Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

SFC - Southern Fried Chicken (Nugegoda)

9/47, 6th Lane, Pagoda Road, Nugegoda, Sri Jayewardenepura Kotte


Sri Lankan crispy boneless chicken.



අපි ඕන තරං කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන් කාල තිබුණට සදර්න් ෆ්‍රයිඩ් චිකන් කාල නෑනේ. මෙදා පාර අපි ට්‍රයි කළේ සදර්න් ෆ්‍රයිඩ් චිකන්. නුගේගොඩ පාගොඩ පාරේ තමයි තියෙන්නෙ. අපි ගෙන්නගත්තේ පික්මී ෆුඩ් එකෙන්.

කෑම 

සිංගල් මීල්ස්, ඩබල් මීල්ස්, කිඩ්ස් මීල්ස් වගේ ම පාටි පැක් එකක් එහෙමත් මේගොල්ලො ළඟ තියනවා. අපි ඕඩර් කළා රෙගියුලර් සිංගල් මීල් එකයි (රු. 950), රෙගියුලර් චිකන් බර්ගර් එකයි (රු. 700).

රෙගියුලර් සිංගල් මීල් එක ආපු බොක්ස් එකේ ලොකු ම ලොකු චිකන් ෆිලට්ස් දෙකක්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකක් සහ තක්කාලි සෝස් එක්ක ගාලික් මෙයොනීස් ටිකක් ආවා. චිකන් ෆිලට්ස් දෙක හරි ම ක්‍රිස්පි. හොඳට රන්වන් පාටට ෆ්‍රයි වෙලා සුමුදුවට තිබුණා. අවුලකට තිබුණෙ තෙල් ගතිය වැඩි එක තමයි. 

ඒ ඇරුණම ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටිකත් සොෆ්ට් සහ ක්‍රිස්පි ගතියට ෆ්‍රයි වෙලා තිබුණා.

මේ තියෙන්නේ රෙගියුලර් චිකන් බර්ගර් එක. ඉස්සෙල්ල ම කියන්න ඕන බර්ගර් එක මාර ලොකුයි. ඇතුළට බැටර් ෆ්‍රයි කරපු චිකන් ෆිලට්ස් දෙකක් එක්ක චිකන් බේකන් පෙතිත් දාල තිබුණා. 

ලූනු, තක්කාලි, සලාද කොළ, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙම ලෝබ නැතුව ස්ටෆ් කරලා, ගාලික් සෝස්වලිනුයි මෙල්ටඩ් චීස්වලිනුයි රහ කරලා. බන් එකත් හොඳ ෆ්‍රෙෂ්. ඒ වගේ ම සොෆ්ට්.

අවසන් වශයෙන් 

පෝෂන්ස් දෙක ම ලොකුවට ආපු නිසා සහ රස පදමත් හොඳ නිසා ගෙවපු ගාණේ හැටියට පාඩු නෑ. හැබැයි ෆ්‍රයිඩ් චිකන්වල තෙල් ගතිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නං මරු.

Address

9/47, 6th Lane, Pagoda Road, Nugegoda, Sri Jayewardenepura Kotte

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 09:00 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Chicken Fried Chicken Fish And Chips Burgers

Cuisine

Fast Food

Ratings Breakdown

Overall Rating
4

Similar Places

User Reviews
A
1

3/5

0

amilaw

Crispy chicken was good and bit oily.

A
1

3/5

0

amilaw

Crispy chicken was good and bit oily.

See 2 Comments