4/5

Tiffinbox

Delivery only


A healthy lunch service option that's as good as it could possibly get.


එළියට යන්න කම්මැලි චුරු චුරු වැහි දවස්වල ලේසිම දේ කෑමබීම ළඟටම ගෙන්නගන්න එක. ඉතිං එහෙම දවසක දවල් කෑම ඕඩර් කරන්න තැනක් කල්පනා කරද්දි මුලින්ම මතක් වුණේ ටිෆින් බොක්ස් එක.

ඕඩර් කරන විදිහ

ටිෆින් බොක්ස් එක සම්පූර්ණයෙන්ම ඩිලිවරි බේස්ඩ්. ඒ හින්ද ඌබර් ඊට්ස් වගේ ෆුඩ් ඩිලිවරි සර්විස් එකකින් ගෙන්නගන්නයි තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ මෙනු එකේ තියන ගොඩක් ජාති අතරින් අපි ඕඩර් කළේ රයිස් ඇන්ඩ් කරි සහ ෆ්‍රයිඩ් රයිස්. ඕඩර් එක බොරැල්ලෙ ඉඳන් නුගේගොඩට පැය බාගයක් ඇතුළත ආවා.

රයිස් ඇන්ඩ් කරි

අපේ ෆිෂ් රයිස් ඇන්ඩ් කරි (රු. 350) එකේ තිබුණේ මාළු, බීට්රූට්, පරිප්පු, බණ්ඩක්කා සහ ගොටුකොළ සම්බෝල එක්ක සුදු බත්. පෙනුම පිළිවෙළයි පිරිසිදුයි. ඔක්කොම ජාති ලෝබ නැතුව ලොකුවට බෙදල තිබුණා. මාළු කෑල්ල සැරට රහට හැපුණා. බීට්රූට් ටික චප්ප නොවී ගාණට තැම්බිලා. ගොටුකොළ සම්බෝලෙත් ෆ්‍රෙෂ් පිට. ලූණු, කෑලි මිරිස් එහෙම ඇති පදමට දාල බණ්ඩක්කා හදල තිබුණේ තෙලට. පරිප්පු එකේ කියන්න තරම් වරදක් නෑ. අපි ආසම නියම රයිස් ඇන්ඩ් ඇන්ඩ් කරි රස, මේ කෑම එකෙන් දැනුණා.

ෆ්‍රයිඩ් රයිස්

අපි ෆ්‍රයිඩ් රයිස් ජාති දෙකක් ඕඩර් කළා. එකක් චිකන්. එකක් ප්‍රෝන්ස්. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ (රු. 450) ලොකු චිකන් කෑල්ලක් එක්ක ලූණු බැදුමක් සහ ලූණු සම්බෝලයක්. චිකන් කෑල්ල කටට සැරට මිරිසට. ලීක්ස්, කැරට්, බැදපු බිත්තර කෑලි එක්ක හොඳට තෙම්පරාදු කරල තිබුණ බත් එක වැඩිපුර රහ වෙලා තිබුණේ සැරින් සැරේට හැපෙන්න එකතු කරල තිබුණ ඉඟුරු කෑලිවලින්. ඒ හින්ද සැරත් ගාණට බැලන්ස් වෙලා. ලූණු සම්බෝලෙ තක්කාලි, අමුමිරිස්, ගම්මිරිස් දාල අලුත් පිට. ලූණු බැදුමේ තිබ්බෙ පදමට බැදපු ලූණුයි කරපිංචයි. ඒකට බැදපු රටකජු ටිකකුත් එකතු වුණා නං කියල වැඩක් නෑ.

ඊළඟට ප්‍රෝන්ස් ෆ්‍රයිඩ් රයිස් එක. (රු. 550) ඉස්සො ටික ඇරුණම ඒකෙත් තිබ්බෙ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකේ තිබුණ ජාතිමයි. ඉස්සො ටිකට යහමින් මිරිස් තුනපහ කලවම් කරලා සොෆ්ට් වෙන්න හදලා තිබුණා. තුනේම රස බැලුවම මට නම් ඉස්සො ෆ්‍රයිඩ් රයිස් එක තමයි නම්බර් වන්!

අවසාන වශයෙන්

කතා දෙකක් නෑ ටිෆින් බොක්ස් එකේ කෑම රසයි. කෑම එක්ක බැදපු මිරිස් කරලක්, පපඩමක් දෙකක් දාල දෙන්න පුළුවන් නං තවත් හොඳයි..!


TIP

Place your order before 11 am.


Latest