Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Stella Kitchen

253, Stanley Tilakaratne Mawatha, Nugegoda


A delivery and takeaway spot in Nugegoda.



ස්ටෙලා කිචන් තියෙන්නෙ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න පාරේ. මේක ඩිලිවරි සහ ටේක් අවේ වලට විතරක් වෙන් වුණු පුංචි කෑම කඩයක්. ළඟදි අපි එහේ ගියේ ටේක් අවේ ඕඩරයක් දාන්න හිතාගෙන. තැන හොයාගන්න ගියාම පොඩ්ඩක් පැටලෙන්න ඉඩ තියනවා. මොකද මෙතන බෝඩ් එක ගහල තියෙන්නෙ ස්ටේෂන් 20 කියල. දැන් ස්ටෙලා කිචන් කියල නම වෙනස් කරල තියන බවත් , ළඟදි ම බෝඩ් එක මාරු කරන බවත් මේගොල්ලො අපිට කිව්වා. පික්මී ෆුඩ්, ඌබර් ඊට්ස් හරහා මෙතනින් ඩිලිවර් කරගන්නත් පුළුවන්.

කෑම 

අපි ගත්තෙ ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකයි (රු. 160), චිකන් බුරියානි එකයි (රු. 300).

ෆිෂ් රයිස් ඇන්ඩ් කරි එකට පරිප්පු, මාළු, සලාද, පතෝල, සෝයාමීට් බෙදල තිබුණා. බත නං පොඩ්ඩක් වේලිලා. මාළු හොදි ගොඩක් දාල තිබුණෙ වෙලාවට. මාළු කෑල්ල හොඳ සැරට, කටට සුමුදුවට තිබුණා. සෝයාමීට් ටික පොඩ්ඩක් තදයි. තව පොඩ්ඩක් සොෆ්ට් වුණා නං හොඳයි. පරිප්පුවෙත් ලොකු විශේෂයක් නෑ. සාමාන්‍යයි. පතෝල එක නං මිරිස් ගොඩක් දාල නිසා කන්න පුළුවන්කම තිබුණා. හැබැයි ෆ්‍රෙෂ් මදි.

බුරියානි එක රයිස් ඇන්ඩ් කරිවලට වඩා සෑහෙන උඩින්. ලොකු මසාලා රහක් නැතත් සම්බා බත ස්පයිසස් දාල රහ කරලා තිබුණ බව කියන්න ඕන. චිකන් කෑලි දෙකත් සැරට රහට කුක් වෙලා හොඳ තත්ත්වයෙ තිබුණා. චිකන් හොදි පොඩ්ඩකුත් වෙන ම දුන්න නිසා තවත් හොඳයි. රයිස් ඇන්ඩ් කරි එකේ තිබුණ සලාදෙ මේකටත් බෙදල තිබුණා. අන්නාසි වැඩිපුර දාලා, තක්කාලි, කැරට්, පිපිඤ‍්ඤා, අමුමිරිස් එක්ක ලුණු ඇඹුල් හොඳට මික්ස් වෙලා. හොඳ ෆ්‍රෙෂ් ගතියයි.

අවසන් වශයෙන් 

ස්ටෙලා කිචන් එකේ රයිස් ඇන්ඩ් කරි ගැන නං අපෙ වැඩි මනාපයක් නැතත් බුරියානි එක සතුටුදායකයි. ඉතින් ඒගොල්ලො රයිස් ඇන්ඩ් කරිවලටත් ඒ වගේ හොඳ අවධානයක් දෙනව නං ආයෙත් පාරක් මේ පැත්තෙ යන්න අපි ලෑස්තියි.

Address

253, Stanley Tilakaratne Mawatha, Nugegoda

Contacts

Facebook

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment