4/5

TGI Friday's

Bank Of Ceylon Mawatha, Colombo 1


It's always Friday in here.


TGI ෆ්‍රයිඩේ’ස් කියන්නේ කොළඹ 1ට අලුතින් ආව ෆ්රැන්චයිස් එකක්. ඒක පිහිටලා තියෙන්නේ කදිම ඉඩක වුණත් සාමාන්‍ය මට්ටමේ කෑමයි, අදක්ෂ සේවාවයි, ඉහළ මිල ගනනුයි නිසා එතන ආකර්ෂණය අඩු වෙලයි තියෙන්නේ.

අළුත් TGI ෆ්‍රයිඩේ’ස් නගරයේ කතා බහට ලක්වෙලා. අපි එහෙ ගියපු රාත්‍රියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි, වර්තමාන ජනාධිපතිගේ පුත් රෝහිත රාජපක්ෂයි දෙන්නත් අපි දැක්කා.  කුමාරතුංග මහතිමිය තමයි දෙන්නගෙන් වඩා ඥානවන්ත. එයා ඇතුල්වීමේ දොරටුවෙන් වටපිට බලලා ආපසු යන්න ගියා.

TGI ෆ්‍රයිඩේ’ස් කදිම තැනක තමයි පිහිටලා තියෙන්නේ. ඒකට අරමුදල් සපයන්නේ කාර්ගිල්ස්ලා. අනික ඒක ෆ්රැන්චයිස් එකක්. ඒ නිසා හැම දෙයක්ම හරියට වෙන්න ඕනේ. කනගාටුවට වගේ එහෙම වෙන්නේ නැහැ. අඩුම තරමින් දැනට එහෙම වෙලා නැහැ.

අපි ගියපු රාත්‍රියේ අපේ කෑම සාමාන්‍ය මට්ටමේ ඒවා. සේවාව සම්පුර්ණයෙන්ම අසාර්ථකයි. එයාලා අපිව පැය භාගයක්වත් රස්තියාදු කළා අවුල් වුණා බිලක් ගෙනත් දෙන්න. අනික එහෙ කෑම පුදුම විදිහට මිල අධිකයි. හතර දෙනෙකුට රුපියල් 15,000යි.

TGI ෆ්‍රයිඩේ’ස් එකට සමහරවිට අළුත් තත්වයට මුහුණදීමේ ගැටලු ඇති. ඒත් දැනටනම් ගෙවන ගානට කොහෙත්ම වටින්නේ නැහැ.

සේවාව

සාමාන්‍යයෙන් අපි ගුණදොස් විවේචනය පටන් ගන්නේ කෑම ගැන කතා කරලා. ඒත් මෙතන ගැන අපි මුලින්ම ලියන්නේ සේවාව ගැනයි. මොකද ඒක ගොඩක් බලපානවා. එයාලට සේවකයෝ 20ක්විතර ඉන්නවා. නිතරම හැමතැනම දුවන ඇමෙරිකානු අධීක්ෂකයෝ දෙන්නෙකුත් ඉන්නවා. ඒත් මේ කවුරුවත් හරියට පුහුණු කරලා නැහැ. එයාලා නිතරම එකිනෙකාගේ හැප්පෙනවා. අනික ඒ ගොල්ලෝ ඉන්නේ ආතතියට ලක්වෙලා. පුදුමේ කියන්නේ ඕනෙම වෙලාවක හිටියේ කෑම කන අය 30ක් විතර පිරිසක් වීමයි.

අපිට හිටපු වේටර්ලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් හරියට මෙනූ එක ගැන දන්නේ නැහැ. අපි එයාලගෙන් ප්‍රශ්නයක් අහපු හැම වෙලාවේම එයාල ආපසු ගිහින් අහගෙන ආවා. අපි ඇහුවේ සරල ප්‍රශ්න.  “ප්‍රිමියම් සහ රෙගියුලර් කොක්ටේල් අතර වෙනස මොකක්ද?” වගේ ප්‍රශ්න. අන්තිමේදී එයාලා දුන්න උත්තරේ තමයි ‘රෙගියුලර් කොක්ටේල් හොඳ තත්වයේ නැති’ බව. ඒ කියන්නේ ඒවා දේශීය මත්පැන් වලින් හදන්නේ. මේක ඇත්ත වෙන්න ඇති. ඒත් ඒක මීට වඩා හොඳ විදිහකට කියන්න තිබුණා.

