Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Tayo Bear

No 71, 2 Srimath R.G.Senanayake Mawatha, Colombo 07


The first cafe in Colombo that really lives to the title "Dog Cafe."



මේ කියන්න හදන කතාව, ළඟදි දාපු ‘බව්ව කැෆේ’ එකක් ගැන. Pet-friendly Cafes නැත්තං අපේ සුරතලෙක් එක්කං යන්න පුළුවන් කැෆේස් කියන්නෙ ලංකාවෙ එච්චර ප්‍රසිද්ධ කන්සෙප්ට් එකක් නෙමෙයි. ටායො බෙයාර් ඒ අඩුව සම්පූර්ණ කරන්න ලෑස්තියි...

මේ කැෆේ එක දාපු කෙනාගෙ ලැබ්‍රඩෝර් බව්ව තමයි ටායො කියන්නෙ. කැෆේ එක නම් කරල තියෙන්නෙ එයාගෙ නමින්.

තැන

මේක තියෙන්නෙ කොළඹ 7, ශ්‍රීමත් ආර්. ජී. සේනානායක මාවතෙන් හැරිලා ගියාම ටිකක් ඇතුළක. බව්වන්ට දඟලන්න පුළුවන් විදිහට ගේට්ටුවකින් අහුරපු අවුට්ඩෝර් එකකුත් එක්ක නත්තලට ලස්සනට සරසපු පුංචි කැෆේ එකක් තමයි අපි මුලින්ම දැක්කෙ.

ඉතිං අපි ඇතුළට ගියා. අපිව පිළිගත්තේ මෙන්න මෙයා. එයාගෙ නම මැන්ගෝ.

කැෆේ එකේ පාට විදිහට පැස්ටල් කලර්ස්වලට තමයි මුල්තැන දීල තියෙන්නෙ. තැන පොඩි වුණත්, වාඩිවෙන්න සාමාන්‍ය පුටු මේස, ටිකක් උස පුටු වගේම, බිම දාපු කුෂන් එහෙමත් එයාල ඇරේන්ජ් කරල තියනවා. විශේෂත්වය තමයි, මේ ඕනම තැනක ඕගොල්ලන්ට ඕගොල්ලන්ගෙ බව්වා ළඟින් ම තියාගෙන ඉන්න පුළුවන් වීම. මීට අමතරව බව්වෙක්ට බර්ත්ඩේ පාටියක් වගේ දාන්න පුළුවන් ප්‍රයිවට් රූම් එකකුත් පැත්තකින් තියනවා. 

කෑමබීම

ටායො බෙයාර් ළඟ බව්වන්ගේ කෑම, මිනිස්සුන්ගේ කෑම දෙක ම තියනවා. මිනිස්සුන්ගේ කෑම විදිහට අපි ගත්තේ ෆ්‍රෙන්ච් ටෝස්ට් එකයි (රු. 870) හොට් චොක්ලට් මාෂ්මෙලෝස් එකයි. (රු. 680)

ෆ්‍රෙන්ච් ටෝස්ට් එක පෙනුම, රස දෙකෙන්ම උපරිමයි. ඒක නටෙලා, විප්ඩ් ක්‍රීම්, පෙති කපපු ස්ට්‍රෝබෙරි සහ චූටි චූටි පොල් කෑලිවලින් සරසපු, කිරිවලින් පෙඟුණ රසම රස ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක්.

පැණි රහ ටිකක් වැඩියි කියල හිතුණත් හොට් චොක්ලට් මාෂ්මෙලෝස් එකත් නරකම නෑ. කිරි රස එක්ක චොක්ලට් රස අඩු නැතුව. නත්තල මතක් වෙන කුකී එකකුත් ඒකත් එක්ක අපිට ලැබුණා. මේකේ ප්‍රමාණයේ හැටියට ගාණ නං ටිකක් වැඩියි හැබැයි.

බව්වන්ගේ කෑම විදිහට මෙතන කුකීස්, කප් කේක් වගේ රසකැවිලි තියනවා. ඊට අමතරව ඕගොල්ලන්ගෙ බව්වට හොඳ සෞඛ්‍ය සම්පන්න සම්පූර්ණ කෑම වේලක් වුණත් මේගොල්ලන්ට කියල හදාගන්න පුළුවන්.

සර්විස් එක 

මෙතෙන්ට එන යන අය වගේ ම වැඩ කරන අයත් බව්වො ඇති කරන, නැත්තං බව්වන්ට ආදරේ අය. ඒගොල්ලො යන එන මිනිස්සුන්ට වගේ ම බව්වන්ටත් හොඳින් සලකන්න හොඳටම දන්නවා.

අවසාන වශයෙන්

ටායො බෙයාර් අපේ හිත ඇදබැඳ ගත්ත කැෆේ එකක් කිව්වොත් හරි. ඔයාගෙ බව්වත් අරං ගිහින් ම බලන්නකො. ගෙනියන්න බව්වෙක් නැතත්, මේක බව්වන්ට ආදරේ අයට ගිහින් ඉන්න ගැළපෙන ම තැනක්...

Leave a comment



Latest