Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Sugar Bistro & Wine Bar

5, Alexandra Place, Colombo 07

  • Open until 11:00 PM


The Sugar Bistro & Wine Bar has set up shop amongst the swanky cafes in the newly revamped ODEL foodcourt.



ක්‍රෙස්කැට් එකේ ෂුගර් බිස්ට්‍රෝ එක කොළඹ සැහෙන්න ජනප්‍රිය තැනක්. හොඳ කෑම බීම වගේම සැහැල්ලු වාතාවරණයක් තියෙන නිසාම තමයි මේක මෙච්චර ප්‍රසිද්ධ වුණේ. ෂුගර් එක දැන් අලුත් ODEL ප්‍රෝමෙනාඩ් එකේ තව ශාඛාවක් විවෘත කරල තියෙනවා.

තැන

තැන පරණ එකට වැඩිය හුඟක් වෙනස්. මෙතැන පොඩි ‘හිප්ස්ටර්' ගතියක් තියෙනවා. ලී මේස දාල, කපරාරු නොකරපු බිත්ති තියාගෙන, වෙනස් ම ශෙෙලියක ඡායාරූප එල්ලලා, මාර සීන් එකයි. ඇතුළේ වැඩි ඉඩකුත් නැහැ. මේස පුටුත් පොඩියට තියෙන්නෙ. එළියේ නං ඉඩ තියෙනවා. හැබැයි දවල් වරුවක නං අව්වේ තමයි කන්න වෙන්නෙ. වාතාවරණයත් හරි වෙනස්. මෙතන හරි සද්දයි. මිනිස්සුන්ගේ කර්ච්චලේ විතරයි නෙමෙයි, ඒ සද්දේ වැහෙන්නත් සංගීතේ සද්දේ ටිකක් වැඩියට තියල තියෙන්නෙ.

සේවය නං මාර හොඳයි. හොඳ යාලුවෙක්ගෙ ගෙදර ගියා වගේ. අපිට මේසයක් හොයල දුන්න, මේස මාරු කරන්න ඇහුවම ඒකත් ඒගොල්ලෝම කරලා දුන්න. මෙනුව හොඳට අඳුරනවා. කෑම පටස් ගාල ගෙනත් දුන්න. හරිම සුහදව කතා කළා.

කෑම බීම

ෂුගර් එක ප්‍රසිද්ධ ඒගොල්ලොන්ගේ ෂුගර් බර්ගර් එකට. ඒ වුණාට බර්ගර්ස් වලට වෙනම මෙනුවක් මෙගොල්ලොන්ට තියෙනවා. එකෙන් නිව් යෝර්කර් බර්ගර් එක අපි ගත්ත. රු.1200, එක කටකට කන්න බැරි සයිස්. පිහියෙන් කෑලි කරලා තමයි කන්න වුනේ. මේකේ බීෆ් හරි චිකන් පැටියක්, මොසරෙල්ලා චීස්, පෙපරෝනි, තෙල් දාපු බටන් හතු, තෙල් දාපු ළුණු, පීසා සෝස්, සලාද කොළ අඩංගු වෙනවා. මේක පට්ට රසයි. කටක් දිවට ගෑවිච්ච ගමන් , තමන්ගේ දවස කොච්චර චාටර් වුණත්, මුණට සිනාවක් පහල වෙයි. මේකේ නියම රස තියෙන්නෙ පැටියෙ. හොඳ මස් කුට්ටියක්, කුළුබඩු දාල ගානට පදම් කරලා, ලස්සනට රෝස් වෙලා එන්නෙ. තෙල් දාපු ළුණු, හතු වල රසත් එකතු වුණාම තවත් සිරා. ඇයි ,චීස්, පෙපරෝනි? ලොකු ගාණක් තමයි, ඒවුනාට හැම වියදම් කරපු හැම සතේටම වටිනාකමක් ලැබුණා කියල ෂුවර්.

ෂුගර් එකේ බත් කෑමත් තියෙනවා. මටන් කරියත් එක්ක එන කහබත් කෑම රු.1350. මේකත් එක්ක පිපිඤ්ඤා රයිටා, ළුණු සම්බල්, අඹ චට්නි එනවා. බත් එකනං එච්චර වැඩක් නැහැ. ටිකක් බෙරිවෙලත් වගේ තිබුණේ. බත් එකත් එක්ක මිශ්‍රවෙලා එන මටන් මස් නං සුපිරි. අර බර්ගර් එක වගේම සිරා. මේක ලංකාවේ රසකට හරියන විදියට තුනපහ දාල මිරිසට උයල වගේ තිබුණේ. මස් කෑලි පොඩ්ඩක් විතර හයියට තිබුණත්, රස දැනුණාම ඒවා මතක් වුණේ නැහැ. එකම ප්‍රශ්නේ තියෙන්නෙ ගෙවපු ගානේ හැටියට පිඟානට ආව වගේ දෙගුණයක් වත් ආවනං තමයි වටින්නේ. ඒ වුණාට කියන්නේ ඕනේ මේක කාල ඉවර වෙනකොට හොඳ බඩ පිරිලා හිටියේ.

අතුරුපසට චුරෝස් (රු.450). චුරෝස් කියන්නේ යුරෝපිය, දකුණු ඇමරිකානු වගේ පැතිවලින් සම්භවයක් තියෙන පැණි රස කෑමක්. නිකං යෝධ සීනි මුරුක්කුවක් වගේ. හැබැයි මුරුක්කු වගේ හයිය නැහැ. පිට කරස් ගාල හැපෙන අතරෙම ඇතුළේ මෙළෙක්. කන්න එන්නෙ චොක්ලට් හරි නැවුම් ස්ට්‍රෝබෙරි සෝස් එකක් එක්ක. හරි රසයි.

බොන්න ගත්තේ පැෂන්, අන්නාසි සහ දොඩම් ජූස් එකයි (රු.650), මින්ට් සහ දෙහි කුලර් එකයි (රු.500). දෙකේම බලාපොරොත්තු වෙන නැවුම් පලතුරු රසේම එනවා. සීනි දාලත් නැහැ.

අවසානයට

එදිනෙදා කෑමට ගියොත් සාක්කුව හිස් වෙන එක ඇත්ත. ඒ වුණාට ගානට වටිනවා. ඉඳල හිටලා ගිහිල්ල හොඳට රස බලලා එන්න. අනිවාර්යයෙන් හොඳ අත්දැකීමක් වෙයි.


TIP

No alcohol is served between 2 - 5 PM.

Address

5, Alexandra Place, Colombo 07

Directions

The ODEL department store is right down Alexandra place, in Town Hall.

Contacts

Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
N
1

2/5

0

nadeerar

Stopped for tea and was given such a poor excuse for it!! Customer service also not great.

N
1

2/5

1

Nishadiwathsala

Bad customer service. Don't even know how to respect the customers with dignity.

N
1

2/5

0

nadeerar

Stopped for tea and was given such a poor excuse for it!! Customer service also not great.

N
1

2/5

1

Nishadiwathsala

Bad customer service. Don't even know how to respect the customers with dignity.

See 3 Comments