Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

The Gulab Jamun Hut

Delivery Only


Gulab jamun, choco jamun and more!



ඉන්දියන් රසකැවිලි අතරෙ ගුලාබ් ජමුන්වලට තියෙන්නෙ විශේෂ තැනක්. ලංකාවෙ ඉන්දියන් කෑම තියන කඩවල් ගොඩක අතුරුපසක් විදිහට ගුලාබ් ජමුන් තිබුණට මොකද හොඳ කොලිටියෙ ගුලාබ් ජමුන් හැම තැන ම නෑ. නිතර හම්බෙන ගුලාබ් ජමුන් එක්කො තෙල් රහයි. එක්කො පිටි රහයි. එක්කො දියාරුයි. ඒ මුකුත් ම නැත්තං ඉවසන්න බැරි තරං පැණි රහයි. එක එක ප්‍රශ්න!

ගුලාබ් ජමුන්වලට ම වෙන් වුණ, ඩිලිවරි බේස්ඩ් තැනක් වෙන රාජගිරියේ ගුලාබ් ජමුන් හට් එක ගැන අපිට ආරංචි වුණේ ඔය අස්සෙ. එතන ගැන අහපු දවසෙ ඉඳන් ඕඩර් කරන්න අපි පුල පුලා බලන් හිටියෙ ඒගොල්ලො ගාව ඔරිජිනල් ගුලාබ් ජමුන්වලට අමතරව තව එක එක රහ ගුලාබ් ජමුන් තියන බව දැනගත්ත නිසා. ඒත් ලොක්ඩවුන් එක තිබ්බ කාලෙ පුරා ම ට්‍රයි කළත් ඔරිජිනල් එක ඇර අනෙක් ජාති අවේලබල් නෑ කියලයි දිගට ම අපිට අහන්න ලැබුණේ. කොහොමහරි ඔන්න බොහොම අමාරුවෙන් ජාති කීපයක් තියන දවසක් අල්ලගෙන පික්මී ෆුඩ් එකෙන් ඕඩරේ දැම්මා.

ගුලාබ් ජමුන්

අර කිව්වත් වගේ ඔරිජිනල් ගුලාබ් ජමුන්වලට අමතරව මේගොල්ලො ළඟ චොකෝ ජමුන්, මිල්කි චොකෝ ජමුන්, පීනට් කුකීස් එහෙමත් තියනවා. අපි ගත්තෙ ගුලාබ් ජමුන් ස්මෝල් පෝෂන් එකයි (රු. 270), චොකෝ ජමුන් පෝෂන් එකයි (රු. 320).

ගුලාබ් ජමුන් ස්මෝල් පෝෂන් එකට පුංචි පීසස් පහළොවක් එනවා. වැඩි ආලවට්ටම් නැතුව කෙටියෙන් ම කිව්වොත් මේව මාර රහයි. කිරි රහ එක්ක පැණි රහ හරි පදමට මික්ස් වෙලා. කටේ තියන්න බැරි තරම් තෙල් ගතියකුත් නෑ. හොඳට රන්වන් පාටට ඩීප් ෆ්‍රයි වෙලා, හැපෙනකොට නියම සොෆ්ට් ගතියට තිබුණා.

ඔක්කොමත් හරි, මේ පීසස් පහළොව ආවෙ පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකක තද වෙලා හිර වෙලා. ඉතිං එහෙම නැතුව පැකේජිං ගැන තව පෝඩ්ඩක් හිතුව නං හොඳයි කියල අපිට හිතුණා.

චොකෝ ජමුන්

චොකෝ ජමුන් පෝෂන් එකට පීසස් දහයක් එනවා. අර කලින් සයිස් එකේ ම පොඩි ප්ලාස්ටික් කන්ටේනර් එකක දාලයි ආවෙ. මේක තද දුඹුරු පාට චොක්ලට් ආකරයක්! චොකෝ ජමුන් ටික උකු ම උකු චොක්ලට් සෝස්වල නෑවිලයි ආවෙ. සෝස් එකේ පෙඟිලා නිසා චොක්ලට් රස ඉතිරෙනවා. උකුවට, කිරි රසට වගේ ම කටට සුමුදුවට බැදිලා තිබුණ මේවට උඩින් ස්ප්‍රින්කල්ස් ගොඩක් එහෙම ඉහලා හොඳ පෙනුමකුත් දීලා තිබුණා. මල් හතයි!

චොකෝ ජමුන් පීසස් දහය ඉවර වුණාම අඩියේ ඉතුරු වෙලා තිබුණ චොක්ලට් සෝස් මහ තොගේටත් වැඩේ දීලයි අපි පස්ස බැලුවෙ.

අවසන් වශයෙන්

ගුලාබ් ජමුන් පෙරේතයො ඉන්නව නං ඔන්න මේක තමයි තැන. ඒ නැතත් කාට වුණත් ඉන්දියන් අතුරුපසකට කියාපු තැනක්.

Open until 11:30 PM

Cuisine

Indian

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Indian Sweets

Ratings Breakdown

Overall Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment