Artwork for New PickMe Flash banner 18 May 2021
Artwork for Truly Ceylon Top banner 1 - 1 week only
Artwork for PMF Free delivery campaign Artwork for Coffee post sidebar 1-Aga coffee

5/5

Tanki Tanki

574 High Level Rd, Nugegoda


Beautifully designed comfortable restaurant in Delkanda, has delicious Sri Lankan Chinese, Thai and Western food as well as super taste juice and beverages..



අමුතු, අළුත් විදිවලට හිතන මිනිස්සුන්ගෙ අදහස් වලින් නිර්මාණය වෙන අපූරු තැන්..

ඈත තියලා බැලුවත්, ලඟට ගිහින් බැලුවත්.. හිතට ඇතිවෙනවා මාර ඇල්මක්.

ඒ නිසාමයි.. දවස් දෙක තුනක් තිස්සෙම දෙල්කඳ පහුකරගෙන මහරගම පැත්තට යන අතරේ.. මම දැකපු, හරි ලස්සන මේ රෙස්ටුරන්ට් එකට අඩිය තියන්නම ඔ්න කියලා අදහසක් හිතට ආවෙ.

එහෙම ආවට ඉතින්.. අපේ වැඩත් එක්ක දන්නැද්ද, ඔ්වා පස්සට පස්සට යනවනෙ. කොහොමහරි ඊයෙ.. දෙල්කඳට යෑමේ වෙන අවශ්‍යතාවයක් පිටම වැඩේ පත්තු වුනා. හේතුව වුනේ උදේ ඉඳන්ම වැඩ වගයකට හිරවෙලා, උදේට කාලාත්, නෑ දවල්ට කාලත් නෑ.. වෙලාව හැන්දෑවෙ 5යි!

ආයෙ හැරිල්ලක් බැලිල්ලක් මොකටද කියල, හිතට ආපු වෙලේම මම ගැහුවා කෝල් එකක් ‘ටැංකියට’. ගහල කෑම බීමත් සියල්ල තියෙනවද කියලා බලාගෙන, දැම්මා පික්මියක්. දාලා.. සුටුස් ගාලා උඩහමුල්ල ෂෝට් කට් එකෙන් දෙල්කඳට.

ගිහිල්ලා හිටං රෙස්ටුරන්ට් එක ඉස්සරහින් බැහැලා.. වීල් එකත් යවලා.. නොදන්න කමටම ගිහින් ගොඩවුනේ ටේකවේ කවුන්ටරේට.

“එක්සියුස්, අ.. ඩයිනින්ග්? උඩ සර්. නැත්නම් ඔතන එහා පැත්තෙත් තියෙනවා”

“ඔ්කෙ. තැන්ක්යූ..”

හෙමින් සැරේ අඩිය තියලා මම ගොඩවුනේ පඩිපෙලෙන් උඩ තට්ටුවට. ගොඩවෙලා බැලින්නම්නෙ.. බොලේ එතන තඩි ටැංකියක ගහපු, සුපිරි සුවපහසු ඩයිනින්ග් එකයි, එළිමහනෙ හොඳ හැටියට හුලං පාරක් වැදීගෙන කෑම කන්න කියාපු රූෆ්ටොප් ඩයිනින්ග් එකයි!

බැලූ බැල්මට නම් මුලින්ම මගේ හිත ගියේ ඒසී. කරපු ප්ලේස් එකට. ඒත් එළිමහන් තැන හෙවණ වෙච්ච මහ විසාල අඹ ගහ දැක්කට පස්සෙ හිතුනා එතන හොඳයි කියලා. එහෙම හිතලා.. පොඩි අයිනක් අල්ලගෙන වාඩි වෙලා.. බෑග් එක තිබ්බා විතරයි, සේවක මිත්‍රයාත් එතන.

“ගුඩ් ඊව්නින් සර්. මේ.. අපේ ෆුඩ් මෙනු එක. මේ අපේ බෙවරේජ් මෙනු එක”

“ආහ් තෑන්ක්ස්”

කියලා මම මුලින්ම පෙරලුවා බෙවරේජ් මෙනුව. මොකද ඒ වෙද්දි මගෙ යාලුවෙකුත් වැඩේට මග එන ගමන් හිටියෙ. ඉතින් එයා ආවට පස්සෙම කෑම තෝරන එක හොඳයිනෙ.

“මට.. ඇවකාඩෝ ජූස් එකක් (රු. 390)!”

“ඔ්කේ සර්. එතකොට කෑමට..?”

“කෑම.. මම තව ටිකකි..” කියද්දිම මෙන්න අපේ එකා එතන.

“ආහ්.. වඩින්න වඩින්න. මේ උඹ එනකම් හිටියෙ. සනික බලාං කන්නෙ මොනාද කියලා. මම හිතුවා තායි රයිස් එකකුයි (රු. 660), බ්ලැක් පෙපර් මට්න් එකකුයි (රු. 1030) ගන්න”

“සිරාවට? ඒනං.. මට..

මේ බොලොග්නිස් පැස්ටා එකක් (රු. 860). ඒකයි පයිනැපල් මොජිටෝ එකක් (රු. 460) ගන්න පුලුවන්ද?”

“පුලුවන් සර්. ගේන්නම්”

ඔ්ඩරේ දාලා වටපිටාව රස වින්දනයකට යොමු කරපු මම..

ඇත්තටම එතන ඉඳන් පහල බැලුවාම පේන්නෙ කලු පාට වහල යට විවෘත අවන්හලේ තියෙන ලස්සන ලී මේස පුටු ටික. ඒ විතරක් නෙවෙයි, පිවිසුම ලොකු උණ පඳුරු වලින් හෙවණ කරලා.. බිමට ගල් අල්ලලා හරිම ලස්සනයි, පිරිසිදුයි.

ඊටත් ‘ටැංකියට’ම අල්ලලා තියෙන ‘ආයුෂ’! ඒක තමයි එයාලගෙ බීම කඩේ. එහෙම කිව්වට නිකම්ම බීම නෙවෙයි. ටොප් කොලිටියට හැදෙන ෆ්‍රෙෂ් ජූස්, ස්මුති, ෂේක්ස්, හෙල්දි ජූස්, මොක්ටේල්..

සත්තයි, පංකාදුයි ආ..!

ඔය වගේ ඉතින් වටපිටාව බැලිල්ලෙ විනාඩි 10, 15ක් යන්න ඇති. දෙයියනේ කියලා යාළුවටයි මටයි දෙන්නටම, බලාගෙන ඉඳිල්ලක් නැතිවෙන්න, සියලුම කෑම ආවා එක පාර මේසෙට.

ඇරඹුම..!

තායි රයිස් හැඳි 3, 4ක් එක්ක ඇති හැටියට මට්න්..

දාගෙන චිලි පේස්ට් ටිකකුත් කලවම් කරගෙන කටක් කෑවා.. 

ආයෙ අඹ ගහේ ජම්බු කියන්න! මල් හතයි යාළු. කහ පාටට හැදුණු බාස්මතී හාල. සවලෙන් වගේ දාලා හීනියට ලියපු කැරට්, ලීක්ස්, ලූණු අඩුම කුඩුම සියල්ලම. ඒ ඔක්කොමත් හරි රයිස් එකේ ඉස්සො දැල්ලො තොගේ.. හප්පේ.. කන කන කටක් ගාණෙ තම්බපු කූණිස්සොයි, ඇඟිලි පුරකක් විතර සයිස් දැල්ලො කෑලියි, තව මාලුත් තිබ්බද කියන්න දන්නෑ.. කොහොමහරි එක සීෆුඩ් විමානයයි.

හිතන්නකො ඒකත් එක්ක පංකාදුවට මට්න් රස තියෙන බ්ලැක් පෙපර් මට්න්..

මතක් වෙද්දිත් නිකම් කටට කෙල උනනව වගේ.. සාමාන්‍ය සයිස් මට්න් කෑලි වුනාට, පොඩි පෝෂන් එකේ කෑලි නම් තිබ්බා 12, 15ක්ම. ඊටත් රස! පෙපර් රස නූලට තියෙන්න, ලා සෝස් රසකුත් ගැලපෙන්න..

ඇත්තටම හිතා ගන්න බෑ කොහොම හදලද කියලා රසයි නෙවෙයි ඒක තරු පන්තියෙන්, රස නහර පිනවයි.

හ්ම්.. එහෙම කාලා පොඩි බ්‍රේක් එකකට අතරින් පතර රස බැලුවා යාළුවගෙ ස්පැගටියත්.

ෂැහ්! ඒකත්.. මින්ස්ඩ් චිකන් මදි නොකියන්න. බ්ලැක් ඔලිව්ත් උඩින් උඩින් දාලා. චීස් ජාති 2කින්ද කොහෙද දාලා මං හිතන්නෙ ක්‍රීම් චීස් සහ පාමෙසාන් වෙන්න ඔ්න. කටට ලං කරද්දි.. රසට පිස්සු හැදෙනවා.

ඒ ඔක්කොම එහෙම කාලා..

බිව්වනෙ ඇවකාඩෝ එක.

පිස්සු ඩබල්..!

සීනි දාපු නොදාපු ගාණට හොඳද. අයිස් කැට පමණක් දැම්මාම එන ඝන ගතියට තියෙන්න. ඒ රසයි, කොලිටියයි ගැන නම් ඇත්තටම කතා කරන්න දෙයක් නැති තරම්, හ්ම්..

ඊට දෙවනි නැති පයිනැපල් මොජිටෝව..

ෆුල් ෆ්‍රෙෂ් අන්නාසි රසයි, ලා පදමට ස්ප්‍රයිටුයි.. මින්චි, ලයිම් අඩුම කුඩුම සියල්ලමයි..

 

කිව්වට විශ්වාස කරන්න යාළු කාපු කෑමක් කියන්නේ.. අන්තිමට ඉස්මුරුත්තාවට, යාගන්න බැරුව හිටියා පැය බාගයක් විතර.

ඔන්න වැඩේ!


TIP

Try Mutton


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment