4/5

The Cauldron

68 Stratford Avenue, Colombo 6


A coffee shop with an affordable and tasty take on Sri Lankan classics, and a nice location.


විළිලැජ්ජාවෙ සන්තෝසෙ බැරි සිද්ධියක් වුණේ හොඳේ.

ඔන්න මායි යාළුවෙකුයි ලොකු හදිස්සියකට ටවුන්හෝල් ගියා. ගිහින් එතන වැඩ ටික දඩබඩ ගාලා ඉවර කරගෙන සනික ඇද්ද වැල්ලවත්තට. මොකද වැල්ලවත්තෙන් තමයි යම් තාක්දුරට හරි නිදහසක් ලැබෙන චාන්ස් එකක් තිබ්බෙ. ඒකත්, වැඩේ කියන්නෙ මගදිනෙ දෙන්නට මතක් වුණේ දවල්ට කාලත් නෑ කියල.

“මෙහ්, මෙහෙම නම් බඩගින්නෙ ඉන්න බෑ බං. බලාපන් ඔය හොඳ තැනක් මොකක් හරි හිත පිරෙන්න කන්න තියෙන. හැබැයි මේ අහල පහලින් හොඳේ”

ඇත්තනෙ ඉතින්, මොකටද බඩගින්නෙ මැරිල මැරිල. මාත් ගත්ත ෆෝන් එක අතට. බැලුව වැල්ලවත්තෙ තියෙන කැෆේ ටික.

“හප්පට මේ තියෙන්නෙ බං. මේ වෙලාවෙ ඇරල තියෙන ඒවයින් හොඳම එක වෙන්න ඕන. මොකෝ කියන්නෙ යමංද?”

“ආයෙත් අහල. බඩු ටික අතනට දැම්ම සනික අදිමු ඒනම් එහෙනම් ඈ”

“කිව්වට විශ්වාස කරන්න යාළු වැඩ ඉවරවෙච්ච අනික් පැත්තට අපි දාගත්ත කැෆේ එකට ඩිරෙක්ෂන් එක. යං අයියෙ”

හ්ම්… යනව යනවා, හෙමින් සැරේ පාමංකඩ පැත්තටත් හැරුනා…

“ඒ, වැල්ලවත්ත කියල නේ බං ලොකේෂන් තිබුනෙ. දැන් හයිලෙවල් එකටත් ලඟයිනෙ?” යාළුව මගෙන් අහනව. මාත් ෆුල් අන්දුන් කුන්දුන්.

“ඒක නේන්නං බං. හැබැයි දැන් කිට්ටු ගතියක් තමයි පෙන්නුම් කරන්නෙ”

කිව්වත් වගේ කොහොමහරි කිරුලපන ස්ටැෆර්ඩ් ඇවිනියු එකේ කියන්නකො ප්ලේස් එක තියෙන්නෙ.

“ඇඬෙනව. බැහැං බැහැං ඉතින් මොනව කරන්නද දැං”

දෙන්න වීල් එකෙන් බැහැලා ඔන්න ඇතුලට!

“ගුඩ් ආෆ්ටනූන් සර්. ප්ලීස් ඔඩර් ෆ්‍රොම්ද කැෂියර්.

තැන්ක් යූ”

සැහ්, බලන්න එපැයි වෙල් කම් එක. ලස්සන ගෑනු ළමයෙක් එහෙම ඉස්සරහට ඇවිල්ල. අපිත් ඉතින් එයා කියපු දේ ඇහුව. නැත්නම් හරි නෑනෙ. කැෂියර් එක ළඟට ම ගිහිල්ල, මෙනුව බලල, හැම් චීස් පැස්ටා (රු. 650) එකකුයි, ජැෆ්නා ප්‍රෝන්ස් පොල් රොටි බර්ගර් (රු. 600) එකකුයි, චිකන් රෝස්ට් පාන් සැන්ඩ්විච් (රු. 520) එකකුයි.. බොන්න ෆෙරිරො හොට් චොක්ලට් (රු. 700) එකකුයි, හෙසල්නට් මැකියාටෝ (රු. 550) එකකුයි ඕඩර් කළා.

ඕඩර් කරල තමයි ගිහින් නිදහස් තැනක් අල්ලල වාඩිවුණේ. වාඩිවෙලා ඉතින් දවසෙ කතාබහට මුලපුරන්නයි...

ඒත් කොහෙද, ඒ අනික් පැත්තට බීම දෙක මේසෙ උඩනෙ.

මම ඉතින් පැනපු ගමන් හොට් චොක්ලට්. ඒකෙත් රොචර් බෝලෙ එක කටට. ෂැහ්, ටොප් ආ.. චොකලට් එකේ රස්නෙත් ගාණටම. හැරත් ඒකෙ රස.. පොඩ්ඩක් වතුර ගතිය වැඩි වුණාට ඇත්තටම චොක්ලට් රසෙන් නම් අනූනයි. අනික නිකම් ම චොක්ලටුත් නෙවෙයිනෙ, හොඳ ප්‍රිමියම් මිල්ක් චොක්ලට් එකක්. හ්ම්... පැණිරසත් නූලටම නිසා තලුමරමර රස බැලුව හැකි. අර එකම අවුල තියෙන්නෙ ඒකෙන් උගුර දෙක බොද්දි සනික බඩ පිරෙන එකනෙ.

යාළුව කිව්ව විදියට මැකියාටෝ එකත් ටොපේ ටොප්ලු. හැබැයි ඒකෙ හෙසල්නට් රසක් නම් ඒ හැටි තිබ්බෙ නෑලු. කොහොම වුණත් හොඳ පදමට කිරි එක්ක කෝපි රස නම් ගැලපිලා තිබිල තියෙනව. පැණිරස ගතියත් ළාවට වගේ තියෙන්න, කෝපිවල තිත්ත ගතිය චුට්ටක් මතු වෙන්න, ක්‍රීම් රසත් පදමටම සෙට් වෙන්න…

ඇත්තටම පංකාදු පහටම රස දැනෙන්න, ඕං!

කොහොමහරි ඒ අතරට ඇවිල්ල තිබ්බ ඉස්සො, පොල්රොටි බර්ගර් එකත් මම පොඩ්ඩක් මැද්දෙන් මැද්දෙන් ගලප ගත්ත. මොකද දරුණු බඩගින්නකින්නෙ පෙලුණෙ.

ම්ම්… ඇත්තටම ඒක වංචාවක්. එසේ මෙසෙත් නෙවෙයි, ලොකු වංචාවක්. ඝනකම් පොල් රොටි දෙකක් මැද්දට චීස් පෙත්තක් තියල, ඊට උඩින් ජැෆ්නා රස කියන්න පුලුවන් මට්ටමේ පුංචි ඉස්සො හතරක කරියක් අතුරලා. එච්චරයි. බොරු කියන්න ඕන නෑනෙ. අවංකයෙන්ම පොල් රොටියෙ නම් පොල් තිබ්බ. හැබැයි ටිකක් පිච්චිලා මදි වගේ. අනිත් කාරණය තමයි ඉස්සො උයල වැඩියි. ඊටත් ජැෆ්නා කරිවල තියෙන මිරිස් තුනපහ රස වෙනුවට අමුතු ම ක්‍රීම් වගේ රසක් තමයි ආවෙ. අනේ මන්දා ඉතින්, එහෙම බර්ගර් කනව කියන්නෙ.

යාන්තම් පැස්ටා එක හොඳ පදමට තිබ්බෙ. හැබැයි ඒකෙත් ලුණු මදි. ක්‍රීම් චීස් නම් දාලා තිබ්බ හප්පොච්චියෝ... කියන්න. කොටින්ම කියතොත් කටක් කාලා දෙවරක් කට පිහදාන්න වෙන තරම්. ඒකට අර ෆ්‍රෙෂ් තක්කාලි සෝස් බොහොම පොඩ්ඩයිනෙ දාලා තිබ්බෙ. ඊටත් හැම්? අයියෝ හීනියට ලියල ලියල, කෑලි 12, 15ක් නිකම් උඩින් දාලා. ඉතින් අන්තිම ටික කද්දි හැම් නෑ. චීස් විතරයි.

අන්න ඒකට චිකන් රෝස්ට් පාන් සැන්ඩ්විච් එක. ඒක නම් හදපු කෙනාට සම්මානයක් දෙන්න වටිනව. ඒ තරම් රසයි කියන්නෙ යාළු… සුපිරි චිකන් එකක් තමයි මැද්දට පුරවල තියෙන්නෙ. හීනියට ඉරපු චිකන් තොගයක්, මිරිස් තුනපහ වගේම ලුණු ඇඹුල්, මස්කරි, රම්පෙ කරපිංච, ඉඟුරු සුදුලූනු සියල්ල එක්ක හොඳ හැටියට හින්දල හදල, බොරත් එක්ක ම පාන් ගෙඩිය මැදට අතුරල.. ආ කියන්න බැරිවුණානෙ. මං හිතන්නෙ චිකන් අතුරන්න කලින් පාන් ගෙඩියෙ බටරුත් ගාලා වෙන්න ඕන. උණු උණුවට මේසෙට ආවාම.. තොලකට ලෙව කැවෙනව යාළු.

ඒක කෑවට පස්සෙ නම් ඉතින් දෙන්නගෙම මූණුවල ඔන්න ළාවට හිනා. ඊටත් බඩකටත් හොඳ හැටි පිරිල නිසා සතුටු හිනා එක්ක කතා...


TIP

There's a smoking area, but don't smoke.

Address

68 Stratford Avenue, Colombo 6

Directions

From High Level Road, turn down Stratford. It's past Gandhara and Shakasz. You can park on Stratford Terrace, but it's better to take a cab here.

Contacts

Facebook Website

Open until 10:00 PM

Cuisine

Sri Lankan

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice Kottu Cakes Coffee Bites Roti

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3


Latest