Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

4/5

The Art Cafe

126/1, Highlevel Road, Nugegoda


A cosy nook in Nugegoda.



‘ද ආට් කැෆේ.’ මේක තියෙන්නෙ නුගේගොඩ ‘යමු’ ඔෆිස් එකේ ඉඳන් පයින් යන දුරින්. හයිලෙවල් පාරේ තිබුණට මොකද ටිකක් විපරමින් බැලුවෙ නැත්තං හොයාගන්න බෑ. මොකද පාරෙ ඉඳන් පොඩි පඩිපෙළකින් පහළට බැස්සම තමයි හැංගිලා තියන මේ පුංචි කැෆේ එක හම්බෙන්නේ.

තැන

අපි ආට් කැෆේ එකට ඇතුළු වෙනකොට වෙන කස්ටමර්ස්ලා කවුරුත් නෑ. ඉඩකඩ හොඳට ම සීමිතයි වුණාට පැලට්වලින් හදලා තිබුණ මේස පුටු බංකු ලස්සනට පිළිවෙළට අහුරලා හින්දා දහ දොළොස් දෙනෙකුට වුණත් නිදහසේ කතාබහ කර කර කන්න බොන්න ඉඩ තියනවා. නමට ම ගැළපෙන්න මෙතන හරි ම ආටිස්ටික්. පාට පාට ඩ්‍රීම් කැචර්ස්, විදුලි බුබුළු, වෝල් පේන්ටින් වගේ සැරසිලි එක්ක කැෆේ එක ඇතුළේ තිබුණේ පොඩි ෆෙයාරි ගතියක්. ඒ වගේ ම ඒසී කරලා කුෂන් දාලා සුවපහසුවට සකස් කරලා තිබුණා. අනික හරි ම පිරිසිදුයි.

අපිත් හෙමීට බංකුවකට බර වෙලා හරිබරි ගැහිලා මෙනු එක අතට ගත්තා.

කෑම

මෙනු එකේ මේන්ස් විදිහට තියෙන්නේ බර්ගර්ස් සහ රැප්ස්. ඊට අමතරව ස්ටාටර්ස්, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, ඩෙසට් සහ බීම ජාති එහෙමත් අවේලබල්. අපි තේරුවේ බේකන් ඇන්ඩ් එග් රෝල් බර්ගර් එකයි (රු. 750), ෆිෂ් ඇන්ඩ් චිප්ස් විත් සැලඩ් එකයි (රු. 800).

බර්ගර් එකට දාල තිබ්බ බේකන් ටික පංකාදුයි. බිත්තර බුල්සයි එකයි සලාද කොළෙයි එක්ක හැපෙනකොට ලොකු අවුලක් තිබුණෙ නැතත්, බන් එක තව ටිකක් ෆ්‍රෙෂ් වුණා නං හොඳයි කියල හිතුණා. මේකට ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික කරස් ගාල හැපෙන්න ෆ්‍රයි වෙලා තිබුණා. ලුණු ගම්මිරිස් එහෙමත් ගාණට ඉහලා. විශේෂයෙන් ම ඒ එක්ක ආව සෝස් එක මාර රහයි.

මේ තියෙන්නේ උණු උණුවේ ආව ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක. පේනව නේ, පෝෂන් එක ලොකුයි. බැටර් ෆ්‍රයිඩ් මාළු කටට සුමුදුවට හැපුණා. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් සහ සෝස් ගැන කලින් කිව්ව නේ. සැලඩ් එක තමයි මේකේ විශේෂත්වය. හීනියට ලියපු කැරට්, ගෝවා සලාද කොළයක් උඩ ලස්සනට අතුරලා. මේකට දාල තිබුණේ සාමාන්‍යයෙන් සැලඩ්වලට දාන මෙයොනීස් නෙමෙයි, අර කලින් කියපු, මේගොල්ලො හදල තිබුණ සෝස් එක. ඒකෙන් සැලඩ් එකට මාර රහක් ඇවිල්ල තිබුණා.

බීම

මේ තියෙන්නේ අපි ගත්ත කෝල්ඩ් ප්‍රෙස්ඩ් රිෆ්‍රෙෂ්නර් එකයි (රු. 350), ට්‍රොපිකල් බූස්ට් ස්මූති එකයි (රු. 350). කෝල්ඩ් ප්‍රෙස්ඩ් රිෆ්‍රෙෂ්නර් එකට අඩංගු වුණේ කොමඩු, අන්නාසි එක්ක සේර. මේකෙන් සේර රස සුවඳ ආවෙ යන්තමින්. හැබැයි කොමඩු, අන්නාසි දෙක නං හොඳට ප්‍රෙස් වෙලා නිසා ඒවයෙ රස නං තිතට ම ආවා. ඒත් වතුර ගතිය පොඩ්ඩක් වැඩියි ද මන්දා. කොහොම වුණත් තිබහ වෙලාවක බොන්න හොඳ, සෑහෙන රිෆ්‍රෙෂිං බීමක්.

ට්‍රොපිකල් බූස්ට් ස්මූති එකට අඹ, කෙසෙල්, කජු, මීපැණි, මුද්දරප්පලම් සහ පොල් කිරි දාන බව මෙනු එකේ ලියවිලා තිබුණා. එහෙම තිබුණෙ නැත්තං මේකට දාල තියන ජාති වෙන් වෙන් ව අඳුනගන්න අමාරුයි. මොකද ඔක්කොම ජාති හොඳට එකට මික්ස් වෙච්ච තික් ස්මූති එකක් මේක. විශේෂයෙන් කියන්න ඕන, මේක බොනකොට කජු කෑලි ගොඩක් හැපුණා.

අතුරුපස

ඩෙසට් විදිහට ආට් කැෆේ එකේ අයිස්ක්‍රීම් සහ පෑන්කේක් තියනවා. අපේ හිත ගියේ කොෆී ඇන්ඩ් චොක්ලට් පෑන්කේක් එකට. (රු. 450) මේක චොක්ලට් අයිස්ක්‍රීම් ස්කූප් එකක් උඩට කෝපි කුඩු දාලා, චොක්ලට් ස්ටෆ් කරපු පෑන් කේක් දෙකක් එක්ක එන ඩෙසට් එකක්. පෑන් කේක් උඩට චොක්ලට් සෝසුත් දාල ලස්සන කරල තිබ්බා.

මේකත් සෑහෙන අපේ හිතට ඇල්ලුවා කිව්වොත් හරි. මොකද පෑන් කේක් එක කටට සොෆ්ට්. ඒ වගේ ම කෝපි කුඩුවලින් චොක්ලට් අයිස්ක්‍රීම්වලට හොඳහැටි කොෆී රහ මික්ස් වෙලා තිබුණා.

සර්විස් එක

මෙයාලගේ සර්විස් එක හරි ම ෆ්‍රෙන්ඩ්ලි. කෑමබීම ටික එන්න සෑහෙන වෙලාවක් ගියාට, පරක්කු වුණ එක ගැන එයාල අපිට කනගාටුවත් පළ කළා නෙ ඉතින්..

අවසාන වශයෙන්

යාළුවෙක් එක්ක කයියක් ගහගෙන කෝපි එකක් බොන්න වගේ ම, පස් හය දෙනෙක් එක්ක පුංචි පාටියක් එහෙමත් දාන්න හොඳ, නිදහස් පුංචි තැනක් විදිහට ආට් කැෆේ එක රෙකමන්ඩ් කරන්න පුළුවන්.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment