Dewata, Galle
Closed right now
Best eco cafe in Galle to enjoy a coffee with sunset or with surfs..!
කොරෝනා ජරමර, ලොක්ඩවුන් ප්‍රශ්න.. සේරටම බම්බු ගහගන්න කියලා පෙරේදා කල්පනා කලා යාළු ඩවුන් සවුත් පැත්තෙ රවුමක් ගහල එන්න කියලා. ඇයි අප්පේ, ඉන්නවා ඉන්නවා.. ඔහොම කොච්චර කල් ඉන්න කියලද. ඊටත් තේරුමක් ඇති වැඩක්යැ.
කොහොමහරි ඒ කල්පනාවත් එක්ක, එහෙම්මම උණවටුන අපේ ඩයිවින්ග් සෙන්ටර් එකේ අයියටත් කෝල් එකක් ගහලා, මුහුදෙ විස්තර ටිකත් අහගෙන.. අඩුම කුඩුම සේරම ලෑස්ති කලා දවස් දෙක තුනකටම නවතින්න යන්න. ලෑස්ති කරල හිටං ඔන්න ඊයෙ..
ඊයෙ උදේ ගොඩවුනා හයිවේ බස් එකකට ගාල්ල පැත්තට අදින්න. ඒ යද්දි ඉතින් දවල් 12ත් පහු. වැඩේ වුනේ ඒක නෙවෙයිනෙ, එහෙම යන ගමනෙ බස් එක දෙවට හන්දියෙන් හරවද්දිම ඇස ගැටුණු කැෆේ පොඩ්ඩනෙ.
“හ්ම්.. නමත් හරිම අමුතුයි… ‘සෙක්සො’!
අපිට ගැලපෙන්න අමාරු තැනක්ද දන්නෙත් නෑ. කමක් නෑ ඔන්න ඔහෙ කෝකටත් ගොඩවෙලා බලනවා” කියලා, ගාල්ල ටවුමෙන් කරගන්න තිබ්බ වැඩ කීපයකුත් ඉවර කරගෙනම මම උණුවටුනට යන අතරමග,
බැස්සා දෙවටෙන්.. අඩිය තියන්න ‘සෙක්සො බීච්’ එකට!
ඇත්තම කිව්වොත් එතකොට වෙලාව හවස 4ට විතර..
හප්පේ.. ඉස්සරහ පුංචි දෙපලු දොර තල්ලු කරගෙන ඇතුලට ගියත් හරි නිකම් කලාගාරයකට මතුවුනා වගේ. සන්සෙට් එක කෙලින්ම පුළුල් තිරයේ චිත්‍රයක්. මට හිතාගන්න බැරුව හිටියෙ වෙන ලෝකෙකට ආවා වත්ද කියලා. ඊටත් කැෆේ එක පුරාම ගස් වැල් එක ගොන්නට නිසා හරියට ජන්ගල් බීච් එකක වටපිටාවක්මයි. ඔක්කොමත් හරි ඉන්ටිරියර් එකේ ගැලපිල්ලනෙ.. සියළුම දෑ ලී මේස, බංකු. හැබැයි ඒවයෙ පාට ටිකක් ගාලා තියෙනවා.. දැක්කාම ආසාවෙ බෑ. ඒ විතරක් නම් බැරියැ, අතරින් පතර හොඳ සුවපහසුවට දිගඇදිලා වැටිලා ඉන්න ඔය බීන් බෑග් එහෙමත් දාලා තියෙන්නෙ.
ම්.. කැෆේ එකට ගොඩවෙලා ෆුල් අන්දුන් කුන්දුන් සීන් එකේ වටපිට බලබල ඉන්නකොට තමයි ඩ්‍රෙඩ්ලොක්ස් දාපු මිත්‍රයෙක් එතනට ආවෙ.
“ගුඩ් ආෆ්ටර්නූන් සර්. සර්ට පල්ලෙහා ඔ්න නම් අර ඉස්සරහ ඩෙක් එක හොඳයි. අද සන්සෙට් එකත් ලස්සනයිනෙ සර්. නැත්නම් උඩ රූෆ් ටොප් එක තියෙනවා. එතන සර්ට ඔ්න විදියට ඇරේන්ජ් කරලා දෙන්න පුලුවන්. එතන හැමොක් එකකුත් තියෙනව සර්”
“හෑ.. හැමොක් එකක්? එහෙනම් උඩට යමු නේ මචං. හැබැයි මට පොඩි ස්ටූල් එකකුත් දාලා ඇරේන්ජ් කරලා ඔ්න හොඳද”
“ෂුවර් සර්. සර්ට ඔ්න විදියට හදල දෙන්නම්. ම්.. මොනවද සර් ට්‍රයි කරන්නෙ අපේ මෙනුවෙන්. ස්පෙෂල් යන්නෙ නම් කොෆි, මොක්ටේල්, සැන්ඩ්විච්, බර්ගර් තමයි. එහෙම නැතුව සර්ට බියර් වගේ ඔ්න නම් එළියෙන් අරගෙන එන්න පුලුවන්”
“සිරාවට? නියමයිනෙ බං. ඒත් මන් ලඟ මුකුත් නෑනෙ. ඒ නිසා.. මට හොඳ මොක්ටේල් එකක් කියන්නකො”
“ම්.. ඒනම් අපි දාමු ‘පැෂන් ෆිස්’ එකක් (රු. 350). ඒකයි සර්ට බැටර්ට් චිකන් එකක් ස්නැක් එකට. චිකන් බර්ගර් එකක් ඩයට් එකට (රු. 550). මොකද හිතන්නෙ?”
“මරු. මරේ මරු! ගේන්න”
කියලා ඔන්න ඒ මිත්‍රයා ගියා ඔ්ඩරේ දාන්න. මම හෙමින්සැරේ පඩිපෙල දිගේ රූෆ් ටොප් එකට!
“කිරි අප්පට පෝර්ක් සමඟ පොල්රොටි කිව්වලු” රූෆ්ටොප් එකක් නෙවෙයි යාළු ඒක දිව්‍ය ලෝකයක්. හැමොක් කිව්වාම මම හිතුවෙ කොන්ක්‍රීට් කණු දෙකකට සෙට්කරපු පොඩි හැමොක් එකක් කියලා.
පිස්සු…
ඔන්න බලන්නකො. ෆොටෝ එකේ තියෙනවා ගැජට් එක. ආයෙ ඒකට වෙලා බියර් එකක් තොල ගගා.. සන්සෙට් එක දිහා බලාගෙන ඉන්නව කියන්නෙ..?
දෙන්න තරු නෑ සත්තයි!”
වැඩේ වුනේ ඒ වෙද්දි ඉර, ක්ෂිතිජ ඉමේ.. සැඳෑ අඳුරත් එක්ක පත්තු වුනා කියන්නකො ලයිට් හතර වටේ..
කහම කහ පාටට.. පොල් අතු හෙවිල්ලත් එක්ක අමුතුම ගමේ ගැම්මකට..
ඉතින්.. ඒ ටයිම් එකටම මේසෙට ආපු මගේ ස්නැක්, ඩයට් ටිකත් එක්ක, මමත්..
සීතල පැෂන් ෆිස් උගුරු පේළියක් එක ගැම්මට, ග්‍රීස්මෙ මැකෙන්ට!
මල් හතයි ඈ.. ලා සෝඩා සැර උඩින් මතුවෙච්ච නැවුම් පැෂන් රස.. ඒකට පදමට වැටුණු අයිස් ටිකත් එක්ක පංකාදු පහට.
ඊටත් ඒ ගතිය කටේ තියෙද්දිම රස බලපු බැටර්ඩ් චිකන් කෑල්ලනෙ. ෂැහ්, මිරිස් පොඩ්ඩක් එහෙමත් කලවම් කරලා හදාපු බැටර් එකේ රසට ඇත්තටම චිකන් රසත් යටයිද මන්දා. හැබැයී.. මට නම් ඒකෙ ලුණු පොඩ්ඩක් මදි ගතියයි.
කොහොම වුනත් සඳ පදම කණට දැනෙද්දි ආපු ලා බඩගින්නත් එක්ක, මම කෑවා සෙක්සො චිකන් බර්ගර් එකෙනුත් පොඩි කෑල්ලක්..
ටොප්පේ.. ටොප් කියන්නෙ! ඔක්කොමත් හරි ඒකෙ පැටි එක. එයාලාම ග්‍රයින්ඩ් කරලා, අඩුම කුඩුම එකතු කරලා හදාපු එකක්. ඉතින් ලා ස්පයිස් රසක් එක්ක ගම්මිරිස් සැර.. උඩින් දාපු චීස් පෙත්ත මෙලෙක් වෙලා එන චීස් රස.. ආයෙ ඉතින්.. සයිඩ් එකෙන් උණු උණු ෆ්‍රෙන්ච් ෆ්රයිස් පාරකුත් ගැලපුනාම..
ඇත්තටම ඒ රසය ගන්න නම් යාළු..
ගාලු යන්නම වෙනවා අල්ලලා පාලු..!
Closed right now
Cuisine
Western Middle Eastern Italian Pub Food American Fast Food Fusion European Semi fine-dining
Price Range
Dish Types
Eggs Seafood Salad Chicken Fried Chicken Fish Fish And Chips Cuttlefish Cookies Ice Cream Burgers Sandwiches Wraps Pizza Short Eats Coffee Iced Coffee Fruit Juice Sodas Milkshakes Bites Smoothies
Ratings Breakdown
Delete Comment