Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

2/5

Tom Yum

330, Galle Road, Colombo 04


Tom Yum has some good Thai street food. But...?



ටොම් යම් කියන්නේ කොළඹ තායි කෑම ගැන කතා කරනවානං අනිවාර්යයෙන් කියවෙන තැනක්. අපිත් මෙතන තියෙන ටොම් යම් සුප් එකට සැහෙන්න මනාපයි. කාලෙකින් මේ පැත්තෙ ගියේ නැති හින්ද පහුගියදා ඒ පැත්තට අපි ඇදුණා.

තැන

ටොම් යම් එක තියෙන්නෙ කොළඹ සාන්ත පීටර් විද්‍යාලය ඉස්සරහමයි. ඉස්සර නං මෙතන උඩ තට්ටුවකුත් තිබුණා. දැන් ඒක One Up එකට දීල. දවසේ ඕන වෙලාවක වෙස්ටර්න් බ්‍රෙක්ෆස්ට් එකක් ඕනේ නං එතෙන්ට යන්න. තායි ඕනෙනං පල්ලෙහා.

මෙතන වැඩි අලංකරණයක් නැහැ; හරි සිම්පල් විදියට තියෙන්නෙ. දිග, වැඩි පළල් නැති කාමරයක් තියෙන්නෙ. සුදුපාට මේස පුටු තියල. ඒවත් එච්චරම සැප පහසු නං නැහැ. ඒ වුණාට වැඩි අවුලක් නැතුව වාඩිවෙලා ඉන්න පුළුවන්. අපිට ලැබුණ සර්විස් එකත් නරක නැහැ. තනි වේටර් කෙනෙක් හිටපු හින්ද පොඩ්ඩක් වැඩ පරක්කු වුණා.

කෑම

සුප්, මස්, ෆ්‍රයිඩ් රයිස් ජාති වගේ ඒවා මෙනුවේ තියෙනවා. වෙනස් ඩේසට් කිහිපයකුත් තියෙනවා. හැබැයි බඩු ටිකක් ගණන් ගිහිල්ල. එක්කෙනෙකුට හරියන්න ගන්නවනං 1000ක් විතර යනවා. කොහොම වුණත් නියම තායි කෑම තමයි ලැබෙන්නෙ. උයන ස්ටාෆ් එක ඔක්කොම තායි ඈයෝ නේ.

අපි ගත්තා චිකන් ෆ්‍රයිඩ් රයිස් (රු.700), ස්ටිකී රයිස් (රු.350). ඒකට හරියන්න තායි සෝස් සමග ග්‍රිල්ඩ් බීෆ් (රු.850) සහ ගාලික් චිකන් (රු.750). මෙතන අමුතු සීන් එකකට තියෙන්නෙ බත් එන්නෙ එක්කෙනෙකුට ගානට ඇතිවෙන්න. ඒ වුණාට ව්‍යංජන එනවා දෙන්නෙකුට වඩා ඇතිවෙන්න.

ෆ්‍රයිඩ් රයිස් එකේ අවුලක් නෑ. ගාණට තැම්බිලා, පොඩි පොඩි චිකන් කෑලි එක්ක රසට ආවා. කර කර ගාල හැපෙනවා. කලින් කිව්වා වගේ එකම අවුල ප්‍රමාණය පොඩි එකයි.

ස්ටිකි රයිස් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්ටිකි. චෝප්ස්ටික්වලට හරියන ගානටම ඇලෙන ගතියට තිබුණා. හැබැයි ඉතින් අපිට චෝප්ස්ටික් හම්බවුණේ නැහැ. මේක ආපු පොඩි පන් කොළවලින් වියලා හදපු භාජනේ නං ෆුල් සිරා.

