Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Shrave’s Kitchen (Malabe)

Malabe

  • Closed right now


Very tasty Sri Lankan Chinese & Indian Food. But some are spoiled!



ඉර එළියක් වැටෙනවා..

තඩි වැස්සක් වැටෙනවා…

දවසම ඔහොම මාරුවෙන් මාරුවට!

ඉතින්.. වැඩ කොච්චර තිබ්බත් පටන් ගන්න නිකම් මොකක්ද මොකක්ද වගේ.

“ම්.. මොකද කරන්නේ? බියර් එකක් ගහන්න නම් කියාපු දවස. ඒත් කොහෙද, මේ දවස්වල බියර් එකක් ගන්න ගාණට, බාර් ඇරියට පස්සෙ සතියකට බියර් ගන්න පුලුවන්නෙ. ඒ වැඩෙත් හරියන්නෙ නෑ.” කියලා, කල්පනා කරන එකත් අත ඇරලා දාපු මම ගත්තා ෆෝන් එක අතට. අරගෙන බුකිය පැත්තෙ රවුමක් ගහන්න හැදුවා විතරයි මෙන්න මැසේජ් එකක්.

‘පික්මි ෆුඩ් ඔෆර්’

“හෑ.. ඒකත් මරු වැඩේ ඈ.. බොන්නත් නැති එකේ අද කනවා.. බඩ පැලෙන්න කනවා..”

සනික ගියා පික්මි ඇප් එකට. ගිහිල්ලා මම සිටින ස්ථානය තෝරලා ඔන්න බැලුවා කඩ ලැයිස්තුව. ඒකත්.. චයිනීස් පාරක් දාන්න ආස හිතුන නිසා ‘චයිනීස්’ සිලෙක්ට් කරලාමයි බැලුවෙ. එහෙම බලාගෙන යද්දි ඉතින් එක තැනක් හම්බවුනා.. එතන පංකාදු චයිනීස් මෙනියු එකක් වගේම, බිරියානිත් තියෙනවා. 

“ට්‍රයි කරලා බලන්න ඔ්න. සමහර විට හිතනවට වඩා හොඳ වෙන්න පුලුවන්”

කියලා ඔන්න ඔ්ඩරේ දැම්මා. හයිඩ්‍රාබාද් චිකන් බිරියානි එකයි (රු. 650), මික්ස් නාසි එකයි (රු. 650), චිකන් චීස් කොත්තු එකයි (රු. 500), එග් බුර්ජි එකයි(රු. 400).

දාලා.. මූණකට එහෙම හෝදගෙන එනකොට ඩිලිවරිය අත ලඟ.

“හ්ම්.. ප්ලේස් එක මාලඹේ වුනාට සනික එවලනෙ”

ගේට්ටුව ලඟට ගිහිල්ලා හිටං. ඩිලිවරි අයියටත් පොඩි ටිපක් දීලා උණු උණු පාර්සල් ටික ඔන්න කෙලින්ම කුස්සියයට. අරගෙන ගිහිල්ලා.. පිඟන් වලට දාලා.. හැඳි ගෑරුප්පු එක්ක මේසට තියලා නිකම් මම නෙවේ වගේ, කලිසමක් දාගෙන ඇවිල්ලා වාඩිවුනා හෝටලයක වගේ.

“සැහ්.. හරි සෝක්නෙ. සුවඳ එහෙම! හප්පේ.. චිකන් කෑල්ලට කුකුංමත් දාලා පදම් කරලා තියෙන්නෙ. අනික නාසියත්.. කටට කෙල උනන ගතියට ඈ”

කිව්වට පටන් ගත්තෙ කොත්තුවෙන්. මොකද ඒකෙ පාටෙ හැටියට මට හිතුනා චීස් ටිකක් හොඳටම දාලා ඇති කියලා.

“හිතුවා හරි. හොඳ චීස් රහට ඈ.. කිරි ටිකකුත් දාලා නැතුවම නෙවෙයි. හැබැයි රස පදම පංකාදුයි. කැරට්, ලීක්ස්, ගෝවා, මාළු මිරිස් අඩු පාඩු ටිකත් ගානට දාලා. ම්.. එකම අවුල, සැර හදලා තියෙන්නෙ ගම්මිරිස් වලින් විතරයිද කොහෙද. සත්තයි කොච්චි කරලක් වැටුනා නම්.. මල් හතයි. මොකද ඒ රෝස්ට් චිකන් කෑල්ලත් තඩි සයිස්නෙ. පොඩියට කඩලා මික්ස් කරලා තිබ්බට, අම්බානක චිකන්”

ඊට දෙවනි නැති නාසියත්..

කිරි අප්පේ.. ඒකෙ නම් පදම තරු පන්තියෙන්. හැරත් නොදාපු දෙයක් නෑ ඒකට. රෝස්ට් චිකන් පොඩියට කපලා.. ඊට පස්සෙ සොසේජස්, දැල්ලො, ඉස්සො, මාළු, බිත්තර. ඔක්කොමත් හරි බුල්සායි එකක් උඩින්ම. කීරි සම්බා හාලෙ බතට ටොප් එකට රස ගැලපෙන්න සෝස් දාලා, තෙල් ගතියත් නූලට තියෙන්න.. ආහ්, ඒ විතරක් නෙවෙයි කැරට්, ලීක්ස් සියල්ලත් මික්ස්ඩ්..

ඔක්කොමත් හරි ඒකට ආපු හොද්දනෙ. අනේ මන්දා මස් හොද්දක්ද මොකකද් කියලා. මාරම රසයි ඈ..

ඒ වගේම එයාලගෙ එග් බුර්ජියත් නාසියටම තකට තක. හොඳහැටි කැරලි වෙලා බැදෙන්න බිත්තර 2, 3ක් දාලා, ඒකට ඉඟුරු, සුදුලූණු, කරපිංචා ඇතුලු සියලු අඩුම කුඩුම ටිකත් දාලා.. ටොප්!

ආයෙ.. බිරියානිය?

බාස්මති හාලෙන්. බිරියානි මික්ස් හෝ ස්පයිසස් සියල්ලත් දාලා.. හැබැයි ටිකක් විතර මදි වගේ. අනිත් කාරණය තමයි බත් ඇටවල වියළි ගතිය. රස, සුවඳ තිබ්බට මට නිකම් සැකයක් තිබ්බා කලින් හදලා, රත් කරලා වත්ද කියලා. ඒත් ඉතින් රස නිසා කාගෙන කාගෙන ගිහිල්ලා..

ගත්තනෙ චිකන් කෑල්ල අතට. අරගන කෑල්ලයි කඩාගෙන කෑවෙ..

“ක්‍රෑහ් තුහ්! යකෝ මේක නරක් වෙලානෙ. ඇතුල ඔක්කොම සෙවල වගේ ඇලෙනවා. පිලුණ ගඳත් නහය කඩාගෙන යන්න”

මට නේද..

හිතන්නකො යාළු අර විදියට කාලා අන්තිමට ‘චිරණ පකන්’ කෑල්ලක් කැවුනාම?

Leave a comment



Latest