4/5

Seeni (Colombo 06)

31, Nelson Place, Colombo 06


Different varieties of delicious brownies.


‘සීනි’ කියන්නෙ ඩෙසට් ෂොප් එකක්. වැල්ලවත්තෙ තමයි තියෙන්නෙ. අපිට හම්බ වුණේ පික්මී ෆුඩ් එකෙන්. බ්‍රවුනීස් තමයි මෙයාලගෙ විශේෂත්වය. ඔන්න අහගන්නකො.

අපි ඕඩර් කළා බ්‍රවුනි ජාති දෙකක් තියන එක පැක් එකක්. මේකේ නම ‘සීනි චොක්ලට් ඩුවෝ’. මිල රු. 2500යි. කජු බ්‍රවුනීස් සහ චොක්ලට් චිප් බ්‍රවුනීස් එක ජාතියකින් කෑලි 9 ගාණේ තියනවා. මීට අමතරව මේගොල්ලො ළඟ එක එක වර්ගයේ බ්‍රවුනි හයේ පැක්ස් වෙන වෙනමත් තියනවා.

මෙයාලගෙ බ්‍රවුනීස්වල ටෙක්ස්චර් එක හරි ම සොෆ්ට්. චොක්ලට් ගතිය පිරිලා ඉතිරිලා නිසා හොඳ රිච් ෆ්ලේවර් එකක් තිබ්බා. කජු බ්‍රවුනීස්වල උඩට කජු කෑලි ගොඩක් දාල හින්දා හරි ම ක්‍රන්චි ගතියයි. ඕන තරමක් කාගෙන කාගෙන යන්න පුළුවන්. තව පොඩ්ඩක් බ්‍රවුනීස්වල මොයිස්ට් ගතියක් තිබුණා නං හොඳයි කියලත් හිතුණා හැබැයි.

චොක්ලට් චිප් බ්‍රවුනීස් ටිකත් චොක්ලට් ගතියෙන් අනූනයි. බ්‍රවුනීස් ටික උඩ චොක්ලට් දැවටුණ චොක්ලට් චිප්ස් තීරුවකින් සරසලා. මේකත් හොඳ ෆජී ගතියට තිබුණා. පැණි රහ එහෙමත් නියම ප්‍රමාණෙට. කෑලි ටිකත් ලොකුවට තිබුණා නේ..

ඉතින් ජීවිතේ පුංචි පුංචි විශේෂ අවස්ථා සමරන්න වුණත්, කාටහරි තෑග්ගක් විදිහට යවන්න වුණත්, ඔයාට ම පොඩි ට්‍රීට් එකක් දීගන්න වුණත්, ‘සීනි’ එකේ බ්‍රවුනීස් ට්‍රයි කරලා බැලුවට පාඩු නෑ කියලා තමයි අවසන් වශයෙන් කියන්න තියෙන්නෙ.

Address

31, Nelson Place, Colombo 06

Contacts

Facebook Instagram

Open until 11:30 PM

Price Range

More than Rs.1500

Dish Types

Brownies

Cuisine

American

Ratings Breakdown

Overall Rating
4


Latest