3/5

Toddy Tavern (Kotahena)

Srimath Ramanadan Mawatha

  • Open 8 AM to 2 PM, 5 PM to 7 PM (we're guessing)


Mutwal's licensed Toddy Tavern is one of Colombo's few locations where you can grab a legal bowl of <em>ra</em> - that milky, lightly soda-flavoured coconut liquor.


කොළඹදී රා පොල්කට්ටක් රස විඳින්න තිබෙන නීත්‍යානුකූල තැන්වලින් එකක් තමයි මෝදර රා තැබෑරුම.

උතුරු කොළඹ පැත්තේ රවුම් ගසමින් සිටිද්දීයි බලයලත් රා තැබෑරුම යන හතරැස් නාමපුවරුව මගේ නෙත ගැටුණේ. අමුතුයි නේද? දෙතුන් වතාවක්ම එහි යන්න බලනවිට එය වහලා. කාන්තාවක් එහි යා යුතුද කියා දෙවරක් හිතා බලලායි අපි ඇතුලට ගියේ. ඇතුළේ පිරිලා හිටිය මිනිස්සු හැමෝම එකවරම විස්මයෙන් ඇලලී ගිහින් හැරී බැලුවා. මීයට පිම්බා වගේ නිශ්ශබ්දතාවකුත් ඇතිවුණා මොහොතකට.

ටේස් කැබලි විසුරුණ දහඩිය ගඳ හමන මෝදර රා කඩේට ගැහැනියක් ඇවිත්.

මේ තැන්වල හැසිරෙන්නේ සිලි මලුවලින් කසිප්පු බොන මිනිස්සු. බංකුවලින් නැගිට යන ඔවුහු තමන්ගේ භාජනවලට වක්කරගෙන එන රා කට දෙකොණින් පෙරි පෙරී ඇවිදිමින්ම බොනවා. ඔවුන් බිත්ති අද්දර බංකුවල මෙන්ම පිටතත් රැස්වෙනවා. කතා කරමින් බොනවා. ලොකු ලෝහමය රා බඳුන තමයි ඔවුන් එක්සත් කරන සාධකය.

කීපදෙනෙක් උනන්දු වුණා අප ආවේ කොහෙන්දැයි දැනගන්න. නුගේගොඩින්ය කියා දැනගත්තාම ඔවුන්‍ එතරම් ගණන් ගත්තේ නැහැ. මොකටද මෙහි ආවේ? කවුරුහරි අපට ටේස් මුලක් දුන්නා.  තව කෙනෙක් අප හා ඡායාරූපයක් ගන්න ඉදිරිපත් වුණා.

පොල් මල් මැදීමෙන් පෙරා ගන්නා රා හෙවත් දෙමළෙන් කල්ලු කියන සැහැල්ලු මධ්‍යසාරය විකුණන මඩු වැනි කඩ දකුණු ආසියානු කලාපයේ ඇතැම් තැන්වල  දකින්න ලැබෙනවා. කේර‍ළයේ නම් හංදියක්, හංදියක් ගානේ වගේ රා කඩ තිබෙනවා.

නැවුම්, පිරිසුදු හා සිසිල් ලෙස පිරිනැමෙන රා කියන්නේ ගත සිත පුබුදුවන රසවත් මධ්‍යසාර පානයක්. ඒත්, දාඩියෙන් නෑවුණු, රාවලින් තෙමුණු කමිසයක් ඇඳගෙන සිටින අංකල් කෙනෙකුගේ අතින් පීප්පයෙන් ගෙන ඒවා පිරිනැමෙන එකනම් ගැටලුවක්. මොදර රා තැබෑරුමේ වෙන්නේ එහෙමයි. එහි රා කියන්නේ උණුසුම්, කැකෑරුණු, දුගඳ හමන, අප්පිරියාව ඇති කරන කාඩි හැලියක්. ඒවා පිරිනමන්නේ පස්ස හෝදන්න පාවිච්චි කරන ආකාරයේ ප්ලාස්ටික් බඳුන්වල. බඳුනක් රු. 10යි. අපට ලැබුණා ලීටර දෙකේ බෝතලයක් ප්ලාස්ටික් කෝප්ප දෙකක් එක්ක. එක් උගුරයි මුවට ගත්තේ. අපට එය එපා වුණා. ඒත් ඒක දාලා ගියොත් ඔවුන් අප සමග තරහා වෙයිද කියා අපි බයවුණා. ඒ නිසා අපි එහෙම නොකර ඒ මෙගා බෝතලයත් අරගෙනම ඔවුන්ගෙන් සමු අරන් එතනින් පැනගත්තා. අන්න ඒ බෝතලය තවමත් අපේ ශීතකරණයේ තිබෙනවා. කාටහරි ඕනැනනම් කියන්න.

TIP

There are no women here. The guys are curious and quite nice, but we wouldn't recommend women going here alone, it just gets uncomfortable.

Address

Srimath Ramanadan Mawatha

Directions

From Fort, head towards Pettah and take the Sea Beach Road hugging the Port. Just keep the ocean on your left and pass St. Anthony's Church. Before the next major junction (George R. de Silva) you'll see a yellow building.

Open 8 AM to 2 PM, 5 PM to 7 PM (we're guessing)

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3


Latest