The Leaf Lamprais


Home-delivered Sri Lankan Lamprais.


ටික දවසකට කලින් අපට මේල් එකක් ආවා. සෑහෙන කාලෙක ඉඳන් සාම්ප්‍රදායික බර්ගර් විදියට ගෙදර හදන ලම්ප්‍රයිස්! මෙච්චර කල් ඉරිදට විතරක් හදපු මේ ලම්ප්‍රයිස් එක දැන් හැමදාම හදනවලු. ඉතිං අපිත් ඕඩර් එකක් දාලා බැලුවා.

සර්විස් එක

අපේ අයිෂා තමයි කෝල් එක දැම්මේ. කෝල් කරපු ගමන් “යමු එකෙන්ද” කියල තමයි අහල තිබුණේ. ෂුවර් එකට අපි වෙන්න ඇති මේ ඊ මේල් එකට මුලින් ම කෝල් කළේ. සාමාන්‍යයෙන් නම් අපි ‘යමු’ එකෙන් කියල එයාලට තේරෙන්නෙ නැති වෙන්න තමයි අපි රිවීව් එක කරන්නෙ. ඒත් ඉතිං මොනව කරන්නද, දැන් දැනගෙන ඉවරයිනෙ. අපේ ඇඩ්‍රස් එකවත් අහගන්නෙ නැතුව කෙලින් ම ඔෆිස් එකටම කෑම ටික ගෙනත් දුන්නෙ.

කෑම

පාර්සලේ ඇරපු ගමන් හරි පොඩියි වගේ පේන්නේ. ඒත් දිගඇරලා බලද්දි බත්, කරි ඔක්කොම ගානට තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රැඩිෂනල් ලම්ප්‍රයිස් එකක තියෙන්න ඕන හැම දේම තියෙනවා: වම්බටු පැහිය, අලු කෙසෙල්, සීනි සම්බල්, ෆ්‍රිකැඩල්මස් (අර පොඩි කට්ලට් වගේ එක).

අපි ලම්ප්‍රයිස් 3ක් ඕඩර් කළා: වෙජිටේරියන් එකයි, චිකන් එකයි, මික්ස් මීට් එකයි. චිකන් ස්ටොක් දාලා හදපු බත් එකේ ඉඳන් හැම කරි එකක් ම මාර රසයි. හොඳට ස්පයිසස් දාලා හදපු කරි ටික කෙසෙල් කොළේ එතිලා එද්දි මරු!

වෙජිටේරින් එකට නම් අනිත් කරිවලට අමතර ව අල බැදුමක්, සෝයා මීට් එහෙමත් තියෙනවා.

මික්ස් මීට් එකේ බීෆ්, පෝක්, චිකන් පොඩිපොඩි කෑලිවලට කපලා හදලා තියෙන නිසා පොඩ්ඩක්වත් හයිය නෑ.

චිකන් එකත් එමම තමයි. හොඳට ලුණුඅැඹුල් දාලා හදල තියෙනවා.

ලම්ප්‍රයිස් එකක් මීට වඩා හොඳ වෙන්න විදියක් නෑ. මේක පට්ට ලම්ප්‍රයිස් එකක්!

අවසාන වශයෙන්

අපෙන් ඩිලිවරිවලට සල්ලි ගත්තෙ නෑ (අපි ‘යමු’ නිසාද දන්නෙ නෑ).  ලම්ප්‍රයිස් තුනට ම ගියේ රු. 1125යි; එකක් රු. 375යි. ඒ ගාණට නම් මේක පට්ට ලාබයි. එකම අවුල දවස් දෙකකටවත් කලින් ඕඩර් එක දාන්න ඕන එක. ඒත් ඉතිං මේ වගේ ලම්ප්‍රයිස් එකකට නම් දවස් දෙකක් බලාගෙන ඉන්න එකත් පාඩු නෑ.



Latest