Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

3/5

Tea Blog

758A, Dr. Danister de Silva Mawatha, Colombo 09


The newest bubble tea joint in Colombo. They also do cakes, burgers, waffles and sandwiches.



බේස්ලයින් පාරේ අලුතෙන් දාපු බබල් ටී කඩයක් ගැන මට දැනගන්න ලැබුණේ ඒ හරියේ ම වැඩ කරන අපේ එක්කෙනෙක්ගෙන්. ඉතින් කල් යල් බලලා, ඔෆිස් ඇරිලා ගෙදර යන ගමන් අපිත් ගියා ඒ පැත්තට. හැබැයි හවස 4.30ට පටන්ගත්ත ගමන, 5.30 වෙනකන් යන්න වුණා කියන්නකෝ. ඒ තරමට ට්‍රැෆික් එක.

තැන

මේ බබල් ටී කඩේ නම “ටී බ්ලොග්”. මේක තියෙන්නේ දෙමටගොඩ ලාෆ්ස් එකට මීටර් 100ක් විතර දුරින්. එක සැරේ 15-20කට ඉඳගන්න පුළුවන් විදියට ඉඩ තියෙන මේ රෙස්ටෝරන්ට් එකේ, වාඩි වෙන්න තියලා තියෙන්නේ කුෂන් පුටුයි, කුෂන් බංකුයි. පාරේ සද්දෙන් පොඩ්ඩක් කරදර වුණාට අවුලක් ම නැහැ. මොකද ඔච්චර ම අප්සෙට් නම් ටේක්-අවේ දාලා අරගෙන යන්න බැරියැ.

කෑම බීම

කිව්වත් වගේ මේ කට්ටිය ළඟ බබල් ටී තියෙනවා. ඒ හැරුණා ම සැන්විච්, බර්ගර්, සබ්මැරීන්, වොෆල් වර්ගත් ගන්න ඇහැකි.

මුලින් ම කියන්නම්කො බබල් ටී ගැන. මෙතැන බබල් ටී ප්‍රධාන වශයෙන් ජාති තුනයි. ඒ මිල්ක් ටී, ෆෘටී ටී සහ ටී බ්ලොග් ස්පෙෂල්ස්. ඉතින් අපි ගත්තේ “චොකලට් මිල්ක් ටී” (රු.330) එකකුයි, “රාස්ප්බෙරි ටී” (රු.330) එකකුයි, “ලවර්ස් පැරඩයිස්” (රු.400) එකකුයි.

බබල් ටී ජාති තුනෙන් අපට හොඳට ම අල්ලලා ගියේ රාස්ප්බෙරි ටී එක. මේකෙන් රාස්ප්බෙරි රස හොඳට ම ආවා. අනික ඒකට ස්ට්‍රෝබෙරි පොපින් බොබා එහෙමත් එකතුකරලනේ. ඒවයෙන් එන ස්ට්‍රෝබෙරි රසත් එකතු වෙනකොට තවත් මරු.

චොකලට් මිල්ක් ටී එක අවුලක් නැහැ. ඒත් තව චොකලට් රස තිබුණා නම් තමයි හොඳ. මේකේ කිරි ගතිය ටිකක් විතර වැඩියි.

ලවර්ස් පැරඩයිස් කියන්නේ ටී බ්ලොග් එකේ සිග්නේචර් රේන්ජ් එකේ බබල් ටී එකක්. ඒක හදන්නේ රෝස් පෙටල් බ්ලැක් ටී එක්ක කසකසා ඇට සහ පොපින් බොබා එකතු කරලා. හැබැයි රෙස්ටෝරන්ට් එකේ පොපින් බොබා ඉවර වෙලා තිබුණු නිසා ඒ කට්ටිය අපෙනුත් අහලා ස්ට්‍රෝබෙරි කෑලි ටිකක් එකතු කරලා දුන්නා. ඇත්ත ම කිව්වොත් මේ ටී එක පැණි රස වැඩියි හොඳටම. හරියට නිකන් ගොඩාක් පැණි රස සරුවත් එකක් බොනවා වගේ. කට දිව ඇලෙන තරමට සීනි රස වැඩියි. තේ රසක් නොදැනුණු තරම්.

කෑමට අපි ඕඩර් කළේ “නටෙලා වොෆල්” (රු.600) එකකුයි, “චිලි චීස් සැන්විච්” (රු.350) එකකුයි. නටෙලා වොෆල් එක වරදක් නැහැ. හොඳ ක්‍රිස්පි ගතියක් පිටින් තිබුණා. ඇතුළතින් හරි ම සොෆ්ට්. ලොකු ස්වීට් ගතියකුත් නැති නිසා අයිස්ක්‍රීම්, නටෙලා එක්ක නියමෙට ගැලපිලා ආවා. ස්ට්‍රෝබෙරි කීපයකුත් මේකට එකතු කරලා තිබුණත්, ඒවා ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි නෙවෙයි. අර බෝතල් කරපුවා. ඒක තමයි එක ම අවුල.

චිලී චීස් සැන්විච් එකත් හොඳයි. මොස්රෙල්ලා චීස් ගොඩකට මැදි වුණු බෙල් පෙපර් තමයි මේකේ තිබුණේ. පාන් කෑලි ටිකත් ගානට ටෝස්ට් කරලා. හැබැයි අමු මිරිස් හෝ කොච්චි දාලා මේ සැන්විච් එක හැදුවා නම් මීටත් වඩා රසට හිටියි කියලයි අපට හිතුණේ.

සර්විස් එක

මෙතැන ඉන්න අංකල්නුයි ආන්ටියි හරි ම සුහදශීලියි. හොඳට හිනා වෙලා කතාබහ කරනවා. ඒත් කෑම බීම ටික එනකන් විනාඩි 40ක් විතර අපට බලාගෙන ඉන්න වෙච්ච එක තමයි එපා වුණේ. මොකද අපි හැරුණා ම රෙස්ටෝරන්ට් කෑමට ඇවිදින් හිටියේ තව හතර දෙනෙක් වගේනේ.

අවසාන වශයෙන්

දෙමටගොඩ පැත්තෙන් ආව වෙලාවක බබල් ටී එකක් බීලා, පොඩි ස්නැක් එකක් වගේ කන්න ටී බ්ලොග් එක හොඳ තැනක්. මිල ගණනුත් ඒ හැටි අවුලක් නැහැනේ.


TIP

Try the Raspberry bubble tea.

Address

758A, Dr. Danister de Silva Mawatha, Colombo 09

Contacts

Facebook Instagram

Report Inaccuracy

Closed right now

Cuisine

Western

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Cupcakes Submarines Waffles

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment