Dutugemunu St, Nugegoda
Closed right now
Not a well arranged place but serving some good food & bites.
අහම්බෙන්…
පහුගිය දවසකත්, මෙහේ ඉන්න එකම බොක්ක හදිස්සියෙ ම ගොඩවැදුණ කියන්නකො හැන්දැවෙලා මම ඉන්න පැත්තට. ගොඩවෙලා ඉතින්...
අපි කොයි කවුරුත් වගේම තමා යාළු.
කතා වුණේ, අතේ තියෙන ගාණ දාලා පොඩි පොඩියට හරි මොනව හරි කරමු කියල. ඊටත් වැඩේ... මේකා එද්දි ම, යන්න තැනක්, ගන්න බයිට්... සියල්ලමත් බලාගෙනනෙ ඇවිල්ල තියෙන්නෙ. කොටින් ම කියතොත් මට තිබ්බෙ වීල් එකක් දාගෙන අදාළ ස්ථානයට යන්න විතරයි.
ඉතින්... ඒකට මොකටද එච්චර පරක්කුවක් කියල මම දැම්ම සනික වීල් එකක්. දාලා විනාඩි පහට ම ඔන්න එතන!
ගිහිල්ල හිටං කෙළින් ම ගොඩවුණේ රූෆ් ටොප් එකට.
ම්... එච්චර කොලිටියට හදපු ප්ලේස් එකක් නම් නෙවෙයි. නිකම් ලෑලි මේසයි, සිමෙන්ති පොළවයි... ඒසී අනං මනංනුත් නෑ.
ඒත් බලන්න එපැයි කන බොන ජාති ටික! ෂැහ් පංකාදු පහට ම හොඳේ.
අර එකම, පොඩි ම අවුල තිබ්බෙ සේවාව තමයි. ඒ කිව්වෙ, ඒකත් ලෙසට ම තියෙනව. ආරම්භය පොඩ්ඩක් ස්ලෝ එකේ යන්නෙ, එච්චරයි.
කොහොම කොහොමින් හරි ඔය කියපු තත්ත්වය යටතේ අපි සේවක මල්ලියෙක්ව ගෙන්නගෙන, මේස පුටු ටිකත් ගලපගෙන, ඕඩරේ දැම්ම... අරක්කු බාගයක් එක්ක පෝක් රයිස් එකයි (රු. 850), මට්න් ඩෙවිල් එකයි (රු. 900), හොට් බටර් කට්ල්ෆිෂ් එකයි (රු. 750), මාළු ස්ටු එකයි (රු. 800). දාලා...
වැඩි වෙලා බලාගෙන ඉන්න හම්බවුණෙත් නෑ මගෙ මතකෙ හැටියට. ඇයි ඉතින් සනිකවම ආවනෙ මේසෙට... අරක්කු ටිකයි, මට්න් එකයි.
“හ්ම්...
ඒනං චියර්ස් බං ඈ... කාලෙකට පස්සෙ”
“චියර්ස් බං බුද්ධිය. මාර සතුටුයි උබත් එක්ක ආයෙ සෙට් වෙන්න ලැබිච්ච එක” කියල හිටං ඔන්න කතාව දිගින් දිගටම...
ඒ අතරට... රයිස් එකයි අනිත් අඩුමකුඩුම සියල්ලමයිත් මේසෙට ආවා. ඒත් මගේ හිත නම් ගියේ හොට් බටර් කට්ල්ෆිෂ් එකටම තමයි.
ඇයි අප්පේ... ඒ දැල්ලන්ගෙ සයිස් එකම. අතක් මහත ඇති යාළු වළලු ටික. ඒකත් හොඳ පදමට බැටර් කරල, ගාණට ක්‍රිස්පි ගතිය තියෙන්න බැදල, උඩින් ලූනු, මාළු මිරිස්, බැදපු මිරිස් මදි නොකියන්න දාලා... කියල වැඩක් නෑ හොඳේ. වැඩිය ඕන නෑ, හරියට ගත්තොත් ඒක ම ඇති බාග ගහන්න.
ආ... ඊට දෙවනි නැති රයිස් එකත්නෙ, තකට තක ෂොටෙන් ෂොටට ම සෙට් වෙන්නෙ. නිකම් සම්බ හාලෙ බත වුණාට එළවළු අඩුමකුඩුම ටිකත් එක්ක බිත්තරයකුත් දාලා, පොඩි පොඩියට කපපු පෝක් කෑලිත් හරි හරියට දාලා හදල තියෙනවා... චිලි පේස්ට් ටිකක් එහෙමත් ගැළපුණාට පස්සෙ මල් හතයි ඈ...
හිතන්න යාළු දෙන්නම බඩ පිරෙන්න ම කාලා තවත් ඉතුරුයි කියන්නෙ. හැබැයි පොඩි අවුලක් දෙකකුත් රයිස් එකේ නොතිබ්බම නෙවෙයි. ම්... එකක් තමයි, තව බිත්තරයක් වගේ එන්න ඕන. අනිත් එක තමයි, දාපු 90%ක්ම පෝක් කෑලි, තෙල්!
ඒකට මට්න් ඩෙවිල් එක. සැර ජාතියකට කියාපු ම තියෙන්න, සෝස් එහෙම දාලා මදි නොකියන්න. බාග වෙලාවට මට හිතුණ ඒකෙ සෝස් වැඩිදවත් කියල. ඇයි ඉතින් පොඩියට කපල, ගැඹුරු තෙලේ බැදපු මට්න් කෑලිවල මට්න් රසවත් හරියට එන්නෙ නැති තරම්නෙ. මාලුමිරිස්, ලූනු, තක්කාලි අඩුම කුඩුම ටික දාලා තිබ්බට... සෝස් අවුල තමයි ඉතින්.
ම්... මාළු ස්ටු එක නම් හොඳටම තිබ්බ ඈ... ඒවත් පොඩියට කපපු කෙලවල්ලන් වගේ වෙන්න ඕන. කොහොමහරි කිරිත් දාලා ඇති පදමට, ගම්මිරිස්, මාළු මිරිස්, කැරට්, අල ටිකත්, ටිකක් වැඩිපුර දාලා, තරමට හින්දල...
ඉතින්... අරක්කු කෙසේ වෙතත් පාන් ගෙඩියක් වගේ තියෙන්න තිබ්බෙ.
ඒ නොතිබ්බත් මං කියන්නෙ...
වැදුණ ඈ එකෙන් ම,
අන්තිමට බිත්ති අල්ලන් යන්නෙ...
දෙන්නම, ම්…!
Closed right now
Cuisine
Price Range
Dish Types
Noodles Fried Rice Beef Pork Chicken Fried Chicken Mutton Fish Fish And Chips Cuttlefish Alcoholic Bites
Ratings Breakdown
Delete Comment
Wasana3435
This was an old lovely memory with the team - http://rentstuffs.today/
good luck