තර, කැරට්, ලීක්ස්, ගෝවා හොඳ හැටි මික්ස් කරලා තෙම්පරාදු කරලා. චිලී පේස්ට් එකත් මදි පාඩුවට රහට පුංචියට තිබුණා. පොඩ්ඩක් තෙල් ගතිය වැඩි එක තමයි පොඩි ම පොඩි අවුලකට තිබුණෙ. ඒත් ඒක රයිස් එකේ රසෙන් නොදැනි ගියා කිව්වොත් හරි.

චිකන් ඩෙවිල්ඩ් එක ග්‍රේවි ගොඩක් එක්ක රතු ම රතුවට බැබළි බැබළි තියන විදිහෙන් ම මිරිස් සැර හිතාගන්න පුළුවන් වුණා. සෝස්වලින් එන ළා පැණි රසකුත් එක්ක ලුණු ඇඹුල් සහ ස්පයිසි ගතිය ගාණට බැලන්ස් වුණ මේක හදල තිබුණෙ චිකන් පොඩි කෑලිවලින් නෙමේ. චිකන් තයි එක එහෙම පිටින් ම දාලා. හොඳ ෆ්‍රෙෂ් මාළු මිරිස්, ලීක්ස් එහෙමත් ඩෙවල් එකට එකතු කරලා තිබුණා. ෆ්‍රයිඩ් රයිස් එකකට කියාපු ඩෙවල් එකක්.

සීෆුඩ් නාසිගුරන් එක මල් හතයි. කහබතක් වගේ මුලින් පෙනුණට මේ සම්බා බතට පුදුම හිතෙන තරං සීෆුඩ් ගොඩක් එකතු කරල තිබුණා. ඉස්සො දැල්ලො මාළු හැම ජාතියෙන් ම. තව කජු, අන්නාසි එහෙමත්. ඒ මදිවට කෑලිත් හෙන සයිස්! බැදපු බිත්තරෙත් එක්ක සේරම පදමට ගැලපුණා කිව්වොත් හරි.

අවසන් වශයෙන් 

කෑම ටික සුපිරියි. කෙටියෙන් සරල ව කිව්වොත් ශ්‍රී ලංකන් විදිහට චයිනීස් කනව නං මේක මරු තැනක්. ඕගොල්ලොත් ඕඩර් කරලා රහ බලලා අපිට කියන්නකො.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment