Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Skoops

255 R. A. De Mel Mawatha, Colombo


Skoops serves up homemade ice cream and is fairly priced.



කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාරෙ පටන් ගැම්මත් එක්කම තියෙන බස් හෝල්ට් එකේ..

,කිව්වට බස් හෝල්ට් එක පිටිපස්සෙ ඈ.. 

අළුතෙන් දාපු පුංචි පහේ අයිස්ක්‍රීම් කඩයක්. 

ම්.. කඩේ පුංචි වුනාට, ඇතුල හොඳහැටි ඒසී කරලා.. ලස්සන වුඩ්න් මේස බංකු ටිකකුත් දාලා 6, 7 දෙනෙක්ට සුවපහසුව වාඩි වෙන්න..

ඒ විතරක් නම් බැරියැ තියෙන අයිස්ක්‍රීම් ජාති ටික?

හප්පේ.. අපිත් නිකම් ඇතුලට ගියපු අනික් පැත්තට ෆුල් අන්දුන් කුන්දුන්..

ලොකු ෆ්‍රීසර් එකක යාලු, පොඩි ඇලුමිනියම් බකට් සෙට් එකක, පේලියට.. 

පැෂන්ෆෘට්, ෆෘට් ඇන්ඩ් නට්, ස්ට්‍රෝබෙරි, බ්ලුබෙරි, කැරමල්, බටර් ස්කොච්, චොක්ලට්, හේස්ල්නට්.. අනේ මන්දා ජාති තොගයයි...

වැඩේ වුනේ එහෙම තියෙද්දි අපිට තෝරගන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරුව ගියපු එකනෙ! අනික, ඒ මදිවට බ්‍රවුනි අයිස්ක්‍රීම් සැන්ඩ්විච්, ෂේක්ස්, ලටේ..

කිව්වට විශ්වාස කරන්න යාළු පුංචි කප් ටික තෝරන්නම සාම්පල් 7, 8ක් බලලා විනාඩි 10, 15ක් විතර ගියා. ගිහිල්ලා තමයි යාන්තම් ඔ්ඩරේ දාගත්තෙ පැෂන් එකයි (රු. 300), චොකෝ එකයි (රු. 200), ෆෘට් ඇන්ඩ් නට් (රු. 200) එකයි, බ්‍රවුනි සැන්ඩ්විච් එකයි (රු. 200), මයිලෝ ෂේක් එකයි (රු. 450).

ඒ දාලා ඉතින් අපි මේසෙට වාඩි වෙද්දිම කප් ටික මේසෙ උඩ.

ම්.. ඊටපස්සෙ මම අතට ගත්තු චොකෝ එක?

අනේ මන්දා.. ඇත්තටම ඒකෙ චොක්ලට් රස සෑහෙන්නම අඩුයිනෙ. මොකක්දෝ වතුර ගතියක් එක්ක ලෝ කොලිටි චොකෝ රසක් එන්නෙ. 

හැබැයි විශ්වි කාපු සැන්ඩ්විච් එකේ බ්‍රවුනි එකත් මරු, අයිස්ක්‍රීම් එකත් මරු. අයිස් ක්‍රීම් එක පට්ටම කිරි රසයි. බ්‍රවුනි එකත් ටිකක් වේලිච්ච ගතියට තිබ්බට චොකෝ අයිස් ක්‍රීම් එකත් එක්ක බලද්දි රස සෑහෙන්න හොඳයි.

ඒකට බලන්න එපැයි යාළුවා කාපු පැෂන් අයිස් ක්‍රීම් එක!

ෂැහ්, ටොප් ආ.. කෙලින්ම ආයෙ බොරු නෑ කටට හැපෙන්නම පැෂන් තියෙනවා. පොඩියට පැෂන් සිරප් රසකුත් ආවාට රස අතින් නොම්මර එකයි.

ඒ වගේම තමයි ෆෘට් ඇන්ඩ් නට් එකත්. පළතුරු මොන මොනවා දාලද කියන්න තරම් නම් කියන්න අමාරුයි. හැබැයි කජු එහෙම හීනියට ලියලා දාලා.. ඊටත් අයිස් ක්‍රීම් එකේ රසත් පංකාදුවට තියෙනවනෙ..

කොහොම කොහොමින් හරි අන්තිමට රස බලපූ.. මයිලෝ ෂේක් එක!

බොරු කියන්න ඔ්න නෑනෙ. මට නම් ඒක සෙට් නෑ. මොකද ඒකෙ මයිලෝ මදි. ඒ මදිවට ක්‍රීම් දාලා හෙන තොගයක්. උඩින් මයිලෝ සිරියල් 6, 7ක් දාලා තිබ්බට..

අනේ මන්දා..!

Address

255 R. A. De Mel Mawatha, Colombo

Contacts

Report Inaccuracy

This place has closed down

Price Range

Less than 500

Dish Types

Cookies Ice Cream Coffee Milkshakes Chocolate

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment