3/5

Spinneys Restaurant

No. 9, Old Kottawa Road, Jubilee Post, Nugegoda.


A small resto that serves up Sri Lankanised Chinese fare as well as rice and curry and short eats.


මෙදා පාර අපි පික්මී ෆුඩ් එකෙන් ඕඩර් එකක් දැම්මා නුගේගොඩ ජුබිලි කණුවේ තියන Spinneys රෙස්ටොරන්ට් එකට. මේ තියෙන්නේ ඒ තතු විත්ති. 

කෑම 

අපි ගත්තා ස්වීට් කෝන් ඇන්ඩ් චිකන් සුප් එකයි (රු. 860), සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකයි (රු. 930), චිකන් කරියයි (රු. 360).

සුප් එකට බේබි කෝන් වෙනුවට පාවිච්චි කරලා තිබුණෙ ලොකු ඉරිඟු ඇට. පුංචියට කෑලි කරපු චිකන් ගොඩක් දාල තිබුණා. ලුණු රහයි පැණි රහයි ගාණට මික්ස් වෙලා තිබුණට සාමාන්‍යයෙන් ඉඟුරු සුදු ලූනුවලින් එන කික් එක නම් ලොකුවට දැනුණෙ නෑ. ගම්මිරිස් කුඩු ටිකක් එහෙම ඉහලා තිබුණ නං නියමයි. කොහොම වුණත් උණු උණුවෙ ආපු නිසා බොන්න බැරිකමක් තිබුණෙ නෑ. ලාජ් පෝෂන් එකක් නිසා මේක ලොකු සුප් එකක් වුණත්, මිල නං ටිකක් වැඩියි. 

සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් පෝෂන් එක ලොකුයි. බත හොඳ සුමුදුවට තැම්බිලා තිබුණා. ඉස්සො, දැල්ලො, මාළු, බිත්තර කෑලි ගොඩක් එක්ක කැරට්, ලීක්ස්, ලූනු ඇති පදම් මික්ස් කරලා හොඳට තෙම්පරාදු කරලා. මේකට මදි පාඩුවට කටට සැර චිලි පේස්ට් චුට්ටකුත් ආවා.

චිකන් කරිය ගැන කිව්වොත්, මේකේ තිබුණෙ එක චිකන් පාට් එකයි. මිලත් එක්ක බැලුවම ඒක කමක් නෑ කියල කියන්න බැරිකමක් නෑ. මොකද කුළුබඩු එක්ක හොඳට කටට සොෆ්ට් ගාණට කුක් වෙලා එහෙම තිබුණ නේ. ග්‍රේවි එකත් සෑහෙන ස්පයිසි ගතියයි. 

අවසන් වශයෙන් 

අඩුවැඩි වශයෙන් මෙතන හොඳ නරක දෙක ම තියනවා. විශේෂයෙන් ට්‍රයි කරන්න කියල කියන්න තරං දේකුත් නෑ. ඉතින් සාමාන්‍ය ශ්‍රී ලංකන් චයිනීස් කෑම වේලකට Spinneys එක නරකමත්  නෑ කියල තමයි කියන්න වෙන්නෙ.



Latest