කෑම පිළිගන්වද්දී එයාලා ආරම්භක සහ ප්‍රධාන කෑම වර්ග ගෙනාවේ එකටමයි. එක ප්‍රධාන කෑමයි පහු වුණේ. අපි කෑම ඉවර වෙලා යන්න හදද්දී ඩොගී බෑග් එකක් ඉල්ලුවා. (ඉතිරිවුණ දේවල් බල්ලන්ට අරන් යන බෑග් එකක්) එයාලා මේසෙට පෙට්ටියක් ගෙනල්ලා එතනම ඒවා පෙට්ටියේ ඇසිරුවා. මේවා මූලික දේවල්. කෑම ගෙන ඒමේ සහ ආපසු ගෙන යාමේ ක්‍රම. ඒත් එයාලා කොහොමටවත් පුහුණු කරලා නැහැ මේ වගේ සුළු දේවල් වලටවත්.

අන්තිමට අපි බිල පරික්ෂා කරලා බැලුවා. එයාලා අය කරලා තිබුණා ප්‍රිමියම් කොක්ටේල් වලට. ඒත් අපි ඇණවුම් කළේ රෙගියුලර් කොක්ටේල්. වෙනස රුපියල් 1,000ක් විතර නිසා අපි කිව්වා ඒක හරියට හදලා බිල ගේන්න කියලා. ඉස්සෙල්ලා එයාලා කිව්වා බිල දැන් වෙනස් කරන්න බෑ කියලා. පස්සේ කළමනාකරුවෙක් බිලත් එක්ක අතුරුදහන් වුණා විනාඩි 20කට විතර. මම අන්තිමට එතනට ගියාම එයාල මට බිලක් දුන්නා මුල් බිලටත් වඩා වැඩි එකක්. එයාලා කිව්වා ඉසෙල්ලා බිලේ බර්ගර්ස් වලට අය කරලා තිබුණේ වැරදියට කියලා. ඒ වෙලාවේ මට ඕනේ වුණේ ඉක්මනට ගෙදර යන්නයි. ඒත් මේ සිද්ධියයි (බෆලෝ බයිට් වල තිබුණ පිස්සු හැදෙන විදිහේ අධික ලුණු සාන්ද්‍රනය නිසයි) අපේ කටේ නරක රසක් ඉතිරි කළා.

කෑම

ආපහු කෑම ගැන කතා කරමු. ගෙවන මිලත් එක්ක බැලුවම කෑම වැඩකට නෑ. ආරම්භක හොඳයි ඒත් ප්‍රධාන කෑම වර්ග වල කිසිම විශේෂ ගතියක් තිබුණේ නැහැ. මෙහෙදී කාපු බර්ගර් අපි මෙතෙක් කාලා තිබුණ බර්ගර්ස් වලට වඩා නරකම බර්ගර්. ඒවා පිළිකුල් උපදවන ඒවා නෙවෙයි. ඒත් ඒවගේ කිසිම රසයක් තිබුණේ නැහැ. ජනිත් කිව්වා ‘ඒවා හරිම හිස් රසයි’ කියලා. ලුණු අඩු බර්ගර් දෙන්නේ ලුණු වැඩි ෆ්‍රයිස් එක්ක රුපියල් 1,600කට. ඒක කොහෙත්ම වටින්නේ නැහැ.

මුල ඉඳලම පටන් ගනිමු. ආරම්භක වල ඉඳලා.

අපි බෆලෝ බයිට්ස් (රු. 750) සහ ලෝඩඩ් පටැටෝ ස්කින්ස් (රු. 750) කැවා. ඒ දෙකම හොඳයි. බෆලෝ බයිට්ස් වල ඒවගේ වැඩි වුණ ලුණු ගතිය පරදවන කදිම සැර රසක් තිබුණා. ඒත් ඒ රසය එන්නේ ඒවා හතක විතර කෑවට පස්සෙයි. එයාලා හොඳ ප්‍රමාණයක් දෙනවා. පටැටෝ ස්කින්ස් වුණත් හොඳයි. ඒවා එවලා තිබ්බේ ගලාගෙන කන්න දේවලුත් එක්කයි. ආරම්භක සහ බීර විතරක් ගත්තොත් මම හිතන්නේ එයාලට හොඳට දෙන්න පුළුවන්.

අපි බර්ගර් දෙකක් ඇණවුම් කළා. රිබ්ස් සහ ස්ටේක්. බර්ගර් ඉස්සෙල්ල කියපු විදිහටම සම්පුර්ණයෙන්ම මෙලෝ රහක් නැහැ. ඒක කෙනෙකුගේ කටට හරි යන්නේ නැති තරමට විශාලයි. ඒක දැනුණේ වාතය සහ ලොම් වගේ. අපි ඒවා ඉවර කළේ නැහැ. බල්ලෝ ඒවා කෑවා. ඒ ගොල්ලෝ ඉතින් ඕනේ දෙයක් කනවනේ. පැටිස් හරියට පදම් වෙලා නැහැ. බර්ගර් බනිස් හරියට මැක්ඩොනල්ඩ්ස් එකේ වගේමයි. සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු කඩවෙනසුලුයි. ඒ වගේම ඕනෙවට වඩා මිලයි. රු. 1250ක් වුණා චීසි බේකන් බර්ගර් එකක්. ජැක් ඩැනියෙල්ස් එකක් රු. 1,600යි.

ජැක් ඩැනියෙල්ස් රිබ්ස් (රු. 2,500) ඇත්තටම හොඳයි. ඒ ගැන ලියන්න විශේෂ දෙයක් නෑ. ස්ටේක් ඕනෙවට වඩා හයය නැහැ. කෑමට ප්‍රියයි. ඒත් කන්න ආස හිතෙන ගතියක් ඒවගේ පෙනුණේ නැහැ. විශේෂයෙන්ම අර මෂ්රූම් එකත් එක්ක. මෑෂ්ඩ් පටැටෝ වල රස දැනුණේ හරියට ඒවා හදලා තිබුණේ කුඩු වර්ගයකින් වගේ.  රු. 2,750කට ගොඩක් පුංචි එකක්. කොහෙත්ම වටින්නේ නැහැ. රිබ්ස් සහ ස්ටේක් නම් බර්ගර් වගේ නරක නැහැ. ඒත් ඒ එකක්වත් ගෙවපු මුදලටනම් වටින්නේ නැහැ.

බීම

ඇල්කොහොල් රහිත බීමනම් හොඳයි. මැන්ගෝ ස්ලෂ් ( රු. 590) සහ ග්‍රීන් ඇපල් (රු. 590) හරි රසයි. එයාල ළඟ රුපියල් 900ක් වෙන ස්ට්‍රෝබෙරි ලෙමනේඩ් එකකුත් තියෙනවා. ඒත් අපි ගිය දවසේ ඒවා තිබුණේ නැහැ.

ඇල්කොහොලික් බීම වල ගොඩක් ඇල්කොහොල් තිබුණා. ඒත් ෆ්ලේවර් රසක් තිබුණෙම නැහැ. ලින්ච්බර්ග් ලෙමනේඩ් එකක මිල රු. 700යි. විස්කි සවර් රු. 350යි. විස්කි සවර්වල සැර ඇඹුල් රසයක් තිබුණා. අපිනම් කොහෙත්ම ඒක රෙකමදාරු කරන්නේ නැහැ.

මෙනූ එකේ තියෙන ගොඩක් ජාති ඇත්තටම එතන නැහැ. අපි කයිපිරින්හා ඇණවුම් කළා. ඒත් ඒක එතන තිබුණේ නැහැ. බ්ලඩි මේරි වලට අවශ්‍ය ද්‍රව්‍යත් එයාලා ළඟ තිබුණේ නැහැ.

අතුරුපස

අපි කාපු අතුරුපස හොඳයි. මෙනූ එකේ තිබුණ දේවලින් බාගයක්ම එතන තිබුණේ නැහැ. අපි හොඳින් බේක් කරලා තිබුණ නිව් යෝර්ක් චිස්කෙක් (රු. 950) එකක් කැවා. එයාලා එක ගත්තේ ශීතකරණයකින්. ඒත් එක රසයි. රු. 650ක් වුණා බ්‍රව්නී ඔබ්සේෂන් එකත් කදිමයි.

පිහිටි තැන

සැකයක් නෑ. ඒක පුදුම සහගත පිහිටීමක තියෙන්නේ.  අපි කියන්න කැමතියි අපි ලැජ්ජාවට පත් වෙනවා කිසිම හරයක් නැති ෆ්‍රයිඩේ’ස් වගේ ෆ්රැන්චයිස් එකක් මෙතන තිබීම ගැන. ඒත් මොනවා කරන්නද? එයාලා මේ ගොඩනැගිල්ල නවීකරණය කළා, මිනිස්සු මෙතනට එනවා, ඔක්කොම හොඳයි.

ඒක ලස්සන ගොඩනැගිල්ලක් වගේම පුදුම සහගත තැනක්. ඩච් හොස්පිටල් ෂොපින් ප්රිසින්ක්ට් එකට අල්ලලා ඒක තියෙන්නේ. ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එහායින්.

