4/5

The Barefoot Cafe

8th Lane (off Galle Road), Colombo 3


Barefoot Cafe is the best place to hang out in Colombo. It's a chilled place to meet or make friends, see art, hear music, eat good food and drink affordable beer.


මුල් ලිපිය ලිව්වේ ඉන්දි.

කොළඹ නිකරුණේ කාලය ගත කරන්න තියෙන හොඳම තැන තමයි බෙයාර්ෆුට් කැෆේ. ඒක යාළුවෝ හම්බවෙන්න හරි යාළුවෝ ඇතිකරගන්න හරි හොඳ තැනක් වගේම කලා කෘති බලන්න, සංගීතය අහන්න, හොඳ කෑම කන්න සහ දරාගන්න පුළුවන් මිලට බීර බොන්න හොඳ තැනක්. සංචාරකයන්ට බෙයාර්ෆුට්, සීගිරිය වගේම හොඳ සංචාරක ගමනාන්තයක්. දේශීය වැසියන්ට ඒක කොළඹ තියෙන අත්‍යවශ්‍යම තැනක්. ඒක අධිරාජ්‍ය යුගයේදී ලාංකිකයන්ගේ අවසාන තානාපති කාර්යාලය වගේ.

අපි ගොඩක් කාලෙකින් බෙයාර්ෆුට් ගැන ලිව්වේ නැත්තේ අපි එහෙ නිතරම ගැවසෙන නිසා. කොච්චර ගැවසෙනවද කිව්වොත් ඒක හරියට ගෙදර සාලේ ගැන ලියනවා වගේ.

පිහිටීම

ද බෙයාර්ෆුට් කැෆේ (අපි ඒක ගැන බෙයාර්ෆුට් ස්ටෝර් එකෙන් වෙන්කරලා ලියන්නේ) එකේ බිම ගල් අතුරපු විවෘත මිදුලක් තියෙනවා. අවශ්‍යතාවය මත වාඩිවෙන ආසන වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. කැෆේ එක ජෑස් ඉරුදිනයන්ගේ සිට කලාගාර විවෘත කිරීම්, ප්‍රසංග, රැස්වීම්, පෙම්වතුන්ගේ හමුවීම් සහ වෙනත් නොයෙක් දේවල් වලට යොදා ගන්නවා. ඔබට කොළඹ ඉන්න තියෙන්නේ පැය 24ක් විතරනම් මේ යන්න පුළුවන් එක තැනක්.

ඉඳගැනීමට තිබෙන ආසනවලට අමතරව කලාගාරයකුත් තියෙනවා. බාර් එකකුත් තියෙනවා.

කෑම බීම

දවසේ ඕනෑම වෙලාවක සැන්ඩ්විච් (පෝර්ක් සැන්ඩ්විච් රස බලන්න) හෝ ෆැලෆෙල් හෝ බයිට් එක්ක අයිස් තේ සහ පීනට් ස්මූදී වගේ දේවල් ගන්න පුළුවන්. දවල් කෑමට ඇවිදින මෙනූ බෝර්ඩ් එකක් තියෙනවා. රුපියල් 1,000කට විතර ගන්න පුළුවන් රසබර කෑම මේකේ තියෙනවා. ඉස්සෝ පිඟානේ සිට ඌරුමස් කරි එක දක්වා කෑම වර්ග මෙහෙදී ගන්න පුළුවන්. ඒ වගේම හොඳ අතුරුපසත් මෙහෙ තියෙනවා. (ස්ට්‍රෝබෙරි සමග ක්‍රීම් කාල බලන්න)

බෙයාර්ෆුට් එකේ සේවාව කදිමයි. ඔබට එහි ඉඳගෙන අයිස් තේ එකක් ඇණවුම් කරලා ඒක බිබී පැය ගණනක් නිදහසේ ගත කරන්න පුළුවන්. ඉක්මනින් මේස වෙනස් කරන්න උත්සාහ කරන අවන්හල් තියෙන නගරයේ මේ වගේ තැනක් තියෙන එක කොච්චර හොඳද? අයිතිකරුවන් වන ඩොමිනික් සහ නස්රීන් නිතරම එතන ඉන්න නිසා සේවාව පහළ මට්ටමකට යන්නේ නැති වෙන්න වගබලාගන්නවා.

උත්සව

බෙයාර්ෆුට් පුද්ගලික සහ මහජන උත්සව පවත්වනවා. සංදර්ශන, කලා ප්‍රදර්ශන, මංගල උත්සව, සහ සමාගම්වල රැස්වීම් මේ අතරට එක් වෙනවා. අපි එහි පැවැත්වෙන මහජන උත්සව අවස්ථා හැකි පමණ යමු වෙබ් අඩවියේ පළකරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ එහි යනවනම් හැමදාම බලන්න හරි මිලදී ගන්න හරි කලා නිර්මාණ තියෙනවා.

TIP

The beer is surprisingly cheap, but note that they stop serving alcohol between 2-5 PM.
All Reviews

The Barefoot Cafe serves up some excellent drinks and decent food. Their service needs to improve, vastly.

This Colombo’s institution is a great spot to have a drink, a light meal or a snack and to chill out in a peaceful and natural setting. 

Barefoot Cafe is undoubtedly one of the most popular hangout spots in Colombo. With it's chic outdoor setting, good food and great music its easy to see why.

Barefoot Cafe is the best place to hang out in Colombo. It's a chilled place to meet or make friends, see art, hear music, eat good food and drink affordable beer.

කොළඹ නිකරුණේ කාලය ගත කරන්න තියෙන හොඳම තැන තමයි බෙයාර්ෆුට් කැෆේ. ඒක යාළුවෝ හම්බවෙන්න හරි යාළුවෝ ඇතිකරගන්න හරි හොඳ තැනක් වගේම කලා කෘති බලන්න, සංගීතය අහන්න, හොඳ කෑම කන්න සහ දරාගන්න පුළුවන් මිලට බීර බොන්න හොඳ තැනක්. සංචාරකයන්ට බෙයාර්ෆුට්, සීගිරිය වගේම හොඳ සංචාරක ගමනාන්තයක්. දේශීය වැසියන්ට ඒක කොළඹ තියෙන අත්‍යවශ්‍යම තැනක්. ඒක අධිරාජ්‍ය යුගයේදී ලාංකිකයන්ගේ අවසාන තානාපති කාර්යාලය වගේ.

Address

8th Lane (off Galle Road), Colombo 3

Directions

Go down the Galle Road, it's just past the Bambalapitiya Junction (so past Majestic City). You can walk through the Barefoot store or go down the adjoining 8th Lane to a decent sized parking lot.

Contacts

E-Mail Facebook Website

Open until 07:00 PM

Price Range

Between Rs. 1000 - Rs. 1500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
1
Ambience Rating
5


Latest