ගාලික් චිකන් එක පිටින් කරකර ගාල හැපෙනවා, ඒත් ඇතුළේ මස හරි මෙළෙක්. තෙලේ බැදලා තිබුණට, තෙල් බේරෙන්නේ නැහැ. ඒ වුණාට එච්චර රසක් මේකෙන් ආවෙත් නැහැ. රස හුඟක් ආවේ මේක දවටන්න ආපු මිරිස් සහ විනාකිරි සෝස් එකෙන්.

ග්‍රිල්ඩ් බීෆ් එකත් හරි හයියයි. රබර් කෑල්ලක් හපනවා වගේ. ආයිත් මේකේ සිරාම කෑල්ල තමයි සෝස් ඒක. මේක මිරිස් සහ දෙහි සෝස් එකක්. දෙහි ගෝනියක් විතර දාලද මන්ද, පුදුම ඇඹුලක් තිබුණේ. ඒ වුණාට එකේ ගතියක් තියෙනවා.

අපි ස්පයිසි බීෆ් සුප් එකකුත් ගත්ත (රු.950). මේක සුප් එකක් කිව්වට බීෆ් මිරිස් හොද්දක් වගේ. සුප් එකනං රහයි. හැබැයි මිරිස් ලෝකයයි. බීෆ් කෑලි හුඟක් තිබුණට ඒවා හොඳ මස් කෑලි නෙමෙයි.

ඩේසට් එකට ගත්තු පොල් අයිස් ක්‍රීම් එක (රු.500) නං කාපු ගමන් හිතට මතක් කරන්නෙ සමපෝෂ රසක්. අමු පොල් රසට කැමති නං මේක ඔයාලට අල්ලලා යයි.

තායි කිරි තේ එකනං නරකම නැහැ. ඒ වුණාට රු 500ට මේක පාඩුයි. මොකද රසින් ලංකා කිරි තේ තරං සාන්ද්‍ර රසක් මේකේ නැති නිසත්, මිට වඩා රස තායි කිරි තේ කොළඹ ගන්න පුළුවන් හින්දත්.

අවසානයට

ආණ්ඩුවට ගෙවන බදු ටිකත් එකතු කළාට පස්සෙ බීල රු.5000 කට කිට්ටු වුණා. ඉතින් තායි රස ගන්න සාක්කුව ටිකක් හිස් කරලා දාන්න වෙනවා. ටොම් යම් චාටර් නැතිවුණාට ඒ ගාණට මීට වඩා හොඳට කන්න පුළුවන් තායි රෙස්ටෝරන්ට් තියෙනවා කියල මතක් කරන්න ඕනේ.


TIP

The portions are small.

Address

330, Galle Road, Colombo 04

Directions

Coming down Galle Rd past 7 Stories, Tom Yum is right Opposite St.Peter's College.

Contacts

Report Inaccuracy

This place has closed down

Cuisine

Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
S
1

4/5

0

Sanjeewa Dasanayaka

Good Thai. Tried the crab salad which was excellent. The Red curry was delicious but a little too spicy ( I can handle Spice but this was burning ). Like the relaxed environment. Remember to finish off with the Mango and sticky rice.

Avatar for VipulaSD
1

5/5

0

VipulaSD

this place is having super awesome Tom Yum…

N
1

5/5

0

Nazar

That Tom Yum Soup… Ahhhhh… so yummy. best ever! Tried their Pineapple rice which was very nice as well. highly recommend…

S
1

4/5

0

Sanjeewa Dasanayaka

Good Thai. Tried the crab salad which was excellent. The Red curry was delicious but a little too spicy ( I can handle Spice but this was burning ). Like the relaxed environment. Remember to finish off with the Mango and sticky rice.

Avatar for VipulaSD
1

5/5

0

VipulaSD

this place is having super awesome Tom Yum…

N
1

5/5

0

Nazar

That Tom Yum Soup… Ahhhhh… so yummy. best ever! Tried their Pineapple rice which was very nice as well. highly recommend…

N
4

4/5

0

neshane

Just love their tom yum soup

See 55 Comments