Colombo road, Piliyandala
Open until 10:00 PM
Good Indian restaurant to taste some South Indian vegetarian food.
කොහුවල ‘සායි භවන්’ එක දැක්ක දවසෙ ඉඳන්..
අපේ චතුර ගිහින් ඒකෙ රිවිව් එක ලියපු දවසෙ ඉඳන්..
කවදද ගොඩවෙන්නෙ කියලා ඇඟිලි ගැන ගැන හිටියෙ.
ඒ ඉන්න අතරෙනෙ..
පහුගිය සතියෙ පිළියන්දල ගිය වෙලාවෙ,
මෙන්න එහෙත් ‘සායි භවන්’ එකක්!
කතන්දර නෑ යාළු එවෙල තිබ්බ බඩගින්නත් එක්ක..
සනිකවම, සනිකවම යාලුවයි මායි ඇතුලට. ගිහිල්ලා කෙලින්ම ගොඩවුනේ උඩ තට්ටුවෙ භෝජනාගාරයට. ගොඩවෙලා අත් දෙක හෝදගෙන එද්දි මෙන්න සේවක මිත්රයත් එතනම.
“අපිට.. ඉඩ්ලියි (රු. 90), උලුඳු වඩෙයි (රු. 60) ගේන්න දැනට.
ඔ්ඩරයක් දාන්න.. ඔයාලගෙ ‘සායි භවන් ස්පෙෂල් තෝසයකුයි (රු. 500), පූරි සෙට් එකකුයි (රු. 240).
ආහ්.. මසාලා ටී (රු. 90) දෙකකුත් ඔ්න අයියෙ තෝසෙත් එක්කම ඈ..”
ඔ්ඩරේ දාලා ඉතින් ලොකු වෙලාවක් නෑ.. විනාඩියට දෙකට, ඉඩ්ලි සහ උළුඳු වඩේ ටික මේසෙට. ඒ එක්කම සාම්බාර්, සම්බල් ටිකත් ආපු නිසා.. දෙකෙන්ම එක ගාණෙ දාගෙන ඔන්න දෙන්න බැස්සා වැඩේට.
චැහ්.. ඉඩ්ලිය නිවිලනෙ. වෙලාවට සාම්බාර් එක උණුවෙන් තිබ්බෙ. ඊටත් ඒකෙ උඳු රසක් එහෙම ගෑවිලාවත් නෑ. හැබැයි සාම්බාර් එකේ වට්ටක්කා, මුරුංගා, සෝයා, පරිප්පු ඇති හැටියට. රසයි සුවඳයි.. පංකාදු පහයි.
වැඩේ වුනේ ඉඩ්ලිය එහෙම ගිලදාලා වඩයෙන් කෑල්ලක් කද්දිනෙ.
හපෝ.. ඒකෙ මොකක්දෝ මුඩු රහක් වගේ. එක්කො පරණ තෙල් වලින් බැදලා, නැත්නම් ගී අනං මනං ජාති බදින තෙලෙන්ම බැදලා. කන්න තියා..
වෙලාවට අර හොඳ රහට, ෆ්රෙෂ් එකට හදල තිබ්බ සම්බල් දෙක තිබ්බෙ. නැත්නම්.. ඒකත්,
බ්ලෑ..හ්!
හැබැයී.. කෑම තියා සංසාරෙ එපාවෙලා ඉඳිද්දි මේසෙට ආපු උණු උණු ස්පෙෂල් තෝසෙ එක!
දෙකට කපලමයි තිබ්බෙ. කෝකටත් ෂුවර් නැති නිසා දෙන්නා එක කෑල්ලක් විතරක් ගත්ත රස බලන්න. අරගෙන.. සාම්බාර්, සම්බල් එහෙමත් දාගෙන,
කටක් කෑවා..
නොම්මර එකයි, මල් හතයි කියන්නකො. සයිස් එකත් දෙන්නෙක්ට බඩ පැළෙන්න. ඊටත් මැද්දෙ පිරවුම? අල, ලූණු, තක්කාලි, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, ගී ත් දාලාද කොහෙද සුවඳේ බෑ. ඔක්කොමත් හරි දෙවනි කට කද්දි මෙන්න කොච්චි සුවඳක් එක්ක සැරක්..
ආයෙ එපමණයි ඉතින්..
දාගත්තා තෝසයම,
සාම්බාර්, සම්බලුත් ඇති වෙන්න,
බස බස ගාලා වැඩේ දුන්නෙ ඔ්..
ඒ දීලා අනික් පැත්තට..
ඒ වෙද්දි මේසෙට ඇවිල්ලා තිබ්බ පූරි සෙට් එකත් දාගත්තා ඒකටම,
සම්බලුයි, සාම්බාරුයිත් මදි නොකියන්න දාගෙන..
විනාඩි 5ට 10ට..
පූරිවල නෑ යාළු හැබැයි අර මුඩු රස. ඒ විතරක් නෙවෙයි ඒ මැද්දට වැටිල තිබ්බ මසාලා මික්ස් එකෙත් කොච්චි..
ආයෙ කියන්න ඔ්න නෑනෙ ඉතින් නේ..!
ආහ්.. මසාලා ටී එක.
පංකාදුයි. හොඳහැටි කහට දාලා හදපු ටී එකකට එවෙලෙ කොටපු එනසාල්, කරාබු කුඩු දාලා..
සුවඳටම පෙවුනෙ, ඔ්..
උණු උණුවෙ නිසා උගුරට දෙකට.. වාෂ්පයි!
Open until 10:00 PM
Cuisine
Price Range
Dish Types
Vegetarian Rice And Curry Indian Sweets Dosa Naan Parata Fruit Juice Milkshakes Lassi Roti
Ratings Breakdown
Hotel Suvai is a gem of a restaurant in Battaramulla.…
A one-stop shop on the way to/from airport or to your getaway.…
Delete Comment
Wasana3435
We organized an event here by our team - http://rentstuffs.today/
It was a amazing event. good luck