3/5

Taphouse By RnR (Dutch Hospital)

Canal Row, Colombo 1


Taphouse is the replacement for the beloved Brewery By O! in Dutch Hospital. Everything is basically worse than it used to be but it's still a great location.


ටැප්හවුස් කියන්නේ ඩච් හොස්පිටල්හි පිහිටා තිබුණ බෲවරි බයි ඕ වෙනුවට පිහිටුවන ලද අලුත් තැන. එහි සියලු දේ කලින් තිබුණාට වඩා නරක වුණත් එතැන තවමත් අපූරු තැනක්.

බෲවරි බයි ඕ කියන්නේ ඩච් හොස්පිටල් වෙළඳ සංකීර්ණයේ තිබුණු වඩාත් ම සාර්ථක ව්‍යාපාරය. ඔවුහු විශ්වාසවන්ත ලෙස ලාභ බීර, හොඳ කටගැස්ම හා දහස් ගණනක් ජනයාට කාලය ගත කරන්න හොඳ තැනක් සැපයුවා. සමහර වෙලාවට සේවාව දුර්වල වුණාට එතැනින් හොඳ විනෝදයක් ලැබුණා. ඔවුන්ගේ බදු කාලය අලුත් නො කළ නිසා ඔවුන්ට ගිය මාසයේ එතැනින් ඉවත් වන්නට සිදු වුණ බව අසන්නට ලැබීම කණගාටුවට කරුණක්.

එය අලුතින් නම් කර තිබෙන්නේ Taphouse by RnR කියායි. ඔවුන් මෙනූපත දක්වා කලින් බාර් එකේ තිබුණු හැම දෙයක් ම කොපි කර තිබුණත්, ඔවුන්ගේ කොපි කිරීම වැඩ කරන්නේ නරක අතට.

බීම

බීර තාමත් ලාභයි. (ජෝගුවක් රු. 150යි. උස් බඳුනක් රු. 1300යි.) ඒත්, මෙනුවේ අනෙක් දේ සාමාන්‍ය කොක්ටේල්වලට සීමා කරලා. (Pina Colada - Rs. 550, Cosmopolitan - Rs. 500) සමහර හොඳ කොක්ටේල් වර්ග දැන් නැහැ. (බීර + විස්කි + කෝපි  කොක්ටේල් එක දැන් නැති එකක්). ඒ වගේ ම මෙනූපත් ද බාල කොළ හැලෙන ඒවා.

කටගැස්ම

කෑම ඉතා හොඳ නැහැ. නරකමත් නැහැ. අමුතු රස මිශ්‍රණයක්. රු. 500ක් වන Louisiana Hot Wings කුකුළු තටු හතරක් විතරයි. ඒ තරම් සැරත් නැහැ. ඒ වෙනුවට එය ලැබෙන්නේ නො ගැලපෙන මතුපිට දැවටුමක් සමගයි.

රු. 550ක් වන Big Boobs ඇත්තෙන් ම නො මග යවනසුලු නමක්. ඇත්තෙන් ම එය මෑෂ්ඩ් පොටේටෝ මත තබන ලස සොසේජ් දෙකක්. එයට දමා තිබෙන නමින් කියැවෙන්නේ එය නොවෙයි. දෙවනුව , ඒවා චිකන් සොසේජ් බව මෙනුවේ කියවුණත්,‍ ඒ මස් අඳුරු පාටයි. ඔබ බලාපොරොත්තු වන ‍දේ නොවෙයි. හොදි මසාලා රසයි. එය ගැලපෙන්නේ නැහැ.

අපි තවත් දේ කාලා බැලිය යුතුයි. ඒත්, ඔවුන් මෙනුවට අලුතින් ඇතුළත් කර ඇති දේ නම් විකාරයි. ඒ හැරුණාම ඔවුන් කර තිබෙන්නේ බෲවරි බයි ඕ මෙනුව අනුකරණය කිරීමක්.

සේවාව

කලින් ආවොත්, කාර්යබහුලකම අඩු නිසා සේවාව හොඳයි. ඒත්, සෙනග වැඩි වුණාම නම් සේවාවක් නැති තරම්. අමාරුවෙන් වේටර්වරයකු අල්ලා ගත් විට ඔහු කියාවි, ඒ මේසය ඔහුගේ එකක් නො වන බව. අදාළ වේටර්වරයා එවන්නට ඔහු පොරොන්දු වෙනවා. ඒත්, ඒ පොරොන්දුව කවදාවත් ඉ‍ටු වන්නේ නැහැ. RnR විසින් කාර්ය මණ්ඩලය වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් කර තිබෙන බව පෙනෙනවා. ඒත්, වෙන වෙන ම සලකා බැලුවාම කාර්ය බහුල වෙලාවෙදී නම් ඔවුහු උපකාරශීලී නැහැ.

වාතාවරණය

මේ අඩුපාඩු තිබුණත් ටැප්හවුස් තවමත් හොඳ තැනක්. විශේෂයෙන් ම එය පිහිටා තිබෙන තැන නිසා. එහි ඇතුළත බෲවරි බයි ඕ විසින් හඳුන්වා දෙන ලද සියලු ගුණාංගයන්ගෙන් යුක්තයි. කලින් තිබුණු ශ්‍රී ලංකාවේ විවිධ නගරවල  මුද්‍රා හා සුන්දර ලෝහමය පිළිම නම් දැන් තිබුණු තැන්වල නැහැ. ඒවා හිස් අවකාශ වෙලා.

පිටත නම් තිබුණා වගේමයි. ඒක තමයි, වටිනාකම. ලන්දේසි රෝහලේ අංගණය කියන්නේ තවමත් කෙනෙකුට සැන්දෑවක රස්තියාදුවක් ගහන්න හොඳ තැනක්. ඒ අතර මධු විතක රස බලන්න ටැප්හවුස් කදිම තැනක්. එහි සජීවී සංගීතයත්, ඇසුරට මිනිසුනුත් ඉන්නවා. ටැප්හ්‍වුස් කලින් තිබුණු බාර් එකට වඩා ඉදිරියට ගිය තැනක් නොවෙයි. එහෙත් එය තවමත් හොඳයි.

TIP

The beer is cheap.

Address

Canal Row, Colombo 1

Directions

Taphouse is at the back of Dutch Hospital. To get to Dutch go past Galle Face Green, past the Kingsbury and turn right. Or take York Street and turn left past the Hilton.

Contacts

Facebook



Latest