No 22, Old road, Pannipitiya
Closed right now
Thisara rset is an awesome spot to chill with some booze, and delicious Sri Lankan Chinese food.
අපේ දිනෙෂුත්, හිත් දිනාගන්න යෝජනා ගේන්නෙ මහ අපබ්රංස වෙලාවල්වලටමයි අනේ. හිතන්නකො, අතේ සල්ලිත් තියෙන ටයිම් එකේ, හිත හදාගෙන දෙයියනේ කියල ගෙදර යන්න පිටත් වෙද්දිම...
“ඒහ්, මොකෝ කරන්නෙ පොඩි ෂොටක්වත් දාමුද” කියල ඇහුවාම?
එපමණයි ඉතින්! අපිටත් බෑ කියල පුරුදුයැ. ඒ මදිවට ළඟපාතින් ඉඳපු කූගනුත් සෙට්වුණා ඒකට ම
හා, දැන් යමංකො තුන්දෙනත් එක්ක හොඳ රෙස්ටුරන්ට් එකක් අල්ලල.
ම්... ටිකක් කල්පනා කරපු මම දිනේෂ්ගෙ ඉල්ලීම මතම ලෝබජට් රෙස්ට් දෙකක් ගැළපුව. ගළපල කූගන්ගෙනුත් ඇහුවාම අන්තිමට කැමති වුණේ පන්නිපිටියෙ තිසර එකට යන්න. මොකද එතන ගාණත් අඩුයි, වදිනවත් වැඩියි... අනික නිදහසුත් එක්කනෙ.
ඒ අතරට දිනේෂ් දාපු පික්මියත් ඕං ළඟට ම ඇවිල්ල.
“ඒහ්... යමං යමං පල්ලෙහාට. අන්න අරක ඇවිල්ල”
අඩියට දෙකට පාරට ගියපු අපි, වාහනේට සනික ගොඩවුණාට... ට්රැෆික් එකත් එක්ක නම් අපේ ගමන ඇත්තට ම ටිකක් ප්රමාද වුණා. ම්... අටට විතර. ඒකත් අවුලක් නෑ, අර බය තිබ්බෙ සෙනෙඟ හිටියොත් කියල තමයි. හැබැයි ඉතින් ප්ලේස් එක ළඟින් බැහැල උඩ තට්ටුවට ගො වුණාට පස්සෙ නම් ඒ බයත් කොහෙන් ගියාද නෑ.
ඔය තියෙන්නෙ ලස්සනට, අපිට ම කියල වගේ කෙලවරේ මේසෙත් ෆුල් එම්ප්ටි.
බෑග් මලු ටික එහෙම පැත්තකින් තියල තුන්දෙනා හෙමින් සැරේ වාඩි වෙලා...
වටපිට බැලුවට, නෑනෙ කිසිම!
සේවක මිත්රයෙක් පේන්නවත් නැති ගානයි. ඒත් ඉතින් අපි ඉවසිල්ලෙන් ම හිටිය. මොකද ඈත තියල ම අපිට පෙනුනනෙ රෙස්ට් එකටම ඉන්නෙ සේවක මිත්රයො දෙන්නයි කියල.
ඕ...න්න, විනාඩි දහයකට විතර පස්සෙ,
ඉවසීමෙන් සැනසීම ලැබේ කියන්නෙ බොරුවටද ආ...
හිනාමුසු මූණින් ආපු සේවක මිත්රය මෙනුවත් ගෙනැල්ල දීලා, ඕඩරෙත් අරගෙන, බොන ජාති ටිකත් මේසෙට ගළපල දීලා, පිඟන් කෝප්ප අඩුම කුඩුම ටිකත් තියලයි ගියේ, හ්ම්... ඒකත් ඇද ඇද නෙවෙයි, එක විනාඩි පහට දහයට හොඳේ.
වැඩේ කියන්නෙ ඒ ගළපල ගිහිල්ල, ඕන නම් තව විනාඩි දහයක් යන්න ඇති... මෙන්න බයිට් ටිකත් පෝලිමට මේසෙට!
ඒකත් ඉස්සෙල්ලාම ආවෙ හොට්බටර් කට්ල්ෆිෂ් එක (රු. 520). හිත කීරි ගැහුන කියන්නකො ඒක දැක්කාම. හප්පේ... දාගත්ත ෂොටත් ඉස්මොලේ යනව තව පොඩ්ඩෙන්. ඇයි යාළු දීසියක් පිරෙන්න හොඳේ, තඩි දැල්ලො කෑලි හොඳ හැටි බැටර් කරල, ගැඹුරු තෙලේ බැදල, මිරිසුත් මදි නොකියන්න දාලා, මාළු මිරිස්, ලීක්ස් අඩුමකුඩුම ටිකත් එක්ක... වැඩිය ඕන නෑ, අපේ දිනේශ් දැල්ලො කෑවෙ නිකම් බත් කන ගානට. බොරු නම් අහල බලන්න.
අනේ... ඊට දෙවනි නැති රයිස් එකත් (රු. 680) ඒ මැද්දටම ගළපපි, මේං සේවක මිත්රය හරිහරියට.
“ඒ මොකක්ද බං මේ තැන?” කූගන් ඇහුව නෙවෙයි, ඇහැවුණා මං හිතන්නෙ.
ඇයි යාළු ඒකෙ සයිස් එකයි, දාලා තියෙන ජාතියි... කිරි අප්පේ, ඒක හතරදෙනෙක්ට බඩ පැලෙන්න කන්න තියෙන ගානයි. ඔන්න බැදපු චිකන්, සොසේජස්, මාළු, ඉස්සො, දැල්ලො, බිත්තර... පොඩි පොඩියට කපල අම්බානක මික්ස් කරල හොඳේ. කොටින්ම කියතොත් ගන්න ගන්න කටට කොහෙන් හරි මසක් මාළුවක්. ඒ විතරක් නෙවෙයි, කැරට්, ලීක්ස්, මිරිස්, ගම්මිරිස්... ඔක්කොමත් පදමටමනෙ. වැඩක් නෑ ඉතින් කතාකරල. සත්තයි, ඒක නම් කාලම බලන්න ඕන රයිස් එකක්.
ගහපු අරක්කු පිටින් දෙපිටින් ගියේ අන්තිමට ආපු පෝර්ක් එකට (රු. 650). ඩෙවිල් එකක් නම් තමයි. සැරත් ඒ හැටියටම තියෙයි. වැඩේ කියන්නෙ මුලු පිඟානටම තෙල් කෑලි දෙකයි කියන්නකො.
මං දන්නෑ මෙහෙම මෙයාලා, මේ ගාණට, මේ කෑම කොහොම දෙනවද කියල. අඩේ ලොකු හෝටලේකින් කෑවත් අනිවා පෝර්ක් එකේ තෙල් කෑලි 4-5ක් තියෙනවනෙ. හැබැයි ඉතින් එකක් කියන්න ඕන...
“කුක් අයියෙ, ඒ ඩෙවිල් එකේ සෝස් නම් ටිකක් වැඩියි හොඳේ. ඇත්තටම පෝර්ක් රස ටිකක් යට යනව ඒකෙන්. ඒ නිසා ඔන්න ඊළඟ පාර එද්දි ඒකත් හදල තියන්න හොඳේ”
බලන්න, අපේවුන් කරටි සාක්කුවෙ දාගෙ යන හැටි...
හී… ගහනව ඒ බයිට් එකත් එක්ක... රඹටි හැලෙන්න, ඕ...!
සිංහල හිත කීරි ගැහුන කියන්නකො ඒක දැක්කාම. හප්පේ... දාගත්ත ෂොටත් ඉස්මොලේ යනව තව පොඩ්ඩෙන්. ඇයි යාළු දීසියක් පිරෙන්න හොඳේ, තඩි දැල්ලො කෑලි හොඳ හැටි බැටර් කරල, ගැඹුරු තෙලේ බැදල, මිරිසුත් මදි නොකියන්න දාලා, මාළු මිරිස්, ලීක්ස් අඩුමකුඩුම ටිකත් එක්ක...
සිංහල ඉස්ටු එක එහෙම තියෙද්දි කට්ල් ෆිෂ් ඩෙවිල් එකෙනුත් පොඩ්ඩක් රස බැලුව. ගසාපු සොට් එකේ සැර කොහෙන් ගියාද නෑ. ඇයි අප්පේ, ඒකෙ රස. හොඳ ගාණට ගැඹුරු තෙලේ බැදිලා, ලුණු, මිරිස්, ගම්මිරිස් එක්ක... රඹටි හැලෙන කටගැස්ම!
Closed right now
Cuisine
Asian Western Chinese Sri Lankan Sri Lankan Chinese
Price Range
Dish Types
Eggs Seafood Pasta Fried Rice Pork Chicken Fried Chicken Fish Fish And Chips Cuttlefish Sodas Alcoholic Beer Bites
Ratings Breakdown
Havi at Pannipitiya is a good spot to chill with some…
Great place to booze with delicious food under low budget
Delete Comment
Thushan
Your contact number plz Mr.Buddika ???