3/5

Steam Boat (Nawala)

14, Narahenpita Road, Nawala


Some of the food at Steamboat is good, but the delivery service and website are a bit of a shambles.


මේ සතියේ එක් රැයක ටිකක් වෙනස් රාත්‍රී භෝජනයක් ගැන සිතමින් අපි තීරණය කළා, නාවල Steam Boat වෙතින් (දුම් බෝට්ටුවෙන්) Sushi Bento Box එකක් ඇණවුම් කරන්න. අපි ඔවුන්ගේ වෙබ් අඩවියෙන් ඒවා ගැන විස්තර සොයාගත්තා. ඒත්, ඔවුන්ගේ මෙනුවෙන් වෙනත් යමක් ඇණවුම් කරන්න බලනවිට දුටුවේ සලාද වර්ග විතරයි. වෙබ් අඩවියේ ඩ්‍රොප් ඩවුන් මෙනුවේ සියලු වර්ගවල ආහාර තිබුණත්, ඒවා සම්බන්ධ පිටු හෝ පිංතූර ඇත්තට විවෘත වන්නේ නැහැ.  අවසානයේදී මම ඔවුන්ට දුරකථනයෙන් කතා කර ඇසුවා ඔවුන් ළඟ තිබෙනවාද කියා චිකන් ෆ්‍රයිඩ් රයිස්. ඔවුන් මට ආපසු කතා කර මිළ කීයද කියා කියන්නම් කීවත්, කතා කළේ නැති නිසා මම ආපසු කතා කර ඇසුවා. මුළු බිල රු. 1,400යි.  – රු. 950ක් Bentoවට සහ රු. 450ක් ෆ්‍රයිඩ් රයිස් සඳහා. ඊට අමතරව ගෙදරට ගෙනත් දීමට රු. 120යි. ඔවුහු කීවා මගේ කෑම දැන් මග ඇති බව.

මෝටර් බයිසිකලයෙන් කෑම ගෙන ආ පුද්ගලයා ගෙනැවිත් තිබුණේ බෙන්ටෝ බොක්ස්එක විතරයි. ඔවුන්ට ෆ්‍රයිඩ් රයිස් අමතකවෙලා. අපි ඒ බව ඔවුන්ට කතාකර කීවාම දුරකථනයට කතා කළ පුද්ගලයා ඔහුගේ සගයා සමග එක්ව හිනා වුණා. විනාඩි විස්සෙන් එවන්නම් කිව්වා. ඊටත් කලින් කෑම ආවා. මෙවර පරණ ත්‍රිරෝද රියක.  මිනිහා හොඳයි. ඒත් ඔහු ළඟ මාරු සල්ලි නැහැ. අපට ලාච්චු පතුල් හූරන්න වුණා මුදල් ගෙවන්න.

බෙන්ටෝ බොක්ස් එක නියමයි. එහි තිබුණා nigiri, maki සහ sashimi. ඒ වගේම පලතුරු ටිකක්, බත්, අච්චාරු, ඉඟුරු සහ වසබි. සියල්ල අලුත් හා රසවත්. ඒත්, ෆ්‍රයිඩ් රයිස් එකනම් කිසිම රසක් නැහැ. මේ හා සමාන තැන් වූ තිඹිරිගස්යායේ Moon River වැනි තැන්වලින් මා කෑ ෆ්‍රයිඩ් රයිස් මීට වඩා රසවත්. ඒත්, ස්ටීම් බෝට් ෆ්‍රයිඩ් රයිස්එක මිළෙනුත් වැඩියි.

මෙවැනි දේ හැමදාම නොවෙනවා වෙන්නත් පුළුවන්. ඒත්, මම නම් ආපසු මේ දුම් බෝට්ටුවට එන්නේ සුෂි කන්න ඕනෑවුණොත් විතරයි. ඒත්, එහි ගියොත් ඔබට මට වඩා රසවත්, සුහද අත්දැකීමක් ලබන්න පුළුවන් වේවායි පතනවා.

TIP

If you do order delivery from Steamboat make sure the guy who takes your order reads it back to you if you want to get everything you asked for.

Address

14, Narahenpita Road, Nawala

Contacts

Website

Closed right now

Dish Types

Cuttlefish

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3


Latest