Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for TEA STALLS sbb 1 Artwork for providore.shop sbb 2

4/5

Spicy Mango

12, Kirulapone Mawatha, Colombo 05


Fresh and authentic Sri Lankan food.



මේ ටිකේ ම ගෙදර කෑම ම කාල ඇති වෙලා නං, එළියෙන් කන්නෙ කවදද කියල ඇඟිලි ගැණ ගැණ ඉන්නව නං, කඩෙන් කන්න ලොක්ඩවුන් එක ඉවර වෙනකන් ම ඉන්න ඕන නෑ කියල මතක් කරන්නයි මේ හදන්නෙ. ඊයෙ පෙරේද දවසක රෑ කෑමට අපි පික්මී ෆුඩ් ඕඩරයක් දාල කිරුළපනේ ‘ස්පයිසි මැන්ගෝ’ එකෙන් කෑම ගෙන්නගත්තා. ඒගොල්ලො ඩිලිවරි විතරක් කරන, ශ්‍රී ලංකන් කෑම හදන කට්ටියක්.

කෑම

මෙතන මෙනු එකේ රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, බිරියානි, නාසිගුරන්, කොත්තු, නූඩ්ල්ස්, පැස්ටා වගේ විවිධ ජාති ගොඩක් තියනවා. චිකන්, සීෆුඩ්, බීෆ් ජාති තුනෙන් ලබාගන්න පුළුවන්. අපි ඕඩර් කළා සීෆුඩ් නාසිගුරන් එකයි (රු. 900), චිකන් කොත්තු එකයි (රු. 520).

මේ සීෆුඩ් නාසිගුරන් එක. කාඩ්බෝඩ් පෙට්ටිය අරිනකොට ම ආපු සුවඳෙන් රස නහර අවදි වුණා කිව්වොත් හරි. පෙනුමෙන් ම බඩ පිරෙන ගාණයි. සෑහෙන ලොකු පෝෂන් එකක්. ඉස්සො, දැල්ලො, මාළු, කෑලි ගොඩක් එක්ක කැරට්, ලීක්ස්, ගෝවා කෑලි ගොඩක් බතට මික්ස් කරලා. කුළුබඩු ජාතිත් පදමට එක්කහු කරපු, හොඳට තැම්බුණ, කටට සැර බාස්මතී බතක්. නියම නාසිගුරන් රස. ඒකට අඹ චට්නියෙ පැණි රසයි, හොඳට ඉදුණ අන්නාසි පලුවක ජූසි ගතියයිත් කවලම් වුණාම පංකාදු පහයි. මදි පාඩුවට බැදපු බිත්තරෙත් තිබුණා.

චිකන් කොත්තුවට හොඳ සැර, ප්‍රමාණයෙන් ලොකු චිකන් තයි එකක් බෙදල තිබුණා. ලෝබ නැතුව ලූනු, අමුමිරිස්, මාළු මිරිස්, ගෝවා, කැරට්, ලීක්ස් එහෙම එකතු කරලා, රොටි කෑලි පුංචි වෙන්න කොත්තුව හොඳට චොප් කරල තිබුණා. රම්පෙ, කරපිංචා, සේර, ඉඟුරු රහ එහෙමත් දැනෙන්න සෑහෙන ස්පයිසස් ගොඩකුත් දාලා. පොඩි අවුලකට තිබුණෙ ලුණු පොඩ්ඩක් වැඩි එක. මේකෙත් පෝෂන් එක දෙන්නෙක් කාලත් තව ටිකක් ඉතුරු වුණා.

අතුරුපස

චොක්ලට් මූස්, මැන්ගෝ මූස්, වටලප්පම්, කුල්ෆි, චොක්ලට් බිස්කට් පුඩිං වගේ අතුරුපස මේගොල්ලො ළඟ තියනවා. නමත් ‘ස්පයිසි මැන්ගෝ’ නිසා ම අපි තේරුවෙ මැන්ගෝ මූස් (රු. 150).

පැණි රස අඩු, වැනිලා රස ස්මූත් ටෙක්ස්චර් එකක් තිබුණ මූස් එක උඩට චොප් කරපු අඹ කෑලි දාලා. අපි අනෙක් කෑම ටික කාල ඉවර වෙලා බලද්දි මේකේ කූල් එක ගිහින්. ඒ නිසා නියම රහ විඳගන්න බැරි වුණ සීන් එකක් තමයි වුණේ. හැබැයි මූස් එක මාර සොෆ්ට් වගේ ම ක්‍රීමි ගතියයි. 

අවසන් වශයෙන්

සමස්තයක් විදිහට කෑම ටික සුපිරි. මෙනු එක බැලුවම ගණන් නං ටිකක් වැඩියි වගේ පේන්න තිබුණට, කෑමවල කොලිටිය එක්ක බැලුවම ඒ ගාණ ගෙව්වට පාඩු නෑ කියල හිතෙනවා. ආයෙ සැරයක් ඕඩර් කරල මේගොල්ලන්ගේ රයිස් ඇන්ඩ් කරිවලයි බිරියානිවලයි රසත් බලන්න ඕන!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment