Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Seven Eleven (Piliyandala)

154/1 Mihindu Mawatha, Piliyandala


Comfortable restaurant with an amazing view of paddy fields, serving delicious Sri Lankan Chinese food & bites.



පොඩි වැඩකට පිළියන්දල ගිය අතරේ..

හැන්දැවෙලා කළු කරගෙන එන වළාවේ..

නිසාම,

හිතුණා යාළු පොඩි අඩියක් ගහන්න!

එහෙම හිතලා තැනක් හොයලා බලද්දි තමයි, මෙන්න බොලේ අත ලඟම..

හරි ලස්සන ෆොටෝ ටිකක් එක්ක තැනක් පෙන්නනවා ගූගල් එකේ..

බැලින්නම් ‘සෙවන් එලෙවන්’

ආයෙ ඉතින් නොදන්න නමක්යැ. එතනින්ම වැඩේ ෆයිනලයිස්. දාගත්ත සනික පික්මියක්. විනාඩි 4, 5ට ලොකේෂන් එකේ..

බැහැලා ඉවරවෙලා එන්ට්‍රන්ස් පොතේ නම් ගම් ලියලා, අත් හෝදගෙන..

යන්න තිබ්බෙ පළවෙනි තට්ටුවට.

ඒකත් පඩිපෙල නැගල ගිහිල්ල බැලින්නම්නෙ.. විව් එක!

ලොකු වීදුරු ජනේල වලින් එපිට එක යායට කොළම කොළපාට කුඹුරු, ඊට එපිටින් පුංචි කැළෑව..

හම්මේ.. මට නම් හිතුණෙම ඇත්තටම එතන රූෆ් ටොප් එකක් වුනා නම් කියලා. ඒ තරම් ලස්සනයි යාළු. ඊටත් ‌භෝජනාගාරෙ ඔක්කොම ඒසී කරලා, ලස්සන ලී මේස පුටු දාලා, හරිම සුවපහසුවට..

හ්ම්.. කොහොම කොහොමින් හරි දෙන්නා ඉතින් වාඩිවෙලා.. වටපිටටමයි හිත. වෙලාවට වැඩි වෙලාවක් යන්න කලින් සේවක මිත්‍රයෙක් මෙනු දෙකත් අරගෙන අපේ ලඟට ආවෙ. නැත්නම් අර ලස්සන විව් එකේ තවමත් මනෝපාරෙ!

“අපිට.. සීෆුඩ් නාසි එකක් (රු. 875) ඔ්න. ඒකයි මට ලාගර් එකක් (රු. 415)” යාළුවා මෙනුව බලන අතරට මම මගේ සුපුරුදු වේල දැම්මා ඔ්ඩරේට!

“මට ගේන්නකො එහෙනම් අයිලන්ඩ් පන්ච් එකක් (රු. 795). ඒකයී.. මට්න් කොත්තුවක් (රු. 750)?”

“හා සර්. තව.. ඩිෂ් එකක් මොනවා හරිත් ගන්නවද?”

“ම්.. ගමු නේ. පෝර්ක් මොනවද තියෙන්නෙ?”

“සර්.. බොන්නෙ කූල් ජාති නිසා.. චිලි පෝර්ක් එකක් (රු. 800) වගේ ගමුද. පොඩ්ඩක් සැරට තියෙන්න?”

“නියමයි නියමයි. ඒනම් චිලි පෝර්ක් එකකුත් ගේන්න”

ඔ්ඩරෙන් පස්සේ.. දෙන්නා පොඩි කතාවක් පටන් ගත්තා. හැබැයි වැඩේ සාර්ථක වුනේ නෑ. මොකද සැරින් සැරේට වටපිට බැලිලම කතාව නතරවුනා.

ඒ නතරවුනාට පස්සෙ ඉතින්.. 

යළි ආරම්භය මේසෙට ආපු කොක්ටේල් එකයි, බියර් එකයි එක්කම තමයි.

“චිරාස්..” බුබුලු නැගෙන පෙණකැටි එක්ක තැඹිලිම තැඹිලිපාට කොක්ටේල් එක!

ම්.. බියර් උගුරු දෙක තුනකට පස්සෙ මම ඒකත් පොඩ්ඩක් රස බැලුවා.

නරකම නෑ.. හැබැයි වොඩ්කා දාලා තියෙන්නෙ හරිම පොඩ්ඩයි. සාමාන්‍ය කොක්ටේල් එකක උගුරට දැනෙන සැරගතිය දැනුනෙත් ලාවට. හැබැයි ෆ්‍රෙෂ් ඔරේන්ජ් ජූස්.. සමඟ ඔරේන්ජ් පෙති දෙකයි චෙරි ගෙඩියයි. අගය කරන්න ඔ්න අන්න ඒකයි. මොකද, නැත්නම් ගොඩක් අය ඔරේන්ජ් කියලා දාන්නෙ හදපු බීමනෙ.

ඔය විදියට චියර්ස් පාර විනාඩි 5, 10 යද්දි බයිට්, ඩයට් ටිකත් පෝළිමට මේසෙට. දුම් දදා.. සුවඳ ගගහා.. හප්පේ කටක් කනකම් ඉන්න බෑ, කටට කෙලත් උනලා.

ඉතින්.. යාළුවා ඉස්ඉස්සෙල්ලාම කියලා කොත්තුවට බහිද්දි මම දාගත්තා තුනෙන්නම ටික ටික පිඟානකට. දාගෙන හෙමින්සැරේ..

පළවෙනි කට, සීතල බීර උගුරක් සමඟ මට්න් කොත්තු!

ෂෑහ්..

එක කටයි, චිලි පේස්ට් එක්ක දෙවනි කටයි, ඇඟිල්ලක් විතර සයිස් මට්න් කෑල්ලත් එක්ක තුන්වෙනි කටයි..

දාගත්ත කොත්තු ටික ඉවරටම ඉවරයි. වැඩක් නෑ යාළු කියලා.. පොඩි රස කාරක වැඩියක් තිබ්බ මිසක් නැත්නම් පංකාදුයි ආ..

ඇයි අප්පේ.. තඩි මට්න් කෑලි තොගයක් හොඳද. කැරට්, ලීක්ස්, මාළු මිරිස්, අමු මිරිස්, බිත්තර සියල්ල සමඟ හරි හරියට මික්ස් වෙලා..

අර මෙයාලා මස් හොදි වෙනුවට සෝස් දාලා තිබ්බ එකෙන් පොඩි ඇලෙන ගතියක් ඇවිල්ලා තිබ්බා. එහෙම නැත්නම් ටොප් කොත්තුව.

ඊට පස්සෙ දෙවනි බීර උගුරත් එක්ක සීෆුඩ් නාසිය..?

මල් හතයි ඈ..!

ඉස්සො අඟලක් අඟලක් ගාණෙ. දැල්ලොයි මාළුයි නම් ටිකක් අඩුවෙන් තිබ්බෙ. හැබැයි උඩින්ම තඩි බුල්සායි එකක් තිබ්බා. කොහොම වුනත් කැරට්, ලීක්ස්, ලූණු අඩුම කුඩුම සියල්ලත් එක්ක බතේ රස නූලටම.

ඒකෙත්.. එකම අවුල තිබ්බෙ අර බත පොඩ්ඩක් බෙරි පැත්තට බරවෙලා තිබ්බ එක තමයි. ඇට වෙන්වෙන ගතිය  අඩුයි.

ඒ දෙකම හරි. පෝර්ක් එකත් හරි කියන්න..

තෙල්කෑලි ටිකක් නොතිබ්බම නෙවෙයි. හැබැයි වේළපු මිරිස්, මාළු මිරිස්, අමු මිරිස්, කැරට්, ලූණු කොළ ඇති හැටියට දාලා හදල නිසා.. බයිට් එකට නම් කියාපුම!

අවසාන වශයෙන්..

පොඩි සමස්ථ අවුලක් කියන්න ඔ්න..

“දාන සෝස් ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරගත්තොත් නරකද?”


Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments