2/5

Tom Yum

330, Galle Road, Colombo 04


Tom Yum has some good Thai street food. But...?


වෙන නැත්නම් හොඳේ…

ඇයි අප්ප, බඩ ගින්නට කන්න කියල ගියා… මෙන්න එනව හුණ්ඩුවක් වගේ කෑම එකක්. යකා නගින්නැද්ද කියන්නකො, ඈ…

සිද්ධිය වුනේ මේකයි.

ඔන්න පහුගිය සෙනසුරාදා යාළුවෙක්ගෙ වැඩකට දවසම මැරිලා මැරිලා, හැන්දෑවෙ ගියා බම්බ පැත්තට බඩට මොනව හරි දාගන්න කියල. ඇත්තටම එදා දෙන්නගෙම අතමිට හොඳට සරුයි. ඒ නිසා, කතාවෙලා ඇල්ලුව ගෝල් රෝඩ් පැත්තට. ඔය පොස් කඩ තියෙන්නෙ ඒ පැත්තෙනෙ. කොහොම හරි ගෝල් රෝඩ් එකට ගොඩ බැස්සට පස්සෙ තමයි අපිට මීටර් වුනේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් කඩවල නම් දන්නෙ නෑ කියල. පස්සෙ ඉතින් බඩගින්න පැත්තකින් තියල සැවෝයි හංදියෙ අයිනක ඉඳන් අන්තර්ජාලය පී...රුව. ඒ පීරද්දි තමයි අත ලඟම තිබ්බ, තායි රෙස්ට් එකක් සෙට් වුනේ!

“සැහ්! පුදනකොටම කාපි, බඩා… කියල මේ තියෙන්නෙ මචං අත ලඟම. මේං බලාං, නම ‘ටොම් යම්’. සාම්ප්‍රදායික තායි කෑම බොල” යාළුව එක පේළියට කියාගෙන ගියේ සන්තෝසෙට වෙන්න ඕන. කියපු ගමන් ඉතින් මාත් ඔළුව උස්සල බැලුව මැප් එකේ පෙන්නපු පැත්ත.

“තියෙනෝ නේන්නම් බං. ආං…

හූවයි බල්ටියයි”

ඊට පස්සෙ ඉතින් දෙන්න අඩියට දෙකට දෙන්නම කඩේ ලඟ.

“මාර ටයිමිං ආ… කඩේ දැනුයි ඇරල තියෙන්නෙ රෑ කෑමට. යමු යමු ෆ්‍රෙෂ් එකේ කන්න පුලුවන්” ගමනෙ ඉස්සරහින් ගියපු මම, යාළුවටත් කියාගෙනම ඇතුලට ගියා. ගිහින් ඉස්සරහින්ම වගේ තිබ්බ මේසෙක වාඩි වුනේ සනිකව කෑම ටික ගෙන්න ගන්න කියල.

එහෙමයි කියල අවුලක් වුනෙත් නෑ. වේටර් මල්ලි ආවා, මෙනුව අපිට දීලා මේසෙත් හදල දුන්නා. පිඟන් කොප්ප, හැඳි ගෑරුප්පු වගේම වතුර අඩු පාඩුවත් පුරවලා ඕඩරෙත් අරගෙන එයා ගියා…

ආ… කියන්න බැරි වුනානෙ, අපි ඕඩර් කලේ තායි ෆ්‍රයිඩ් රයිස් එකකුයි (රු. 750), ෆ්‍රයිඩ් මික්ස් වෙජි විත් ඔයිස්ටර් සෝස් එකකුයි (රු. 650), පඩ්තායි ප්‍රෝන්ස් එකකුයි (රු. 850). බොන්න ලයිම් ජූස් එකයි (රු. 500), කොමඩු ජූස් එකයි (රු. 400). ඔන්න විනාඩි 10ක් විතර යද්දි ඕඩරෙත් මේසෙට ආවා. ඒක දැක්ක විතරයි...

දෙන්නට දෙන්න මූණට මූණ බලාගෙන.

“මේ මොකක්ද බං මේ කුණුහරුපෙ. බලාංකො පූසෙක්ට කන්නත් මදිනෙ. චැහ්! පොස් එකේ කන්න ගිහින් වැඩේ අල වුන සීන් එකක් තියෙන්නෙ…”

“පොස්? මොන පොස්ද බං. තායි හිඟන්නොද කොහෙද මේක කරන්නෙ. බොලේ, පාරෙ කඩල විකුණන උනුත් ජෙනුයිනෙ මීට වඩා…”

අසූහාරදාහට නැගල තියෙද්දි කරන්නම දෙයක් නැති කමට දෙන්න කෑම පිඟන් දෙක ලං කරගත්ත. ලං කරගෙන ෆ්‍රයිඩ් වෙජිත් බාගෙන බාගෙ බෙදාගෙන කන්නයි කියල ගත්තෙ…

“තුක් නොදෝකින් ෆ්‍රයිඩ් රයිස්”. කුකාගෙ බෙල්ල මිරිකන්න හිතෙනව ඒක කද්දි. අමු බොරුව යාළු! පොල්කටු හැන්දක විතර බත් ටිකකට දශම ගාණට ලියපු කැරට්, ලීක්ස්, ලූණු කෑලි ටිකකුයි තම්බපු චිකන් කෑලි ටිකකුයි විතරයි. ඒකත්, චිකන් කෑල්ලක් දතකට අහුවෙන්න එක කටක් හපන්න ඕන සිය පාරක් විතර. ඇයි ඉතින් සියළු දෑ මයික්‍රෝ නෙ. ඒ මදිවට ලැජ්ජ නැතුව තව පිපිඤ්ඤා පෙති 3කුයි ලූණු ගහකුයි තියල රයිස් එක හැඩ වෙන්න.

ලූණු ගහ රෝ@#$%^ &*(…

ඊටත් ෆ්‍රයිඩ් වෙජි එක? අමු අපරාධයක් ඒක නම්. ඇයි අප්පේ… බෝංචි කෑලි 7, 8ක් ගෝවා, කැරට් පෙතිත් ඒ වගේ ගාණක් මල් ගෝවත් 4, 5ක් වගේ දාලා ඔයිස්ටර් සෝස් තොගේක. එකම දේකට කියල තිබ්බෙ උණුවෙන් මේසෙට ආපු එක තමයි.

“බලාංකො ඉතින්, නේ. මෙච්චර එළවළු හැදෙන රටේ මුං මේවා අපේ වුන්ටම විකුණන හැටි!”

කිව්වට විශ්වාස කරන්න යාළු, කන්න පුලුවන් කමකට කියල තිබ්බෙ පඩ් තායි ඉස්සො එක විතරයි. හැබැයි ඒකත් තනිකරම සෝස්. අර ඉස්සෙ 5, 6ක් ඉඳපු නිසා හොඳයි. ඊටත් ඒ නූඩ්ල්ඩ් එකේ කන්න පුලුවන් යම් රසක් තිබ්බ, ඒකයි. හැබැයි ඉතින් ඒකටත් දාලා නම් තිබ්බෙ ලූණු කොළයි, ලූණු ගසුයි, දෙහි බෑයයි, කෑලි මිරිස් මේස හැන්දයි… අනේ මන්දා ඉතින්!

කොහොම හරි ඉතින් එහෙම කාලා දෙහි එක ගත්ත බොන්න කියල. ඒකෙ අම්බානක සීනි. දෙයියනේ කියල කොමඩු එක විතරයි ගාණට තිබ්බෙ. සුවර් එකට ඒක වෙන කෙනෙක් හදල වෙන්න ඇති. කුකා නම් වෙන්න බෑ.

ඔය අතරෙ තමයි වේටර් මල්ලි එතනින් ගියේ.

වෙලාවෙ හැටියට අපි දෙන්නට ඒකාවත් මරාගෙන කන්න හිතිල තිබ්බෙ.

“මේ මල්ලි, සොරි! කැන් වී ගෙට් අවර් බිල්”

ඒ කියල විනාඩියයි බිලත් මේසෙ උඩ. ඒක ගෙවල අපි දෙන්න නැගිට්ටා…

“ඒ…?”

“ඇයි මොකෝ”

“එක්කො අර කුස්සියෙ ඉන්න හෝතඹුවගෙ මූණ සමතලා කරල එන්නද? කරන ගුබ්බෑයමක් ගිහින් තායිලන්තෙ කරගන්න කියල. මට පට්ට මලක් බං තියෙන්නෙ”

“බොට විතරක් නෙවේ, මටත් මල. ඒත් අපිට අදාළ නෑනෙ බං. යමං යන්න”

වටින් ගොඩින් යාළුවවත් සේප් කරගෙන එළියට බැස්සෙ… ආයෙ නම් මේ හතර මායිමේ පස් පාගන්නෑ කියල, ඕං…!


TIP

The portions are small.

Address

330, Galle Road, Colombo 04

Directions

Coming down Galle Rd past 7 Stories, Tom Yum is right Opposite St.Peter's College.

Contacts

This place has closed down

Cuisine

Thai

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
2
Service Rating
3
Ambience Rating
3


Latest