Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Elephant Pass (Yala)

268, Japan road, Vilamulla kele, Tissamaharama


Awesome, jungle cottage & campsite in Yala with a swimming pool. Highly recommended for quiet and calm holiday.



අලි ගහන කැළේ, හේන් වදුලු මායිමේ..

වනගත රැයක් ගතකරන්න!

මමත් තැනක් හොය හොය නම් හිටියෙ දවස් කීපයකම වගේ ඉඳල. ඒත් බජට් එකට හරියන තැනක් හම්බවුනේ සති ගානකටත් පස්සෙ. ඇයි ඉතින්.. පහුගිය මාසෙ යාල හතර මායිමේම තදම සීසන්නෙ. වැඩිය ඕන නෑ, සෆාරියෙදි දකින එක දිවියට ඉන්නව ජීප් 30, 40 තියාගෙන බලන්න.

හ්ම්...

ඒත්..

ඒ කොහොම වුනත්, පාර්ක් එක ඇතුලෙ තියෙන කාර්යබහුලත්වයෙ හාන්කවිසියක්වත් නෑ යාළු නවාතැනට ආවට පස්සෙ. හරියටම කිව්වොත් එපිට වදුලෙ ඈත, ඉමේ කෑගහන බස්සෙක්ගෙ සද්දය වුනත් ඇහෙනව ටෙන්ට් එක ඇතුලට. මොකද.. මේක පිහිටල තියෙන්නෙ යාල, සිතුල්පව්ව පාරෙ මගක් ගියාම මුණගැහෙන අතුරු පාරකත් ටිකක් ඇතුලටම වෙන්නනෙ. ඒකත් හරියට එක පැත්තකින් යාල මායිමේ වගේ. විශේෂයෙන්ම එතන අලි වැටෙන් එහා අමුම අමු කැලේත් එක්ක!

අර.. දවල්ට ලොකු ලස්සනක් නැති වුනාට..

එතන තියෙන අමුතුම ගැම්මෙ, ගතිය එළියට එන්නෙ නම් රෑට. ඇයි ඉතින් මයිල, කොහොඹ ගස් යටට වෙන්න පොඩි පොඩියට අටවපු බැක්පැකින්ග් ටෙන්ට් ටික, කැළේ මායිමට වෙන්න ගහපු ලොකු ටෙන්ට් ටික, එතකොට පේළියට හදාපු සුවපහසු කාමර, ඩයිනින්ග් ඒරියා, පූල් එක පවා.. ලයිට් දාලා, ලන්තෑරුම් එල්ලල ගත්තාම..

කියල වැඩක් නෑ යාළු හොඳේ.

සත්තයි හුදකලාවට ආස කරන කෙනෙක්ට භාවනා කරන්න වගේම..

පුංචියට ෂොටක් ගහල, සංගීතයට වගේ කන් දෙන්න ආස අයටත් පංකාදු පහයි හොඳේ.

ඔක්කොමත් හරි මෙයාලගෙ නවාතැන් පහසුකම ගැන නම් පැහැදිලිවම දෙයක් කියන්න ඕන, මොකද ඒ පැත්තෙ අනික් තැන්වල යන ගණන් එක්ක.. මෙතන සෑහෙන්න සාධාරණ පාටයි. හිතන්නකො බැක්පැකින්ග් කෑම්පින්ග්, බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆස්ට් එකකට රු. 4500යි කිව්වාම. ඒකත් නිකම් නෙවෙයි රෑට ගිණිමැලය, බාබකියු එක, දවල්ට පූල් එක, අත ලඟ රෙස්ටුරන්ට් එක.. ඊටත් සේවාව! තරු 5ටම ඈ.. කෑම ටිකත් දෙනව නිකම් රිදෙන්නම. අර එකම අවුල තියෙන්නෙ ඒවා අපිට එච්චරටම හරියන්නෙ නැති එක තමයි. මොකද ගොඩක්ම ඒවා සුද්දොන්ට නේ..

බැක්පැකින්ග් ටෙන්ට් වගේම මෙයාලගෙ ඊට වැඩිය ටිකක් සුවපහසු ටෙන්ටුත් තියෙනව ඇඳන් එහෙම දාපු. ඒ කිව්වෙ ලක්ෂරි නම් නෙවෙයි හොඳද. කොහොමහරි ඒ ටෙන්ට් වලටම වෙන් වෙච්ච එළිමහන් ඩයිනින්ග්, ගිණි මැල, බාබකියු එහෙමත් තියෙනව. ම්.. සේවක මිත්‍රය කියපු විදියට නම් ඒවා ගොඩක්ම යන්නෙ කපල් වලටලු. දන්නැද්ද ඉතින්.. ඒකෙත් අමුතුම ගතියක් තියෙනවනෙ.

කෙසේ වෙතත් නොම්මර එකටම, ඒසී කරල සුවපහසුව නීට් එකටම තියාපු කාමර ටික නම් බැලූ බැල්මටම ආස හිතෙන ගානයි. ඇටෑච් බාත්රූම් එක්ක, ඩබල් ඇඳන්, කණ්නාඩි මේස, රැක්.. හැරත් ඉන්ටීරියර් එකත් හරිම ලස්සනයි ඒවයෙ.

ඒත්.. අවාසනාව කියන්නෙ, ඒ කොච්චර සුවපහසුව තිබ්බත්.. කාලෙ හැටියට දවල්ට නම් ඉන්නම බැරි ගානයිනෙ. විශේෂයෙන්ම යාල පැත්තෙ!

හැබැයි කාරි නෑ..

මොකද.. එයාලගෙ තියෙනව ටොප්.. පූල් එකක්. හෙමින් සැරේ.. සීතල බීමක් එහෙමත් අරගෙන, ඇඟම කූල් වෙනකම් බැහැල ඉන්න. ඕන නම් ඉතින් ඔය මොනමොනවහරි සැර ජාතියකට වුනත් මුල පුරන්න බැරියැ.

ඇත්තටම ඉතින් මම ගතකරපු දවස් දෙකෙත් මම කලෙත් ඒකමයි. ඒත් දවල්ට නම් නෙවෙයි, ෆුල්ඩේ සෆාරි දාලා ඇවිල්ලා.. හැන්දෑවෙ 7ට විතර. කොහොමද.. මගේ ඉල්ලීම පරිදි පූල් එක ලඟින්ම බාබකියු ඩිනර් එකත් ලෑස්ති කරල, එයාලා ගිණි මැලෙත් ගහල දුන්නාම..

අන්න ඒ නිසයි යාළු බය නැතුව කියන්නෙ, අනිවා යන්න කියල.

සත්තයි, එයාලගෙ ලොක්කගෙ ඉඳන්ම සියළු දෙනාම.. හරිම මිත්‍රශීලියි.

ඕන දෙයක් කතා කරගන්න පුලුවන් මිනිස්සු එක්ක ඉතින්..

කියන්න ඕන නෑනෙ එහෙනම්..!

අප්‍රේල් නිවාඩුවම...


Similar Places

User Reviews
S
1

5/5

0

shaun Dias

Great place at, had a wonderful personalized experience highly recommend 👍🏾

S
1

5/5

0

shaun Dias

Great place at, had a wonderful personalized experience highly recommend 👍🏾

See 1 Comment