4/5

The Tamil Union Cricket & Athletic Club

P Sara Oval Stadium, 301 Leslie Ranagala Mawatha, Colombo 8,


The Tamil Union is one of our older, more interesting clubs with a strong and loving relationship to Sri Lanka cricket. Existing before even our grandparents were born - since 1899 - the P. Saravanamuttu Stadium hosted Sri Lanka's first ever international test match in 1982.


දෙමළ සංගම් සමාජය පිහිටා තිබෙන්නේ බොරැල්ලේ ඇතුළට වන්නට නිසා සවසට බීම වඩියක් සඳහා යන්න එතරම් පොළඹවනසුළු තැනක් නොවෙයි. ඒ ව‍ගේම, එහි යන්නනම් ඔබ එහි සාමාජිකයකු හෝ ඔවුන් දන්නා අයකු විය යුතුයි. ඒ නිසා අප ඔබට නිර්දේශ කරනවා, සාමාජික කාඩ්පත් හිමි මිතුරකු හෝ නෑයකු සමග එහි යන්නටය කියා. දෙමළ සංගමය ලංකාවේ පැරණි සමාජයක්. එහි සමාජශාලාව සන්ධ්‍යා බීර පානයකට කදිම තැනක්.

එහි ආලෝකවත් කිරීම සෞම්‍යයි. කණ්අඩි පැලෙන සංගීතය නැහැ. බාර්එක (The Oval Taverners) ඇත්තේ පිටියට ඉහළින්. ඔබට ඇතුළත අසුන්ගන්නට හෝ එළිමහනේ සිට ඉටිපහන් එළියෙන් කෑමගන්නත් පුළුවන්. සෙසු සමාජශාලාවල බාර් එක්ක බැලුවාම දෙමළ සංගමයේ ඕල්ඩ් ටැවනර්ස් බාර්එක නිස්කලංක තැනක්. සිංහල ක්‍රීඩා සමාජයේ හෝ පිහිනුම් සමාජයේ කලබලකාරී ස්වභාවය මෙහි නැහැ. ඒත්, තණපලස මත හිඳගත් එහි සාමාජිකයන්ගේ කතාබහත්, චිකන් කොත්තු හෝ කලවම් කරමින් බදින ලද stir fried නූඩ්ල්ස් නිර්දේශ කරන ප්‍රීතිමත් කාර්යමණ්ඩලයේ හඬත් එහි රැව් දෙනවා. මෙහි සේවාවන් වෙනස්. අපි පිහිනුම් සමාජයට කැමතිවුණත්, එහි කාර්යමණ්ඩලයෙන් සේවාවක් ඉටුකරගැනීම අතිශය දුෂ්කර වැඩක්. මෙහි එහෙම නැහැ.

ඒත්, කෑමනම් බලාපොරොත්තු සුන්කරනසුළුයි. ෆ්‍රයිඩ්රයිස් හොඳයි. ඒත්, ඩෙවල් කරන ලද හරක්මස් බැදිලා වැඩියි. චිලි පේස්ට් පොඩි කරනලද ඉස්සන් වැනියි.

දෙමළ සංගමය කියන්නේ ක්‍රිකට් සමග සමීප සම්බන්ධයක් ඇති පැරණි ක්‍රීඩා සමාජවලින් එකක්. අපේ සීයලා ඉපදෙන්නත් කලින් 1899 සිට එය පවතිනවා. පී. සරවනමුත්තු ක්‍රීඩාංගනය තමයි 1982දී ලංකාවේ පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණ තැන. 1940 සිට 1985 දක්වා කාලයේදී ලංකාවේ පවත්වන ලද සෑම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකම තරග මෙහි පැවැත්වුණා.

ඒත්, මේ සාඩම්බර දෙමළ සංගම් සමාජය 1983දී ගිනිතබා විනාශ කරදමනු ලැබුවා. අළු මතින් සම්පූර්ණයෙන්ම නැගී සිටින්නට එයට දශක දෙකකට වැඩි කාලයක් ගතවුණා. ඒ වුණත්, ද්වෙෂයේ ගිනි පුළිඟු අතරින් නැගී සිටිමින් 1985දී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයේ ජයභූමිය වුණෙත් මේ ක්‍රීඩාංගනයමයි.

සමාජශාලාවේඇවිද බලන්න. එහි ලංකාවේ මෙන්ම වෙනත් රටවල ක්‍රීඩකයන් හා ක්‍රීඩාවට ආදරය කළ මිනිසුන් සම්බන්ධ පැරණි ඡායාරූප රැසක් තිබෙනවා. මා අසා තිබෙනවා ප්‍රදීප් මැතිව්ස් පවා දෙමළ සංගමයට ක්‍රීඩා කර ඇතිබව. අපි පළමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණය දිනූ බිමේ තණපලස මත වාඩි වී ඔබට බොන්න පුළුවන්. ඩොන් බ්‍රැඩ්මන්ගේ පාගැටුණු බිමක ඇවිදින්න පුළුවන්. තව මවන මොනවද ඉතින්?

TIP

They have the clearest, most visibly displayed bar policy we've seen. No slippers or shorts in the bar after 7 PM, last order. 10.45 PM.

Address

P Sara Oval Stadium, 301 Leslie Ranagala Mawatha, Colombo 8,

Contacts

E-Mail Website



Latest