4/5

The Shore By O!

College Avenue, Mount Lavinia


As far as beach bars go, Shore By O! is by far the most popular. Not all their drinks are excellent, but they do the best beer cocktails around and their bites aren’t too shabby either.


මුල් ලිපිය ලිව්වේ ඉන්දි

මේක පූර්ව ලිපියක් විතරයි. අපි මේ පිටුව ඉක්මනින් යාවත්කාලීන කරන්නම්.

ෂෝ බයි ඕ! නිලවශයෙන් විවෘත වුණේ මේ ඉරිදා. ඒක පරණ ගෝල්ඩන් මයිල් තිබුණ තැන පටන් ගත්ත විශාල බාර් එකක්. ඒක තියෙන්නේ හරියටම ගල්කිස්සේ මැද. ගල්කිස්ස කොළඹ සිට පැය භාගයක් තරම්වත් දුරයි. ඒත් දැන් මේක තමයි එහෙ තියෙන හොඳම තැන.

අපි මේක පූර්ව ලිපියක් විදිහට සලකන්නේ අපි එහෙ ගියේ ආරම්භක රාත්‍රියේ නිසයි. එයාලට තව ටික කලක් යයි පිළිවෙළක් වෙන්න. පිචර් ටවර් එකක් රුපියල් 1,400ක් වෙනවා. අපි දැකපු දිගම බාර් එක මේකයි. බාර් ඒක මීටර් 100ක් විතර දිගයි.

මෙතන හදලා තියෙන්නේ එකපාර මිනිස්සු 400කටවිතර ඉඩ සැලසෙන විදිහට. ඩච් හොස්පිටල් එකේ තියෙන පරණ බ්රුවරී බයි ඕ! බාර් එකට වඩා ටිකයි පොඩි.

අපි බීර සහ නොමිලේ දුන්න බයිට් හැපුවා. ඒත් අපිට තවම මෙතන ගැන ගුණ දොස් කියන්න බැහැ මෙහෙ කෑම බීම සහ සේවාව ගැන නොදැන. අපිට කියන්න පුළුවන් දේ තමයි ආරම්භක රාත්‍රියේ ඒක පිරිලා තිබුණා කියන එකයි. ඒ නිසා සේවාව හෙමින් සිදුවෙන්න පුළුවන්. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ පුහුණුකළ සේවකයන් තවත් යොදවලා ඒ ප්‍රශ්නය මග අරියි කියලා.

කොළඹ සිට මෙතනට තියෙන දුර අමතක කළොත් පිහිටි තැන සහ ගොඩනැගිල්ලේ සැලසුම ඉතාම ඉහළයි. ගල්කිස්සේ වෙරළ තමයි කොළඹ තියෙන හොඳම වෙරළ. එහෙ ඉර බැහැගෙන යනකොට හැබෑම ලස්සනයි. අපි බලාපොරොත්තු වෙනවා ඒක රසවිඳින්න ෂෝ බයි ඕ! එක්ක.

TIP

If you're looking to just have a couple of beers with friends, we suggest you go for their pitcher, which is great value for money.

Address

College Avenue, Mount Lavinia

Directions

From Galle Road, take Hotel Road towards the Mount Lavinia Hotel. Turn right onto College Avenue. They have some parking at the end of College Ave, or you can park before or down De Saram. Walk to the end of College Ave, cross the rail tracks and you're there.

Contacts

Facebook

Open 11 AM–11 PM

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
5


Latest