අසුන් පනවලා තියෙන්නේ සුවපහසු විදිහට. මෙතන ගැන නොයෙකුත් කතා බැහැ තියෙනවා. ඒක ලස්සන ගොඩනැගිල්ලක්. විශේෂයෙන්ම අවන්හල් ගොඩක් තියෙන ඒත් ඒවා ආවාට ගියාට කරන සහ හිස් අවන්හල් වලින් පිරුණ ශ්‍රී ලංකාවට මේ අවන්හල සාදරයෙන් පිළිගන්නා එකතුවක්.

නිගමනය

කදිම ඉඩ කඩ. කෙසේ නමුත්, ඒක එයාලගේ බර්ගර් වගේමයි. හිස් රසයක් තියෙන්නේ. කෑම සාමාන්‍ය ප්‍රමාණයේ. සේවාව කොච්චර නරකයිද කියනවනම් ආපසු යාගන්න බැරුව ගොඩක් වෙලා ඉන්න වෙනවා. හොඳ තත්වයේ දේ වලට ගොඩක් ගෙවන එක තේරුම් ගන්න පුළුවන්. මෑන්හැට්න් ෆිෂ් මාර්කට් කියන්නේ තවත් (පුංචි) ෆ්රැන්චයිස් එකක්. ඒකත් මිල අධිකයි. ඒත් එහෙ මෙනූ එකේ විශ්වාස කරන්න පුළුවන් දේවල් තියෙනවා වගේම කෑමවල තත්වය හොඳයි වගේම සේවාව ගොඩක් උසස්. එයාලා ගනුදෙනුකරුවන් ගැන විමසිලිමත් වෙනවා.

TGI ෆ්‍රයිඩේ’ස් එකේ වර්ණ සහ පිටතින් බැලුවම තියෙන ලස්සන තිබුණත් කෑමට දාන දේවල් ගැනවත්, පිළියෙල කිරීම ගැනවත්, කෑම පිරිනැමීම ගැනවත් සහ මූලික කාර්යමණ්ඩල පුහුණුව ගැනවත් හිතලා නැහැ. වෙටර්ලාට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒක නරක විදිහට බලපානවා විදේශිකයෝ ආවම. එයාලට සිංහලත් බැහැ. එයාලා හොඳ මිනිස්සු. අපි එයාලට බණින්නේ නැහැ. මෙයාලා කම්මැලි සේවකයෝ නෙවෙයි. එකම දේ එයාලව හරියට පුහුණු කරලා නැහැ. ආරම්භක එන්නේ ප්‍රධාන කෑමවලට ඉස්සර වෙලා බව කිසිම කෙනෙක් දන්නේ නැහැ. අනික එළියට අරන්යන දේවල් පැකට් කරන්නේ මේසේ නෙවෙයි කියලත් මෙයාලා දන්නේ නැහැ. කාර්ගිල්ස් ආයතනය ගොඩනැගිල්ලටයි ෆ්රැන්චයිස් එකටයි ගොඩක් වියදම් කරලා තිබුණත් අත්‍යවශ්‍යම දේවල් වලට වියදම් කරලා නැති හැඩයි. ඒ කියන්නේ සේවාව සහ කෑම ගැන.

අපි මේ අවන්හලේ විවෘත කිරීම ගැන අසාවෙන් හිටියේ. ඒත් ඒක ගැන කතා කරපු තරමටයි මිල ගණන් වල තරමටයි ගැලපෙන විදිහට ක්‍රියා නොකරන එක ගැන අපි වාර්තා කරන්නේ දුකින්. ඒක ලස්සන තැනක්. ඔයාලා එයාලගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔයාලා මේ ගැන බලාපොරොත්තු කඩකර ගන්නේ නැතිවෙයි. ඒත් ඔබ ජාත්‍යන්තර තත්වයේ ෆ්රැන්චයිස් එකක් බලාපොරොත්තු වෙනවනම් මේ ඒක නෙවෙයි.

TIP

Try the Jack Daniels Ribs if you have money to splurge and a hankering for good pork. Also, tell them its your birthday if you want a sing song and don't mind a bit of attention.

Address

Bank Of Ceylon Mawatha, Colombo 1

Directions

It's next to Dutch Hospital and across from the World Trade Center. Continue on Galle Road till it basically ends and head towards the largest buildings. You can also access from York Street via Slave Island. There's a parking lot round back.

Contacts

Facebook

Closed right now

Cuisine

Western American

Price Range

More than Rs.1500

Dish Types

Steak Chicken

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4


Latest