Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

2/5

Shanghai Restaurant

No. 277th Crossroad StreetPanadura


A place to try some Sri Lankan Chinese at very low price. But?



“හෙලෝ… කෝ බං උඹ. කොහෙන්ද බැස්සෙ?”

“ආ… මම මේ පීසා හට් එක පේන නොපෙනෙන මානයෙ තියෙන හෝල්ට් එකෙන් බං බැස්සෙ. අර ඔඩල් එකට යන පාර තියෙන්නෙ”

“හප්පට සිරි, එතනින්ද?

අවුලක් නෑ, අවුලක් නෑ. ඔහොම්මම ඉස්සරහට එන්නකො. ඇවිල්ලා, කලර් ලයිට් හංදියෙන් දකුණට හැරෙන්න. අර… පරණ පාරට වැටෙන්නෙ බං. එතනින් හැරිලා, පොඩ්ඩ ඉස්සරහට එද්දි උඹට පෙනෙයි, දකුණු පැත්තෙ ෂැංග්හයි රෙස්ට් එක”

කාලෙකට පස්සෙ පානදුර පැත්තෙ ගියපු එකේ පරණ යාළුවො සෙට් එකත් හම්බවෙලාම එනව කියල හිතුණ නිසයි මම නිකමට වගේ එකෙක්ට කෝල් එකක් ගැහුවෙ. බැලින්නම් සෙට් එකේ දෙතුන් දෙනෙක්ම දවල් කෑමට ටවුමට ඇවිත්. ආයෙ, කෝල් එක ගැහුවත් හරි මටත් සුහද “ආරාධනා…” ඒ මදිවට අනිත් අඩුපාඩු එකා දෙන්නත් මග එනවය කියලනෙ.

දඩිබිඩියට පය ඉක්මන් කරපු මම ෂැංග්හයි රෙස්ට් එකට ගොඩ වුණේ දාඩිය දාගෙන. ඒ ගොඩවෙනවත් එක්කම අපේ එවුන්ගෙන් සද්දෙට පිළිගැනීමක් එහෙමත් ලැබුණෙ නැත්තෙම නෑ. කොහොම හරි දන්නෙ නැති ගාණට ගිහිල්ලා අයිනෙ තිබුණ පුටුවකින් වාඩි වුණ නිසා වැඩේ ෂේප් වුණා.

“ඉතිං ඉතිං, මොකෝ වෙන්නෙ?”

යාළුවොත් එක්ක සුපුරුදු කතාබහට සෙට් වුණාට මොකද මට වැඩි වෙලාවක් ඒ කතා බහේ රැඳෙන්න ඉඩක් ලැබුණෙ නෑ. ඇයි ඉතින්, ලස්සන සේවිකාවක් කෑම මෙනුව ගෙනැල්ල අතටම දෙද්දි! කොහොමද අප්පේ කෑම තෝරන්නෙ නැතුව බලන් ඉන්නෙ.

යාළුවො සෙට් එකත් ප්ලේස් එක ගැන හොඳ හැටි දන්න නිසා කෑම තෝරන්න මට ඒ හැටි අමාරු වුණේ නෑ. ෂැන්ග්හයි ස්පෙෂල් චොප්සි රයිස් එකක්(රු. 450) කොහොමත් ඕඩර් කරන සීන් එකක් තිබුණෙ. ඒ අතරට හිතල බලල මොනව හරි කරියක් තෝරන්න තමයි මට චාන්ස් එක ලැබුණෙ. ඉතින් මෙනුව අතට ගත්තු මම, ඒක එහාට මෙහාට පෙරළල චිකන් විත් මෂ්රූම් කැෂුනට් එකක්(රු. 400) ඕඩර් කරනව කියල හිතාගත්තා.

කඩියා වගේ එහේ මෙහේ දුව දුව වැඩ කරන අර සේවිකාව, දෙවනි පාරට අපේ මේසෙ ළඟට ආවෙ හැඳි, ගෑරුප්පු, පිඟන් එහෙමත් අරගෙනමයි. ඇවිල්ල මේසෙත් හදල දීලා තමයි ඕඩරේ ලියාගත්තෙ. වැඩේ කියන්නෙ, ඕඩරේ ලියාගෙන, ලස්සන හිනාවක් එහෙමත් දාලා, ඊට පස්සෙ කිව්වනෙ “සර්, කෑම ටික එන්න විනාඩි 15ක් 20ක් යයි කියල” බැලින්නම් කුස්සියෙ පොඩි අවුලක්.

ආයෙ එපා කියන්නයැ, මාත් ඉතින් ලස්සන හිනාවක් දාලා “ආ… ඒකට කමක් නෑ” කිව්ව.

කොහොම හරි, කිව්වත් වගේ චොප්සි රයිස් එක මේසෙට එන්න විනාඩි 20ක් විතර ගියා. චිකන් එක ආවෙ තවත් විනාඩි 5කට විතර පස්සෙ. හැබැයි යාළු, පරක්කු වුණත් මොකද කියල හිතෙන්නෙ කෑම ටික රස බලද්දි තමයි. කියල වැඩක් නෑ, පංකාදු පහයි.

කොටින්ම කියනව නම් චොප්සියෙ යට තියෙන බත් ටික මතු කරගන්නම මට චොප්සි හැඳි 2,3ක් බෙදා ගන්න වුණා. ඒ තරමට එළවළුයි, මස් මාළුයි. බැදපු ලොකු ඉස්සො, අල කෑලි සයිස් විතර දැල්ලො 10, 12කට එහා පැත්තෙ. ඒ මදිවට අල්ලෙන් භාගයක් විතර ඇති බැදපු මාළු පෙති. වැඩේ කියන්නෙ, ලොකු කරි චිකන් කෑලිත් 3, 4ක්ම එකතු කරල කියන්නකො. එළවළු නම්… කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි රස පදමට තම්බලා, සෝස්, ලුණු, ගම්මිරිස් දාලා, පිස්සු හැදෙනව. චොප්සිවලට ආවේණික චයිනීස් රසත් මදි නොකියන්න තියෙන නිසා තලුමර මර කන්න පුළුවන්.

ආ… කියන්න බැරි වුණානෙ. මෂ්රූම් කැෂුනට් චිකන් එකේ රස චොප්සියටත් එහා. ඒක නම් බත්වලට වගේම බයිට් එකකට වුණත් මරු. සැර ගතියත් හොඳ හැටි තියෙන නිසා හායි හූයි කියකිය කන්න පුලුවන්. අනික රස පදමට සෝස්, මාළු මිරිස්, කෑලි මිරිස්, ලූණු එහෙම දාලා හදපු චිකන් කෑලිත් 7,8ක් ම එකතු කරලනෙ. තව මෂ්රූම්, කැෂුනට් ටිකකුත් එකතු වුණා නම් සුපිරි තමයි ඉතින්.

අවසානාවට, මම කඩේට යද්දි හවස් වෙලා නිසා, එයාලගෙ ඩෙසට් ඉවර වෙලා තිබුණෙ. ෆෘට් සැලඩ් තිබුණා, ඒත් මම බැලුවෙ විශේෂ දෙයක් නිසා ඒක අල්ලල දැම්මා. දාලා ඊජීබී. එකක් බීලා, උන් තැනම පෝ...ඩ්ඩක් ඇලවුණා. ඇයි ඉතින් වැල කාපු කිඹුලා වගේ, කෙළින් වෙන්න තියා හිතන්නවත් බෑනෙ. අන්තිමට යාළුවොත් එක්ක කතාබහ කෙරිල්ලත් පැත්තක. කට්ටිය යන වෙලාව වෙනකම් වැටිලා ඉඳලා, බස් එකේ නැගල ගෙදර ආවා. අනේ මන්දා ඉතින්!

කොහොම වුනත්, අදටත් පානදුරේ ෂැන්ග්හයි යමු කියල කවුරු හරි කතා කළොත් නම් මම එක පයින්ම, ඈ...


TIP

Try anything comes with the name 'Shangahi Special'


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment